ප්‍රහාරයට ලක් වූ වැලිවේරිය නගරයේ සේයාරූ

අත්වැසුම් කම්හලක් නිසා පානීය ජලය විෂ රසායන එකතු වී ඇතැයි පවසමින් වැලිවේරිය උද්ඝෝෂණය කළ ජනතාවට හමුදාව වෙඩි තැබූ බව ප්‍රදේශවාසීහු පවසති.

ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූවෙක්
ඡායාරූප ශීර්ෂ වැකිය, සාමකාමීව උද්ඝෝෂණයේ යෙදුනු සාමාන්‍ය වැසියන්ට වෙඩි තැබූ හමුදාව උතුරේ යුද්ධයේ දී කෙසේ හැසිරෙන්නට ඇති දැයි ප්‍රදේශවාසීහු ප්‍රශ්න කරති
පොලීසිය සහ හමුදාව වැලිවේරිය නගරයේ
ඡායාරූප ශීර්ෂ වැකිය, සිදුවීමෙන් අනතුරුව සිකුරාදා නගරයේ සැරි සරණ පොලීසිය සහ හමුදාව
වෙඩි ප්‍රහාරයේ සලකුණු
ඡායාරූප ශීර්ෂ වැකිය, හමුදාවට එල්ල වන චෝදනා පරීක්ෂා කිරීම පිණිස මේජර් ජනරාල් ජගත් ඩයස් ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ මණ්ඩලයක් පත් කළ බව ආණ්ඩුව පවසයි
ආරක්ෂක හමුදාව තවමත් නගරය පුරා සැරිසරයි
ඡායාරූප ශීර්ෂ වැකිය, නගරයේ මුර සංචාරයේ යෙදෙන ආරක්ෂක හමුදාව
තුවාල ලැබූ ගම්වාසීන්
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරයෙන් විස්සකට අධික පිරිසක් තුවාල ලැබූ බව බලධාරීන් පවසන නමුත්, එයට වඩා විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි ගම්වාසීන් පවසන්නේ
ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙක්
ඡායාරූප ශීර්ෂ වැකිය, කතෝලික දේවස්ථානයේ රැකවරණ පතා සිටි පිරිස්වලට පවා පැහැර දුන් බවට හමුදාවට චෝදනා
ප්‍රහාරයෙන් දිනකට පසු වැලිවේරිය නගරය
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරයෙන් දිනකට පසු වැලිවේරිය නගරය
හමුදාව කතෝලික පල්ලියට ද වෙඩි තැබූ බව ප්‍රදේශවාසීහු පවසති
ඡායාරූප ශීර්ෂ වැකිය, හමුදාව කතෝලික පල්ලියට ද වෙඩි තැබූ බව ප්‍රදේශවාසීහු පවසති