සෙනසුරාදා වෙඩි තැබීම ගැන පරීක්ෂණ පවත්වනවා - වනජීවී අධ්‍යක්ෂ
ශ්‍රී ලංකාවේ වනෝද්‍යාන තුල රජයේ හමුදා සන්නද්ධව සිටීම නැවත විමසා බලමින් සිටින බව වන ජීවී බලධාරීහු ප්‍රකාශ කරති.
වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච් බී රත්නායක බීබීසී සංදේශය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ <link type="page"><caption> සෙනසුරාදා යාල වනෝද්‍යානය තුලදී සිදුවූ වෙඩි තැබීමකින්</caption><url href="http://www.youtube.com/watch?v=Dz-4zK0zqqI&sns=em" platform="highweb"/></link> වන ඇතකු බිය ගැනීමෙන් අනතුරුව මෙම පියවර ගන්නා බවයි.
ගැමුණු නමින් වනජීවී ලෝලීන් අතර ප්‍රකට දළ ඇතා නිරුපද්‍රිතව සිටින බව පැවසු අධ්‍යක්ෂ ජනරාල් වරයා වනෝද්‍යානය තුල වෙඩි තැබීම පිළිබඳව යුද හමුදාවත් වනජීවී දෙපාර්තමේන්තුවත් වෙන් වෙන්ව පරීක්ෂණ පවත්වන බවයි.