අලුත් ගංජා නීතියක්
දේශීය වෛද්‍යවරුන්ට ඖෂධ නිෂ්පාදනය කර ගැනීම සඳහා කංසා වගා කිරීමේ අවසරය ලබා දීමට නව පනතක් ගෙන එන බව දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක සංදේශයට හෙළිදරව් කළේය.
දේශීය වෛද්‍ය වරුන් ලෙස ලියා පදිංචි වී සිටින අයට පමණක් රජයේ අධීක්ෂණය යටතේ සීමා සහිතව කංසා වගා කර ගැනීම සඳහා මින් ඉඩ සැලසෙන බවයි දේශීය වෛද්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

ඡායාරූප මූලාශ්‍රය, AP
මීට අවුරුදු පහකට පෙරත් ඖෂධ වෙනුවෙන් කංසා වගාව නීතිගත කිරීමට උත්සාහ දැරූ නමුත් විරෝධතා මැද එය අත් හැර දැමීමට සිදු වුනා.
ලොව බොහෝ රටවල මරිජුවානා නොහොත් කංසා නීතියෙන් තහනම් නමුත් සමහර රටවල රජයේ පාලනයට යටත්ව කංසා භාවිතා කිරීමටත් වගාවටත් අවසර තිබේ.
ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තය මේ වසරේ සිට කංසා නීතිගත කිරීමට කටයුතු කළ අතර මේ වසරේ අග සිට වොෂින්ටන් නගරයේත් කංසා තහනම ඉවත් වනු ඇති බවට බලාපොරොත්තු පළ වෙමින් පවතී.