‘ආයුබෝවන් ක්‍රිකට්’- තෙන්ඩුල්කාර්
ඉන්දියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කරයි.
ලබන මාසයේ පැවැත්වෙන තමා සහභාගී වෙන දෙසිය වැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් අනතුරුව ක්‍රීඩාවෙන් සමු ගන්නා බවයි,තෙන්ඩුල්කාර් පවසන්නේ.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ නමක් තැබූ සචින් තෙන්ඩුල්කාර් පැරණි වාර්තා බිඳ හෙළමින් නව වාර්තා තැබූ සුපිරි පිතිකරුවෙක්.
ක්‍රීඩා දිවියෙන් සමු ගැනීමේ පුවත නිවේදනය කරමින් ඔහු පවසන්නේ,ගෙවුන වසර විස්ස පුරා ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ සිහිනය තුළ තමා ජීවත් වුන බවයි.
වයස අවුරුදු එකොළහේ පටන් ක්‍රිකට් තුළ ජීවත් වූ තමාට ක්‍රිකට්වලින් තොර ජීවිතයක් සිතා ගැනීමත් නොහැකි බවයි සචින් තෙන්ඩුල්කාර් වැඩිදුරටත් කියා සිටින්නේ.