ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සංගක්කාරගේ අදහසට ගුරුසිංහගේ ප්‍රතිචාරය
ශ්‍රී ලංකා සීමිත ඕවර තරග සඳහා 2015 ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසු ක්‍රීඩකයන් 44 දෙනෙකු යොදාගෙන තිබීම කණ්ඩායමට "ලොකු බලපෑමක්" බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නව කළමනාකරු අසංක ගුරුසිංහ පවසයි.
ශ්‍රී ලංකාවේ එක් දින හා ටෙස්ට් ක්‍රීඩා කරන සංචිතය ක්‍රීඩකයන් 20 දෙනකුට පමණ සීමා කරගැනීමට බලාපොරොත්තු වන බව පවසන අසංක ගුරුසිංහ, ඒ පිළිබඳව තේරීම් කමිටුව සමග සාකච්ඡා කළ බවත් සඳහන් කළේය.
එසේ නොමැතිව කණ්ඩායමක් ගොඩනැගීම අපහසු බව පවසන කණ්ඩායමේ නව කළමනාකාරවරයා, ලෝකයේ හොඳම කණ්ඩායම් නිරතුරුව සිය කණ්ඩායමේ සංයුතිය වෙනස් නොකරන බව පෙන්වාදුන්නේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ද ඊයේ කොළඹදී පැවති වැඩසටහනකදී මෙලෙස ක්‍රීඩකයන් 44 දෙනුකු ක්‍රීඩාකර තිබීම පිළිබඳව සිය අප්‍රසාදය පළකළේය.
මේ තත්වය නිසා ක්‍රීඩකයන් ස්ථාවරව ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවන බව බව කුමාර් සංගක්කාර පැවසීය.