ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මහැදුරු හල්පේ දැයෙන් සමු ගනී
ශ්‍රී ලංකාවේ විද්වත් සමාජයට ආභරණයක් වැනි වූ මහාචාර්ය ඈෂ්ලි හල්පේ දිවියෙන් සමු ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සමාජය බලවත් සංවේගයට පත්ව සිටියි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා අංශයේ මහාචාරයවරයා හැටියට දීර්ඝ කාලයක් කටයුතු කළ මහාචාර්ය ඈෂ්ලි හල්පේ ඉංග්‍රීසි පමණක් නොව සිංහල සාහිත්‍යය සහ නාට්‍ය හා රංග කලාව පිළිබඳවත් සිය විද්වත් ජීවිතය කැප කළ ප්රාඥයකු වෙයි.
කලක් පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨාධිපති පදවියේ කටයුතු කළ මහාචාර්ය හල්පේ එම සරසවියේ ශාස්ත්‍ර ගවේෂකයන් අතර මහත් ආදර ගෞරවයට පාත්‍ර වූ සිසුන් දහස් ගණනක ගේ ඇස පෑදු ආචාර්යවරයකු ද වෙයි.
ඉංග්‍රීසි භාෂාවෙන් කාව්‍ය රචනයේ නිරත වූ හාචාර්ය ඈෂ්ලි හල්පේ, මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු ශ්‍රී ලංකාවේ මහා ලේඛකයන්ගේ නිර්මාණ ඉංග්‍රීසි කියවන්නන්ට හඳුන්වා දුන් කෘතහස්ත පරිවර්තකයකු ද වෙයි.
ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශ විශ්ව විද්‍යාල රාශියක් ද මෙම විද්වතාගේ ශාස්ත්‍රීය සේවය ලබා ගත් අතර ඔහුගේ විශේෂත්වය වන්නේ භාෂා සාහිත්‍යය නාට්‍ය රංග කලාව පමණක් නොව සමාජ විද්‍යා අංශයේ විදහා දක්වන ලද මහා දැනුම් සම්භාරයයි.
මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ගේ සීගිරි ගී එකතුව ඉංග්‍රීසි කියවන්නන් අතරට ගෙන යාම මහාචාර්ය ඈෂ්ලි හල්පේ විසින් ලෝක සාහිත්‍යට සපයන ලද මහා දායාදයක් වෙයි.
චන්දන කීර්තිබණ්ඩාර විසින් බීබීසී සංදේශය සඳහා සම්පාදනය කරන ලද 'පොතකින් පිටුවක්' විශේෂාංගයට එක් වෙමින් මහාචාර්ය ඈෂ්ලි හල්පේ සාහිත්‍යය රසාස්වාදනයේ නිරත වූ ආකාරය මෙම පිටුවෙන් සවන් දෙන්න.