BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
දේශීය ආදායම් පනත සංශෝධනය: නඩු පවරා සිරගත කිරීමට හැකි වැරදි මොනවා ද?
රජය ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට අනුව, යම් තැනැත්තෙකු වාර්ෂික වාර්තා ගොනු නොකිරීම, ආදායම් වාර්තා ගොනු නොකිරීම 102 වගන්තිය යටතේ නියම කර ඇති පරිදි කොමසාරිස් ජනරාල්වරයා වෙත ලියාපදිංචි නොකිරීම, 123 වන වගන්තිය යටතේ දෙන ලද දැන්වීමකට අනුකූලව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ඉදිරියේ පෙනී නොසිටීම සහ 126 වන වගන්තිය යටතේ බදු වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම අධිකරණයේ නඩු පවරා සිරගත කිරීමට හැකි වරදවල් ලෙස දක්වා ඇත.
කපිල චන්ද්‍රසේනගේ මරණය: මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී අරවින්ද ද සිල්වාගේ නිවසේ මෙහෙකරුවන් දුන් සාක්ෂි
අභිරහස් ලෙස මියගිය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන පදිංචිව සිටි නිවසේ ද සී.සී.ටී.වී දර්ශන පටිගත වී නොමැති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අද (මැයි 19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය. කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය මේ බව දන්වා සිටියේ ය.
AI නිසා බැංකු ක්ෂේත්රයේ රැකියා දහස් ගණනක් කප්පාදු කිරීම් ඇරඹෙයි
කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය වැඩි කරමින් රැකියා කප්පාදු කිරීමට දැවැන්ත මූල්‍ය ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව තීරණය කර තිබේ.
මැයි 18: යුද්ධයෙන් 'උගත් පාඩම්' සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර මොනවා ද?
ශ්‍රී ලංකාවේ දශක තුනක් පමණ පැවති සිවිල් යුද්ධය 2009 දී අවසන් වී වසර 17ක් ගතවන මේ වසර වන විට ද පැවති සිවිල් යුද්ධය සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරවු කිරීමේ ක්‍රියාවලියේ ඉටු නොවූ බොහෝ දෑ ඇති බවට වින්දිතයෝ චෝදනා කරති.
මිතාලි අයෝධ්‍යා: ලසිත් මාලිංගගේ ඉරියව්වෙන් පන්දු යවන ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව
"ලෝකයේ ම එහෙම ඇක්ෂන් එකක් තියෙන ගර්ල්ස්ලා නැහැ. මගේ බලාපොරොත්තුව කවදා හරි ලෝකයේ අංක එකේ පන්දු යවන්නිය වෙන්න. මම කවදා හරි බලාපොරොත්තුවෙන් ඉන්නවා මාලිංග සර්ව හම්බ වෙන්න. සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා."
කෙටි වීඩියෝ
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
Face ID: ඔබ මිය ගිය පසු වෙනත් පාර්ශවයකට ඔබේ ඇපල් දුරකතනය අන්ලොක් කරන්න පුළුවන් ද?
ඔබ iPhone එකක් භාවිත කරන කෙනෙකු නම්, එය අගුළු දැමීමට ඇපල් සමාගම විසින් මීට වසර 9කට පමණ පෙර හඳුන්වා දෙන ලද Face ID නමැති පෙරළිකාර තාක්ෂණයේ සාක්ෂිකරුවෙකු වී හමාර ය. අනෙකුත් සන්නාම යටතේ වෙළෙඳපොළේ ඇති ස්මාට් ජංගම දුරකතනවල ද මීට සමාන තාක්ෂණයක් – facial recognition system – පැවතිය ද එය ඇපල් සමාගම හඳුන්වා දී ඇති තාක්ෂණය තරම් ඉහළ මට්ටමේ නොපවතින බව බොහෝ දෙනෙකුගේ අදහසයි.
වැස්ස ගැන ලියැවුණු සිංහල කවි: බොහෝ දෙනෙකුට පීඩාකාරී වැස්ස කවියන්ට පෙනෙන හැටි
මේ වන විට දින දෙකක් තිස්සේ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇද හැළෙමින් පවතී. වරින් වර ඇති වන තද වැසි හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව සිටිති. නිවසින් පිටව රැකියාවට, පාසලට හෝ අධ්‍යාපන ආයතනයට යන බොහෝ දෙනෙකුට වැස්ස අමිහිරි අත්දැකීමකි. එසේ වුවත්, වැස්ස මිහිරි අත්දැකීමක් ලෙස අත්විඳින පිරිසක් ද සිටිති. ඒ, කවියන් ඇතුළු නිර්මාණකරුවන් ය. වැස්ස බොහෝ නිර්මාණකරුවන් විසින් ප්‍රතිනිර්මාණය කරනු ලැබූ අවස්ථා රැසක් සිංහල සාහිත්‍යයේ පමණක් නොව ලෝක සාහිත්‍යයේ ද දැකිය හැකි ය.
අරවින්ද ද සිල්වා කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන අධිකරණය හමුවේ පැවසුවේ කුමක් ද?
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය මැයි 12 වන දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ පැවැත්විණි. එහිදී මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීහු විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළහ.
සැකකරුවෙකුට අධිකරණය හමුවේ ශරීර ඇප තැබීමට පෙර ඔබ සැලකිලිමත් විය යුතු කරුණු මොනවා ද?
සැකකරුවෙකුට නියම කරනු ලබන 'ඇපය' යනු කුමක්ද? යම් අයෙකු ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වීමට භාර ගැනීමට පෙර අධිකරණය විසින් සලකා බලනු ලබන කරුණු මොනවාද?
කාලගුණයේ හදිසි වෙනසට හේතුව කුමක් ද? අනතුරු ඇඟවීම්වලට ඔබ ප්‍රතිචාර දැක්විය යුත්තේ ඇයි?
නිරිත දිග මෝසමට පෙර, ඉදිරි දින කිහිපය තුළ දිවයින අවට පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වාභාවය, මැයි 11 දින පමණ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කර තිබිණි.



















































