අයාලේ යන සුනඛයන්ගේ හිමිකරුවන්ට 'ඉහල දඩුවම්'

ඡායාරූප මූලාශ්‍රය, Manish Shandilya
අයාලේ යන සුනඛ හිමිකරුවන්ට දැඩි දඬුවම් පැනවිය හැකි ආකාරයෙන් සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය පළ කර තිබේ.
ඒ අනුව නව සංශෝධනය මගින් අයාලේ යන සුනඛයන්ගේ හිමිකරුවන්ට නියම කළ හැකි දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩිකරමින් හා ලබා දිය හැකි සිරදඬුවම වසර දෙක දක්වා ඉහල දැමීමට නියමිතය.
අයාලේ යන සුනඛයන් හේතුවෙන් පොදු මහජනතාවට මුහුණදීමට සිදුව ඇති විවිධ දුෂ්කරතාවන් සලකා බලා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයක සඳහන්වේ.
සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සහ ජලභීතිකා ආඥාපනත පරිච්ඡින්න කර අදාළ සියලු ගැටළු විසඳිය හැකි නව පනතක් කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇතත්, එය තවමත් අවසන් වී නොමැති බැවින් මේ පියවර ගත් බව එහි වැඩිදුරටත් දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, Manish Shandilya




