කෙනඩි ඝාතනයේ සැකකාර ලී හාවි ඔස්වල්ඩ්

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මහමග වෙඩි තබා ඝාතනය කොට අඩ සිය වසක්.

1963 දී ඔහුට වෙඩි තැබූ බවට සැක කැරෙන්නේ විසි හතර හැවිරිදි හිටපු එක්සත් ජනපද නාවුක සෙබල ලී හාවි ඔස්වල්ඩ්.

ඔහු අත් අඩංගුවේ සිටියදී වෙඩි තබා මරා දමනු ලැබුයේ ජනපති කෙනඩි ගේ මරණයෙන් දෙදිනක් ඇවෑමෙන්. මෙයින් පනස් වසරකට පෙර.

එහෙත්, ඝාතනය සිදු කළ හෝ නො කළ ලී හාවි ඔස්වල්ඩ් ගැන අපට අලුතින් යමක් දැන ගන්නට හැකිවී තිබේද?

වින්සන්ට් ඩවුඩ් ගේ වාර්තාවක්.