බුද්ධාගමට බරපතලම තර්ජනය තිබෙන්නේ 'ඇතැම් භික්ෂූන් වහන්සේගෙන්'
බුද්ධාගමට බරපතලම තර්ජනය තිබෙන්නේ ඇතැම් භික්ෂූන් වහන්සේ ගෙන් බව විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසයි.
කෙසේ වුවද, එයට ප්‍රතිචාරය පළ කරන ජාතික හෙළ උරුමයේ හිටපු නායක එල්ලාවල මේධානන්ද හිමියෝ පවසන්නේ, බෞද්ධ භික්ෂූන් වහන්සේ දේශපාලනයෙන් ඉවත් කිරීමට යත්න දරන්නේ "බටහිරට පන්දම් අල්ලන" දේශපාලකයන් බවයි.
එහිමියන් බීබීසී සංදේශයට ඒ බව ප්‍රකාශ කළේ භික්ෂුන් වහන්සේ ඇතුළු පූජකවරුන් මන්ත්‍රී පදවි දැරීම වලක්වා ලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙන පෞද්ගලික මන්ත්‍රීවරයෙකුගේ යෝජනාව පිළිබඳව අදහස් පළ කරමින්.