බ්‍රිතාන්‍ය ගුවන් යානය ගිනිගත් මොහොත
බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ අංක 2276 දරන ගුවන් යානය ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ලාස් වේගාස්’ ගුවන් තොටුපලේ ධාවන පථය මතදීයි ගිනි ගනු ලැබුණේ.
මෙම ගින්න ඇතිවන මොහොතේ ගුවන් යානය ගුවන් ගත වීම සඳහා පියවර ගනිමිනුයි තිබුණි.
එම අනපේක්ෂිත සිදුවීමත් සමග යානය තුල සිටි මගීන් 157දෙනා තමන් පත් වී ඇති අනතුර වහා තේරුම් ගෙන තිබුණි.
ඒ සමඟ යානයේ හදිසි දොරටු විවෘත කෙරුණ අතර මගීහු කාර්ය මණ්ඩලයේ ද උදව් ඇතිව යානයෙන් ඉවතට පැන ගත්හ.
මගීන් ඉවතට

ඡායාරූප මූලාශ්‍රය, EPA
හදිසි ආපදා ඇඳුම් කට්ටල ද සමග යානයෙන් ඉවත් වීමට යාමේදී පිරිසකට තුවාල සිදු වුණ නමුත් කිසිවකුට දරුණු තුවාල සිදු වී නැති බවයි ප්‍රකාශ කෙරුණේ.
අනතුරුව මගීන් ගුවන් තොටුපලේ රැඳී සිටි අතර බ්‍රිතාන්‍ය ගුවන් සේවය මගින් ඔවුන් සඳහා වෙනත් ගුවන් යානා ලබා දීමට පියවර ගෙන තිබුණි.
ගින්න හට ගත්තේ යානයේ එන්ජිමක බව හඳුනා ගෙන ඇති අතර එයට හේතුව පිළිබඳව පරීක්ෂණ පවත්වමින් ඇති බවත් වාර්තා වෙයි. යානය පියාසර කිරීමට පෙර ගින්න ඇතිවීම වාසනාවක් බවයි බොහෝ දෙනාගේ අදහස වුණේ.