ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දුප්පත්කම වැඩි වෙන්න දුම්වැටියත් හේතුවෙක් - ජනපති
'දුප්පත්කම වැඩි වෙන්නත් දුප්පතාගේ සෞඛ්‍ය පිරිහෙන්නත්' මත්පැන් සහ දුම්වැටි භාවිතය ප්‍රධාන සාධකයක් වී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
මද්‍යසාර සහ දුම්වැටි භාවිතාවට එරෙහිව දැනුවත් කිරීම් සිදු කළත් මත්පැන් සහ දුම්කොළ සමාගම් සිය ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කර ගනු වස් සමාජය නොමඟ යවන සුළු ප්‍රචාර සිදු කරන බව ජනාධිපතිවරයා කියා සිටියේ කොළඹ පැවති දුම්වැටි විරෝධී සමුළුව අමතමින්.
දුම්වැටි දවටනවල ඇති අනතුරු හැඟවීමේ අවවාදයට අමතරව එම දවටනවල ඇති ලාංඡන සහ ආවේණික වර්ණ ඉවත් කිරීම සඳහා ද පියවර ගන්නා බව එම අවස්ථාවට එක් වී සිටි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේය.