ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ 'කැපිල්ලකින්' පසු ආසියානු ශූරිය වූ ෂෙනුකි දිශාල්‍යා බීබීසීයට කතා කරයි
ජිම්නාස්ටික් සහ ඩයිවින් ක්‍රීඩාවන්ගෙන් රන් පදක්කම් දිනා ඇති ෂෙනුකි දිශාල්‍යා 2021 තුර්කියේ පැවති ආසියානු සවි එසවීමේ තරඟාවලියේදී 47Kg බරපන්තියෙන් රන් පදක්කම් හතරක් දිනා ගත්තාය.
''මට ඕනා වුණේ ගැහැණුන්ට සහ පිරිමින්ට කියලා වෙනම ක්‍රීඩා නෑ කියලා ඔප්පු කරන්න.'' යනුවෙන් බීබීසීය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කළ ඇය ක්‍රීඩාව එපා වූ සිදුවීම ද කියා සිටියාය.
''වරක් මම ඩයිවින් වලින් රන් පදක්කම දිනුවා. නමුත් රන් පදක්කම බෙල්ලේ දාගන්න යන්න බලා ඉන්නකොට මගේ නම කියවුණේ නෑ. ඒ නිසා මට ඒ ක්‍රීඩාව එපා වෙලා ඩයිවින් වලට සමු දුන්නා. ඊට පස්සේ තමයි කෝච් රන්සිළු ජයතිලක යටතේ සවි එසවීම පටන් ගත්තේ.'' යනුවෙන් ෂෙනුකි දිශාල්‍යා පැවසුවාය.
නිෂ්පාදනය / කැමරාකරණය / සංස්කරණය
ෂර්ලි උපුල් කුමාර
කියවන්න;