ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ක්රිකට් දිරිගන්වන්නා පර්සිට අසූවයි
ශ්රී ලංකාවේ ක්රිකට් ක්රීඩකයන් මෙන්ම ක්රිකට් ලෝලීන් අතර ජනප්රිය නමක් පර්සි අබේසේකර.
ක්රීඩා දිරිගන්වන්නකු ලෙස පිටිය වටා දිව ගිය පර්සි අබේසේකර අද (30) අසූ වැනි වියට පා තබයි.
කොපමණ වයස් ගත වුවත් රට වෙනුවෙන් ශ්රී ලංකා ක්රීඩකයන් දිරි ගැන්වීමේ නිරත වන බව පර්සි අබේසේකර කියා සිටියේ පල්ලෙකැලේ ක්රීඩාංගණයේදී බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමිනි.
'මම කොච්චර වයසට ගියත්, අවසානය දක්වා ලංකාව වෙනුවෙන් චියර් කරනවා. මේ ආත්මේ පමණක් නෙවෙයි, ලබන ආත්මෙත්' ඔහු සඳහන් කළේය.
(පර්සි අබේරත්න සමග පැවැත්වූ සාකච්ඡාව ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.)