ජනාධිපතිවරයා රතුපස්වලට ‘දුන් පොරොන්දු ඉටු කරන්න‘

පානීය ජල දූෂණයට චෝදනා ලබන නිෂ්පාදන කම්හලක් ප්‍රදේශයෙන් ඉවත් කිරීමට දුන් පොරොන්දු ඉටු කරන ලෙස ජනාධිපති වරයාගෙන් ඉල්ලා වැලිවේරිය ජනතාව උද්ඝෝෂණයක නිරත වුහ.

චෝදනාවට ලක් වන ඩීපීඑල් සමාගම ජල දූෂණයේ යෙදී තිබුනත් නැතත් එම සමාගම තවදුරටත් එහි ක්‍රියාත්මක වීම අත් හිටවන බවයි ජනාධිපතිවරයා ප්‍රදේශවාසී පරිසර ක්‍රියාධාරීන් කැඳවා අගෝස්තු මාසයේදී කියා සිටියේ.

හේලීස් ව්‍යාපාර සමූහයේ ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් ලිමිටඩ් අත් වැසුම් කම්හලින් පිට කෙරෙන අපද්‍රව්‍ය මගින් පානීය ජලයට විෂ රසායන එකතු වන බව පවසමින් අගෝස්තු මුලදී උද්ඝෝෂණයේ යෙදුන ජනතාවට හමුදාව වෙඩි තැබීමෙන් <link type="page"><caption> මියගිය සංඛ්‍යාව තුන් දෙනෙක්</caption><url href="http://www.bbc.co.uk/sinhala/multimedia/2013/08/130803_waliveriyanewpic.shtml" platform="highweb"/></link>.

ඔවුන් සමරමින් ද පොරොන්දු ඉටු කරන මෙන් ද ඉල්ලා පැවති උද්ඝෝෂණය බීබීසී සංදේශය වෙනුවෙන් වාර්තා කරන්නට ගියේ ප්‍රසාද් පූර්නිමාල්.