'බුදු හාමුදුරුවන්ටත් චෝදනා තිබුනා, හිනාවුනාම ඒ චෝදනා ඉවත් වුනා'
පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ආයතනයකට ආචාර ධර්ම තිබීම යෝග්‍ය යයි තමා විශ්වාස කරන බව කැබිනට් අමාත්‍ය මර්වින් සිල්වා බීබීසී සංදේශයට පැවසීය.
අමාත්‍ය මර්වින් සිල්වා ඒ බව පැවසුවේ පාර්ලිමේන්තුවට ආචාර ධර්ම පද්ධතියක් සම්පාදනය කිරීම සඳහාකමිටුවක් පත්කිරීම පිළිබඳව ඔහුගේ අදහස් විමසූ අවස්ථාවේදී.