එංගලන්ත ක්‍රිකට් නායකයා බංග්ලාදේශ සංචාරයෙන් ඉවත් වේ

England one-day captain Eoin Morgan

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එංගලන්ත එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ඔයින් මෝගන්

බංග්ලාදේශයේ ආරක්ෂක වාතාවරණය පිළිබඳව පවතින බිය සැක හේතුවෙන් එංගලන්ත එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ඔයින් මෝගන් සහ පිතිකරු ඇලෙක්ස් හේල්ස් බංග්ලාදේශ සංචාරයෙන් ඉවත් වී තිබේ.

පසුගිය ජුලි මාසයේදී ඉස්ලාමීය කැරලිකරුවන් විසින් ඩකා අගනුවර ආපන ශාලාවකට එල්ල කරන ලද ප්‍රහාරයට ගොදුරු වී විසි දෙනකු මරුමුවට පත් වූ අතර ඉන් වැඩි දෙනෙක් විදේශිකයෝ වෙති.

ප්‍රහාරයට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද සැඟ වී දිවි බේරා ගැනීමට සමත් වූහ.

England batsmen Alex Hales

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇලෙක්ස් හේල්ස්

නායක ඔයින් මෝගන් සහ පිතිකරු ඇලෙක්ස් හේල්ස් බංගලාදේශ සංචාරයට සහභාගි නොවීම සම්බන්ධයෙන් කළමනාකරණය කනගාටුවට පත් වන නමුත් ඔවුන්ගේ තීරණයට ගරු කරන බවයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂක ඇන්ඩෲ ස්ට්‍රෝස් පවසන්නේ.

බංග්ලාදේශ සංචාරය සඳහා පවතින ආරක්ෂක විධිවිධාන පිළිබඳව ක්‍රීඩකයන් සමග විවෘතව කරුණු සාකච්ඡා කළ බවත් තවත් ක්‍රීඩකයන් සංචාරයෙන් ඉවත් නොවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.