ව්‍යාඝ‍්‍රයකු සහ එළු පොව්වකු අතර සංහිඳියාවක්
තිරිසන් කුසකින් උපත ලද පසමිතුරන් දෙදෙනකුගේ මිත්‍රත්වය පිළිබඳ මේ පුවත වාර්තා වන්නේ රුසියාවේ පෙරදිග අන්තයේ සත්වෝද්‍යානයකින්.
මෙය ව්‍යාඝ‍්‍රයකු සහ ගොදුරු පිණිස ව්‍යාඝ‍්‍ර ලෙනට මුදා හල එළු පොව්වෙකු අතර වන අපූරු මිත්‍රත්වය පිළිබඳ කතාන්දරයක්.
ව්‍යාඝ‍්‍රයා නමින් අමූර්. අමූර්ගේ රාත්‍රි භෝජනය වශයෙන් සත්වෝද්‍යාන පාලකයන් ව්‍යාඝ‍්‍ර ලෙනට ඇතුළු කළ එළු පොව්වා ටිමූර්.
එහිදී බඩ සයින් පෙළුණු ව්‍යාඝ‍්‍රයා වෙතින් පළව ඇත්තේ ඇදහිය නොහැකි ආචාර සමාචාර පිළිවෙතකි.
ඇසුරු සැනින් සිය නිය පොකුරින් ඉරා එළු පොව්වා කුස ගත කිරීමේ සියලු හැකියා සහ අයිතීන් ව්‍යාඝ‍්‍රයා සතු මුත් අමූර් වෙතින් මතුව ඇත්තේ සැබෑ මිත්‍රත්වය සඳහා වූ ඇරයුමක්.
අමූර් සහ ටිමූර්ගේ මිත්‍රත්වය කෙතරම්ද යත් එළු සන්ධානයෙන් තොරව ව්‍යාඝ‍්‍රයාට නින්දට යෑමට පවා නොහැකි තරම්.
ව්‍යාඝ‍්‍රයාගේ ඓතිහාසික ගොදුරක් වන එළුවා අතර මේ අපූරු සංහිඳියාව මිනිසුන් වන අපට මනුෂ්‍යත්වය පිළිබඳ අපූරු පාඩමක් කියා දේ.
'අපි මිනිසුන් වශයෙන් එකිනෙකා ගහ මරා ගන්නවා . බලන්න මොවුන් දෙස, මොවුන් දෙදෙනා මනුෂ්‍යත්වය සඳහා උදාහරණයක්.' ප්‍රිමෝර්යේ සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂක දිමිත්‍රි මෙසන්ත්සව් කියා සිටියේය.