දියේ ඇවිදින රොබෝ කෘමියා

ඈතින් අඩි තබමින් දියේ ඇවිදින රොබෝ කෘමියකු බිහි කිරීමට විද්‍යාඥයෝ සමත් වෙති.

එම රොබෝ කෘමියාට උඩ පනිමින් යෑමට හැකියාව තිබේ.

මතුපිට ජලය විසිර නොයන ලෙසට ජලයේ වෙසෙන සැබෑ කෘමියා පැන පැන යන ආකාරයට රොබෝ කෘමියා ද ඇවිදියි.

robot insect

ඡායාරූප මූලාශ්‍රය, bbc

පසු පසට බරදී රොබෝ කෘමියා ඉහලට එසවෙතත් ජලයේ මතුපිට තෙරපුම උවමනාවට වැඩියෙන් ඉක්මවා නොයන ලෙස ඇවිදින නිසා ජලය විසිර යයි.

ඇමරිකා එක්සත් ජනපද සහ දකුණු කොරියානු විද්‍යාඥයන් විසින් සොයා ගත් මේ රොබෝ කෘමියා ගැන ‘Science’ විද්‍යා සඟරාව වාර්තා කොට තිබේ.