චැම්පියන්ස් කුසලානය : ශ්‍රී ලංකාව ඉවතට

කාඩිෆ්හිදී පැවති තරගයේදී කඩුලු 3න් පාකිස්ථානය ජය ලැබීය.

ඡායාරූප මූලාශ්‍රය, PA

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (ජුනි 12) ලැබූ පරාජයත් සමග චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් ඉවතට ඇද වැටිණි.

කාඩිෆ්හිදී පැවති තරගයේදී කඩුලු 3න් පාකිස්ථානය ජය ලැබීය.

මේ අනුව ශ්‍රී ලංකාව හැරුණුවිට තරගාවලියට එක්වූ අනෙක් සියලු ආසියානු කණ්ඩායම් දෙවෙනි වටයට සුදුසුකම් ලැබුහ.

අද තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දුවට පහර දීමේ වාරය ශ්‍රී ලංකාවට පිරිනැමීය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා දැවී රස්කළේ ලකුණු 236ක් පමණි.

ලකුණු 6 ට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4 ක් දැවී යාම විශේෂත්වයකි.