ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ට්විටර් භාවිත කරන්නන් අතර හමුවක්
ශ්‍රී ලංකාවේ ට්විටර් සමාජ ජාලය භාවිතා කරන්නන් එක්ව සංවිධානය කළ හමුවක් පසුගියදා කොළඹදී පැවැත්විණි.
දිවයිනේ ප්‍රදේශ රැසක වෙසෙන, ට්විටර් ගිණුම් භාවිත කරන 400කට ආසන්න පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.
අන්තර්ජාලය හරහා ට්විටර් ජාලය ඔස්සේ නිරන්තරයෙන් මුණගැසෙන පිරිස්වලට මුහුණට මුහුණ හමුවීම සඳහා අවස්ථාවක් ලබාදීම මේ හමුවේ අරමුණයි.
හමුව සංවිධානය කිරීමට පුරෝගාමීව කටයුතු කළ උදාර ධර්මසේන බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින්, මේ වනවිට ශ්‍රී ලංකාවේ මිලියනයකට ආසන්න පිරිසක් ට්විටර් ගිණුම් භාවිතා කරන බව පැවසීය.
එයින් දෙලක්ෂයකට ආසන්න පිරිසක් දිනපතා ට්විටර් ජාලය හා සම්බන්ධ වන බවද ඔහු පැවසීය.
දේශපාලකයන්, තමන් කැමති ක්ෂේත්‍රයක ප්‍රවීනයන්, තමන් ආදරය කරන නළු නිළියන්, ක්‍රීඩකයන් වැනි බොහෝ දෙනා සමග ගණුදෙනු කිරීමට ට්විටර් සමාජ ජාලය හරහා හැකි වී තිබෙන බවත් උදාර ධර්මසේන වැඩිදුරටත් පැවසීය.