ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වෛද්‍ය වර්ජනය: 'තැලෙන්නේ අපි තමයි'
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කරන ලද වැඩවර්ජනය හේතුවෙන් රට පුරා රෝහල් ගණනාවක බාහිර රෝගී අංශ සහ සායනික කටයුතු කෙරෙහි බලපෑම් එල්ල වී තිබූ බව වාර්තාකරුවෝ පවසති.
වෛද්‍ය වැඩවර්ජනයක් දියත් කෙරෙන බව මාධ්‍ය ඔස්සේ දැන ගැනීමට ලැබුනත් සායන පැවැත්වෙතැයි විශ්වාසයෙන් දුර පළාත්වල සිට මහනුවර ශික්ෂණ රෝහල වෙත රෝගීන් පැමිණ සිටි බව ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න සංදේශයට වාර්තා කළේය.
'අපි උදේ ඉදන් ඇවිත් බඩගින්නේ ඉන්නේ'
'උදේ පාන්දර තුනට ආවේ. කකුල අමාරුයි, බෙහෙතුත් නෑ. අපි තමයි තැලෙන්නේ'
වැඩවර්ජනය හේතුවෙන් රෝගීන් අපහසුතාවට පත් වීම අවම කිරීමට හැකි තාක් උත්සාහ කළ බවයි මහනුවර ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන පැවසීය.
හලාවත රෝහලේ වකුගඩු සායනයට දුර බැහැර සිට පැමිණි රෝගීන්ද වර්ජනය හේතුවෙන් අපහසුතාවට ලක් වී සිටි බවයි ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න කියා සිටියේ.
මේ අතර රත්නපුර මහ රෝහල ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ මූලික, දිසා, පර්යන්ත, ග්‍රාමීය සහ වතු රෝහල් තිස් හයක සහ මධ්‍යම බෙහෙත් ශාලා දෙකක රෝගීන් පරීක්ෂා කිරීම් හෝ සාමාන්‍ය ප්‍රතිකාර සේවා සහ සායන ප්‍රතිකාර සිදු නොවූ බවයි අජිත්ලාල් ශාන්තඋදය සංදේශයට වාර්තා කළේ.
අහයපත් කාලගුණය හේතුවෙන් ආපදා තත්වයක් පවතින රත්නපුර දිස්ත්‍රික්කයට වෛද්‍ය වර්ජනය තදින් බල නොපෑව ද රෝහල් සේවාවලට යම් බලපෑමක් සිදු වූ බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසීය.