දෑ කුල ගොත් නොතකන රන් හදවත් සවිය

වීඩියෝ ශීර්ෂ වැකිය, 'ශ්‍රී ලාංකිකයන්ගේ රත්තරන් හදවත් මෙච්චර දුරට රත්තරන් කියලා හිතුවේ නැහැ'

ශ්‍රී ලංකාවේ පිළිකා රෝගයෙන් පීඩා විඳින්නන් ලක්ෂයක් පමණ සිටින බව පැවසෙන අතර ඔවුන් සඳහා ප්‍රතිකාර ලබාදෙන්නේ මහරගම පිහිටි 'අපේක්ෂා' රෝහලයි.

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේ දී අත්‍යවශ්‍ය උපකරණයක්ව පවතින පෙට් ස්කෑනර් යන්ත්‍රයක් නොමැතිකමින් අසරණ වන රෝගීන්ට එම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා පෞද්ගලික සෞඛ්‍ය සේවාවන්ට රුපියල් ලක්ෂ ගණනින් ගෙවීමට සිදුවී තිබේ.

කෙසේවුවද පිළිකා රෝගයට ගොදුරු වූ එක් තරුණයෙකුගේ පියකු විසින් ඇරඹු සද්කාර්යයක් ඔස්සේ ලොවපුරා වෙසෙන මෘදු හදවත් ඇති පිරිසකගේ දායකත්වයෙන් මහරගම 'අපේක්ෂා' රෝහලට පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිල දී ගැනීමේ හැකියාව දැන් ලැබී තිබේ.

පිළිකාවක් වැළඳුණු සිය පුතු වෙනුවෙන් පිළිකා රෝහලට ස්කෑනර් යන්ත්‍රයක් ලබා දීමට අරමුදලක් පිහිටවීමට මූලිකත්වය ගත් එම් එස් එච් මොහමඩ්, බීබීසීයේ තිසර රතුවිතාන සමඟ පැවසූ ඒ අනුවේදනීය කතාවට ඉහත වීඩියෝ පටයෙන් සවන්දෙන්න.