චැම්පියන්ස් කුසලානය: මාලිංග "සියට සීයක් සූදානම්"

වීඩියෝ ශීර්ෂ වැකිය, චැම්පියන්ස් කුසලානය: මාලිංග "සියට සීයක් සූදානම්"

චැම්පියන්ස් කුසලානය සඳහා සූදානම් බව පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ක්‍රිකට් ආයතනය වෙත ලිඛිතව දන්වා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පවසයි.

ජුනි මාසයේ එංගලන්තයේ දී ආරම්භවීමට නියමිත චැම්පියන්ස් කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (අප්‍රේල් 24) කොළඹ ක්‍රිකට් ආයතනයේ දී ප්‍රකාශයට පත් කෙරිණි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය කියා සිටියේ තමන් "සියයට සියයක් යහපත් ශරීර යෝග්‍යතාවෙන්" පසුවන බව ලසිත් මාලිංග ක්‍රිකට් ආයතනය වෙත ලිඛිතව දන්වා ඇති බවය.

2015 වසරේ නොවැම්බර් සිට ලසිත් මාලිංග එක්දින ජාත්‍යන්තර තරග සඳහා සහභාගී වී නොමැති අතර අවස්ථා කීපයකදීම ඔහු ආබාධවලට ලක් විය.

line
line

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ශරීර යෝග්‍යතාව පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගියදා පළ කළ අදහස් සම්බන්ධයෙන් ද තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය එහිදී ප්‍රතිචාර පළ කළේය.

චැම්පියන්ස් කුසලාන ශ්‍රී ලංකා සංචිතය

  • ඇන්ජලෝ මැතිව්ස් (නායක)
  • උපුල් තරංග (උප නායක)
  • නිරෝෂන් දික්වැල්ල
  • කුසල් ජනිත් පෙරේරා
  • කුසල් මෙන්ඩිස්
  • චාමර කපුගෙදර
  • අසේල ගුණරත්න
  • දිනේෂ් චන්දිමාල්
  • ලසිත් මාලිංග
  • සුරංග ලක්මාල්
  • නුවන් ප්‍රදීප්
  • නුවන් කුලසේකර
  • තිසර පෙරේරා
  • ලක්‍ෂාන් සඳකැන්
  • සීකුගේ ප්‍රසන්න

අතිරේක ක්‍රීඩකයන්: ඩිල්රුවන් පෙරේරා සහ ධනුෂ්ක ගුණතිලක