ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මාධ්‍යවේදීන්ගෙනුත් මැයි දින රැළියක්
ජනමාධ්‍යවේදීන්ගේ නිදහස තහවුරු කොට වෘත්තීය අයිතීන් සුරක්ෂිත කරන ලෙස ඉල්ලා මාධ්‍යවේදීහු ජාත්‍යන්තර කම්කරු දිනය සමරති.
දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය, මාතර ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානය ඇතුළු සංවිධාන කීපයක ප්‍රධානත්වයෙන් රැළිය පැවැත්වුණේ ගාල්ල නගරයේදී.
'මාධ්‍යවේදීන්ගේ ජාතික මැයි දින සැමරුම' ලෙසින් නම් කොට තිබූ රැළියෙන් අනතුරුව ගාල්ල නගර ශ්රවණාගාරයට එක් රැස් වූ පිරිස අමතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු අදහස් දැක්වූහ.
වර්තමානය තුළ ජනමාධ්‍යවේදීන් හමුවේ විසඳා ගත යුතු ප්‍රශ්න දෙකක් ඇති බවයි ඊට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය රංග කලන්සූරිය කියා සිටියේ.
'එකක් තමයි නියාමනය, අනෙක තමයි වෘත්තීයභාවය. අපි ඒ ප්‍රශ්න පළමුව විසඳගෙන ඉමු' ඔහු සඳහන් කළේය.
වැඩ කරන ජනතාවට මාධ්යවෙදීන්ද ඇතුළත් වන බව පැවැසූ ආචාර්ය රංග කලන්සූරිය වෘත්තියක් වශයෙන් ක්ෂේත්රය තුළ පවතින ගැටළු විවෘතව සාකච්ඡා කිරීමට වේදිකාවක් සකස් වී නැති බවයි පෙන්වා දෙන්නේ.
'ආණ්ඩුව පැත්තෙන් සකස් වෙලත් නැහැ, ක්ෂේත්රය පැත්තෙන් සකස් වෙලත් නැහැ.'
වත්මන් ආණ්ඩුවද මේ වන විට මාධ්‍යවේදීන් නොසලකා හැර ඇති බවයි මාතර ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානයේ ලේකම් අරුණ බෝදිමාන්න එහිදී ප්‍රකාශ කළේ.