ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජයලලිතා හය වන වරටත් තමිල්නාඩු මහ ඇමති ධුරයට
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ජය ලැබූ ජයරාම් ජයලලිතා හය වන වරට ප්‍රාන්ත මහ ඇමතිවරිය වශයෙන් දිවුරුම් දී තිබේ.
චෙන්නායි නුවර පැවති දිවුරුම් දීමේ උත්සවයට පැමිණි ඇය පිළිගැනීම සඳහා පාක්ෂිකයන් දහස් ගණනක් මග දෙපස පෙළ ගැසී සිටියහ.
තමිල්නාඩු ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් පත් කර ගැනීම සඳහා පසුගිය සතියේ පැවති මැතිවරණයෙන් පහසු ජයක් ලැබීමට ඇයගේ 'AIADMK' පක්ෂය සමත් විය.
'DMK' පක්ෂයේ නායක අනූ තුන් හැවිරිදි මුතුවේල් කරුණානිදි ඇයගේ ප්‍රතිවාදියා ලෙස මැතිවරණයට ඉදිරිපත් වී සිටියේය.
වසර තිහක් පුරා හිටපු සිනමා නිළි ජයරාම් ජයලලිතා දකුණු ඉන්දීය දේශපාලනයේ මුල් පෙළ කටයුතු කරමින් සිටියි.