ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.

ප්‍රධාන වෙබ් අඩවියට ගෙන යන්න

අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න

නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද (නොවැම්බර් 21 වන දා) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය.

සාරාංශය

  • නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි
  • නව අගමැතිනිය හරිනි අමරසූරිය
  • කැබිනට් අමාත්‍ය මණ්ඩලය අමාත්‍යවරුන් 22 කින් සමන්විත වේ.

සජීවී වාර්තාකරණය

ඉෂාරා ධනසේකර,ප්‍රවෘත්ති සංස්කාරක,බීබීසී සිංහල/ සම්පත් දිසානායක,ජ්‍යෙෂ්ඨ ඩිජිටල් වාර්තාකරු,බීබීසී සිංහල

  1. නව ආණ්ඩුවට නියෝජ්‍ය අමාත්‍යවරුන් 29 ක්

    ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද දිවුරුම් දී තිබෙනවා.

    මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

    නාමල් කරුණාරත්න - කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය

    වසන්ත පියතිස්ස - ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය

    නලින් හේවගේ - වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය

    ආර්. එම්. ජයවර්ධන - වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය

    ගමගෙදර දිසානායක - බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

    ටී. බී සරත් - නිවාස නියෝජ්‍ය අමාත්‍ය

    රත්න ගමගේ - ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය

    මහින්ද ජයසිංහ - කම්කරු නියෝජ්‍ය අමාත්‍ය

    අරුණ ජයසේකර - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය

    අරුන් හේමචන්ද්‍රා - විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

    ඇන්ටන් ජයකොඩි - පරිසර නියෝජ්‍ය අමාත්‍ය

    මොහොමඩ් මුනීර් - ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය

    ඉංජිනේරු එරංග වීරරත්න - ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය

    එරංග ගුණසේකර - තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

    චතුරංග අබේසිංහ - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

    ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු - වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය

    වෛද්‍ය නාමල් සුදර්ශන - කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

    රුවන් සෙනරත් - පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය

    වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන - ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

    වෛද්‍ය හංසක විජේමුණි - සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

    උපාලි සමරසිංහ - සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

    රුවන් චමින්ද රණසිංහ - සංචාරක නියෝජ්‍ය අමාත්‍ය

    සුගත් තිලකරත්න - ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය

    සුන්දරලිංගම් ප්‍රදීප් - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය

    නීතිඥ සුනිල් වටගල - මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

    වෛද්‍ය මධුර සෙනෙවිරත්න - අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය

    ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම - මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය

    වෛද්‍ය සුසිල් රණසිංහ - ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

    PMD

  2. රාජාසන කතාවේදී ජනාධිපතිවරයා පැවසූ සුවිශේෂී කරුණු 12ක්

    1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකමට අදාළ තෙවැනි සමාලෝචනයේ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවය එළඹෙන 23 වන දා අත්සන් කිරීමට නියමිත බව ජනාධිපතිවරයා අනාවරණය කළා.

    2. ජාතිවාදී දේශපාලනයට ඉඩ නොදෙන බවත්, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ඔස්සේ කිසිදු පුරවැසියෙකු තමන් අදහන ආගම, තමන්ගේ භාෂාව, තම තමන්ගේ සංස්කෘතීන් අනුව, හුදෙකළා වීමකට ලක් නොවිය යුතු වනවා.

    3. සංචාරකයින් මිලියන 4ක් මෙරටට ගෙන්වීම ඔස්සේ ඩොලර් බිලියන 8ක ඉලක්කයක් සපුරා ගැනීම ඉදිරි වසර 3 හෝ 4ක කාලය තුළ රජයේ තවත් එක් ප්‍රතිපත්තියක්.

    4. ලබන වසරේ අයවැය මගින් 'අස්වැසුම' දීමනා සහ රාජ්‍ය සේවක වැටුප් ඉහළ දමනවා.

    5. ආන්දෝලනයකට ලක්වූ අපරාධ රැසක් යළි විමර්ශනය කර වින්දිතයින්ට සාධාරණයත්, අපරාධකරුවන්ට දඬුවම් ලබාදීමත් තුළින් ජනතාවට නීතිය පිළිබඳව යළි විශ්වාසය ගොඩනැගීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

    6. පාසල් උපකරණ, පොත්පත් මිලදී ගැනීම සඳහා රජයෙන් දීමනාවක්ද, ළඳරු මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා දීමනාවක්ද, ගැබිනි මව්වරුන් සඳහා පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමටද කටයුතු කරන බව සඳහන් කළා.

    7. "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවත් පුරවැසියාගේ යහපත් පරිවර්තනයකින් තොරව එකී ජයග්‍රහණය සාර්ථක කරගත නොහැකි බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

    8. වෙළඳපොල නියාමනයට කටයුතු කළ යුතු බව පැවසූ ජනපතිවරයා පාර්ලිමේන්තුව හරහා ගොඩනගන අධිකාරීන් සහ නීති හරහා යම් ක්ෂේත්‍ර වෙත අවධානය යොමුකළ යුතු වනවා.

    9. බලශක්ති වෙළඳපොල නිදහස් තරගය විසින්ම තීරණය නොවිය යුතු බවත්, ආර්ථිකයේ ඉතා සවේදී ස්ථානයක් වන බලශක්ති වෙළඳපොල හැසිරවීමේදී රජයේද නියෝජනයක අවශ්‍යතාවයක් පවතින බව අවධාරණය කළා.

    10. මූල්‍ය වෙළඳපොල සඳහාද රාජ්‍ය මැඳිහත්වීම සිදුවිය යුතු බවත්, යළි සමූපකාර ජාලය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

    11. යහපත් රාජ්‍ය සේවයක් සඳහා ජනතාව තමන්ගේ ප්‍රතිපත්ති සඳහා කැමැත්ත ලබා දී ඇති බවත්, මහජනයාගේ හිතසුව පිණිස වැඩකරනු ලබන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැගීම තම රජයේ අභිප්‍රාය බව ජනාධිපතිවරයා පවසනවා.

    12. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන්ද වෘත්තියවේදීන්ගේ අවශ්‍යතාවයක් පවතින බවත්, දැනට 85,000ක්ව පවතින මෙරට තොරතුරු තාක්ෂණ වෘත්තියවේදීන් වසර පහක් තුළ ලක්ෂ 2ක අගයකට ගෙන ඒමටද කටයුතු කරන අතර එම ක්ෂේත්‍රයෙන් දැනට පවතින ඩොලර් බිලියන 1.2ක පමණ පවතින ආදායම ඩොලර් බිලියන 5ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කෙරේ.

  3. 10 වන පාර්ලිමේන්තුවේ කතානායකවරයා ආචාර්ය අසෝක සපුමල් රන්වල

    10 වන පාර්ලිමේන්තුවේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වුණා.

    පාර්ලිමේන්තුව රැස්වන දිනය හා වේලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය විසින් දිනයේ පළමු කාර්යය ලෙස සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.

    මෙම පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස ආචාර්ය අසෝක සපුමල් රන්වල තෝරා පත් කර ගත්තා. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ඔහුගේ නම යෝජනා කරනු ලැබූ අතර, අමාත්‍ය විජිත හේරත් විසින් එය ස්ථිර කළා.

    10 වන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස මොහොමඩ් රිස්වි සාලි තෝරා පත්කර ගත්තා.

    පාර්ලිමේන්තුවේ සභානායක ලෙස බිමල් රත්නායක , ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස වෛද්‍ය නලින්ද ජයතිස්ස, විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස ද පත් වුණා.

  4. නව කතානායකවරයා පත් කර ගන්නේ කොහොම ද?

    පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස ඕනෑම මන්ත්‍රීවරයෙක් පත්කර ගන්න පුළුවන්. නමුත් කිසියම් මන්ත්‍රීවරයෙකුගේ නාම යෝජනාවක් ඉදිරිපත් කිරීමට පෙර කතානායකවරයා ලෙස පත්වීමට අදාළ මන්ත්‍රීවරයාගේ කැමැත්ත විමසා දැන ගන්නට අවශයයි. කතානායකවරයා පත්කිරීම ‍මන්ත්‍රීවරයන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් සිදුවිය යුතු අතර ඒ පිළිබඳ විවාද පැවැත්වීමට අවස්ථාවක් නැහැ.

    මුලින්ම කතානායකවරයා පත්කර ගත යුතු බව මහලේකම්වරිය විසින් සභාවට දැනුම් දෙනවා. ඒ අවස්ථාවේදී යම් මන්ත්‍රීවරයෙක් අසුනින් නැගී සිටියහොත් මහ‍ලේකම්වරිය විසින් මන්ත්‍රීවරයා දෙසට සියත දිගුකොට අදාළ යෝජනාවට සභාවේ අවධානය යොමු කරවනවා. එක් නමක් යෝජනා වූ පසු වෙනත් නාම යෝජනා තිබේද යන්න මහලේකම්වරිය විසින් සභාවෙන් විමසීමට අවශයයි. එසේ විමසීමේදී වෙනත් නාම යෝජනාවක් නොමැති නම් එම මන්ත්‍රීවරයා කථානායක ලෙස යථා පරිදි තෝරාපත් කර ගන්නවා.

    මෙහිදී අදාළ මන්ත්‍රීවරයාගේ නම යෝජනා ස්ථිර කරනු ලැබූ මන්ත්‍රීවරයන් දෙදෙනා විසින් එම මන්ත්‍රීවරයාව දෙඅතින් අල්වාගෙන කථානායක අසුන වෙත කැඳවාගෙන යෑම ඓතිහාසික සම්ප්‍රදාය වනවා.

    අනතුරුව කතානායකවරයා විසින් සිය නිල ප්‍රතිඥාව හෝ දිවුරුම දීම සිදුකරන අතර එම දිවුරුම හෝ ප්‍රතිඥාව ලබා දෙනු ලබන්නේ මහලේකම්වරිය ඉදිරියේයි.

    කතානායක ධූරය සඳහා මන්ත්‍රීවරයන් දෙදෙනෙකුගේ නම් යෝජනා වී ඇති විටකදී රහස් ඡන්දයක් පවත්වනවා. මෙලෙස රහස් ඡන්ද පවත්වන අවස්ථා 02ක් පාර්ලිමේන්තු ක්‍රමය තුළ තිබෙනවා. එම අවස්ථා 02 නම් කතානායක, නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍ය කාරකසභා සභාපති තෝරා පත්කර ගැනීම සිදුකරන අවස්ථාව සහ පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගන්නා අවස්ථාවයි.

    කථානායක ධූරය සඳහා මන්ත්‍රීවරයන් තිදෙනෙකුගේ නම් යෝජනා වී ඇති විටකදී ඡන්දයේදී බහුතර ඡන්ද සංඛ්‍ය‍ාවක් ලබා ගැනීමට යම් මන්ත්‍රීවරයෙක් අසමත් වුවහොත් අඩුවෙන්ම ඡන්දය ලබාගත් මන්ත්‍රීවරයා තරගයෙන් ඉවත් කොට නැවත ඡන්ද විමසීම පවත්වනවා.

    ඉන් අනතුරුව ඔවුන් අතරින් වැඩි ඡන්දය හිමිකර ගන්නා තැනැත්තා කතානායක ලෙස තෝරා පත් කර ගන්නවා.

    යම් අවස්ථාවකදී මන්ත්‍රීවරයන් තිදෙනෙක් ඡන්දයට පෙනී සිටින විට සහ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සමාන ඡන්ද ලබා ඇති විට කුසපත් ඇදීම මගින් සමාන මන්ත්‍රීවරයන් දෙදෙනාගෙන් එක් අයෙක් ඉවත් කිරීමේ බලය මහලේකම්වරියට හිමි වනවා. අනතුරුව වැඩි ඡන්ද හිමි අපේක්ෂකයා සහ ඉතිරි වූ අනෙක් අපේක්ෂකයා අතර නැවත ඡන්දයක් පවත්වා කතානායකවරයා තෝරා පත්කර කර ගැනීමට නියමිතවනවා.

    පාර්ලිමේන්තුවට තේරී පත්වන සියළු මන්ත්‍රීවරයන් පළමු දිනයේදී තම දිවුරුම හෝ ප්‍රතිඥාව ලබා දීමෙන් අනතුරුව අත්සන් තැබීමේ ලේඛනයේ අත්සන් තැබීම සිදුකළ යුතු වනවා. මෙහිදී කතානායකවරයා පළමුවෙන් අත්සන් තබන අතර අනතුරුව සම්ප්‍රදායක් ලෙස අගමැතිවරයා අත්සන් කිරීමෙන් පසු සෙසු මන්ත්‍රීවරු සිය අත්සන් යෙදීමට නියමිත වනවා. මෙම අත්සන් ලේඛනය සම්ප්‍රදායානුකූලව ඉතා ආරක්ෂිත ලේඛනයක් ලෙස පවත්වාගෙන යනු ලබනවා.

    අනතුරුව පාර්ලිමේන්තුව කල් තැබීමට නියමිත වනවා. මෙහිදී කල් තබන දිනය වන්නේ බොහෝ විට ඊළඟට එළඹෙන පාර්ලිමේන්තු දිනය යි.

    කෙසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ජනාධිපතිවරයා විසින් එදින පාර්ලිමේන්තුව අමතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලබන්නේ නම් මූලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවා නැවත රැස්වන අවස්ථාවකදී ජනාධිපතිවරයා සභාවේ මුලසුනේ සිට එකී ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබනවා.

    ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින්ම පාර්ලිමේන්තුව ඊළඟ දිනය දක්වා කල් තැබීමට නියමිත වනවා.

    මූලාශ්‍රය - ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

  5. අලුත් පාර්ලිමේන්තුවේ පළමු දවස...

    අලුතින් තේරීපත්වන මන්ත්‍රීවරුන් සහභාගී වන දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව නොවැම්බර් 21 වැනිදා ආරම්භ වීමට නියමිත වනවා.

    පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ පළමු දිනය ඉතා වැදගත් වන්නේ එදින සිදුකිරීමට නියමිත විශේෂ කටයුතු රැසක් පවතින බැවින්.

    පළමු දිනයේ සභා ගර්භයේ කටයුතුවල ප්‍රධාන වගකීම් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙත පැවරෙනවා.

    පළමු දිනයේදී මන්ත්‍රීවරයන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරයන්ට හිමිවනවා.

    සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව රැස්වන දිනය හා වෙලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මහ ලේකම්වරිය විසින් දිනයේ පළමු කාර්යය ලෙස සභාවට ඉදිරිපත් කරනවා.

    අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (1) ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5 සහ 6හි විධිවිධාන ප්‍රකාරව අනුපිළිවෙලින් කථානායකවරයා ඡන්දයෙන් පත්කර ගැනීම, කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, මන්ත්‍රීවරයන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරකසභා සභාපති ‍ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමට නියමිත වනවා.

  6. 'අදින් පසු ජනතාව අපිව මනින්නේ සටන් පාඨවලින් නෙමයි, ආණ්ඩුකරණයට හොඳ ද නැද්ද කියන එක මතයි'- ජනපති

  7. නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

    • අනුර කුමාර දිසානායක - ආරක්ෂක, මුදල් සැලසුම් හා ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික අමාත්‍ය
    • ආචාර්ය හරිනි අමරසූරිය - අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
    • විජිත හේරත් - විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක අමාත්‍ය
    • මහාචාර්ය චන්දන අබේරත්න - රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
    • නීතිඥ හර්ෂණ නානායක්කාර - අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
    • සරෝජා පෝල්රාජ් - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
    • කේ.ඩී. ලාල්කාන්ත - කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය
    • අනුර කරුණාතිලක - නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය
    • රාමලිංගම් චන්ද්‍රසේකර් - ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය
    • ආචාර්ය උපාලි පන්නිලගේ - ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය
    • සුනිල් හඳුන්නෙත්ති - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
    • ආනන්ද විජේපාල - මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
    • බිමල් රත්නායක - ප්‍රවාහන, මහාමාර්ග, සිවිල් ගුවන් සේවා අමාත්‍ය
    • මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි - බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
    • වෛද්‍ය නලින්ද ජයතිස්ස - සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
    • සමන්ත විද්‍යාරත්න - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
    • සුනිල් කුමාර ගමගේ - තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
    • වසන්ත සමරසිංහ - වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
    • මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන - විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
    • මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - කම්කරු අමාත්‍ය
    • පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි - බලශක්ති අමාත්‍ය
    • වෛද්‍ය ධම්මික පටබැඳි - පරිසර අමාත්‍ය
  8. කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම නොවැම්බර් 18 සඳුදා උදෑසන 10ට

    නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධ්පති අනුර කුමාර දිසානායක ඉදිරියේ නොවැම්බර් 18 සඳුදා උදෑසන 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිත ය.

  9. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නම් කෙරේ

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සමස්ත ආසන සංඛ්‍යාව 225ක් වන අතර ඉන් 196ක් සඳහා මන්ත්‍රීවරුන් තෝරා ගනු ලබන්නේ, මහජන ඡන්දයෙනි.

    ඉතිරි ආසන 29 ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගෙන් සම්පූර්ණ කෙරෙනවා.

    2024 මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ඒ ඒ පක්ෂ සඳහා ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන

    • ජාතික ජන බලවේගය - 18
    • සමගි ජන බලවේගය - 05
    • නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 02
    • සර්ව ජන බලය - 01
    • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 01
    • ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 01
    • ඉලංගෙයි තමිල් අරසු කච්චි - 01

    මේ වන විට, ජාතික ජන බලවේගය සිය ජාතික ලැයිස්තු ආසන 18 සඳහා පත් කරන නම් සහ සර්ව ජනබලයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයාගේ නම ගැසට් නිවේදනයක් මගින් නිකුත් කර තිබෙනවා.

    ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්

    • බිමල් රත්නායක - ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
    • ආචාර්ය අනුර කරුණාතිලක - කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
    • මහාචාර්ය උපාලි පන්නිලගේ - රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පිඨාධිපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
    • එරංග උදේශ් වීරරත්න - සමාගම් ප්‍රධාන විධායක නිලධාරී, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
    • අරුණ ජයසේකර - විශ්‍රාමික මේජර් ජනරාල්, ජාතික ජන බලවේගයේ විශ්‍රාමික හමුදා සාමූහිකයේ ප්‍රධානී
    • ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම - සමාගම් අධ්‍යක්ෂ, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික
    • ජනිත රුවන් කොඩිතුවක්කු - නාවුක සහකාර ඉංජිනේරු, ජාතික ජන බලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සාමාජික
    • පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි - ඉංජිනේරු, ව්‍යාපෘති කළමානාකාර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
    • රාමලිංගම් චන්ද්‍රසේකර් - පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත්‍රික් සංවිධායක
    • වෛද්‍ය නජිත් ඉන්දික - ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, සමාජ ක්‍රියාකාරී, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු
    • සුගත් තිලකරත්න - ඔලිම්පික් ක්‍රීඩක
    • නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර - ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික
    • සුනිල් කුමාර ගමගේ - වරලත් ගණකාධිකාරී, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති
    • ගාමිණී රත්නායක - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෙළෙඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු
    • මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ - ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති, ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති
    • සුගත් වසන්ත ද සිල්වා - සමාජ සේවා නිලධාරී (විශ්‍රාමික), ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති
    • අබුබකර් ආදම්බාවා (දිගාමඩුල්ල දිස්ත්‍රික් අපේක්ෂයෙකු විය)
    • උපාලි සමරසිංහ (වන්නි දිස්ත්‍රික් අපේක්ෂකයෙකු විය)

    සර්ව ජන බලය ජාතික ලැයිස්තු මන්ත්‍රී

    දිලිත් ජයවීර

    ඉලංගෙයි තමිල් අරසු කච්චි ජාතික ලැයිස්තු මන්ත්‍රී

    වෛද්‍ය පී. සත්‍යලිංගම්

    ජාතික ලැයිස්තුවක් ඇයි?

    ජාතික ලැයිස්තු ක්‍ර‍මවේදය ක්‍රියාත්මක කිරීමේ අරමුණ වන්නේ, ‘වෘත්තීය වශයෙන් දේශපාලනයේ නිරත නොවීම හමුවේ වන පූර්ව ස්ථාපිත ප්‍ර‍ජා සබඳතා සහ සම්බන්ධතා ජාල නොමැති, නමුත් පාර්ලිමේන්තුව සඳහා දායකත්වය ලබා දීම වැදගත් වන වෘත්තිකයින්, විද්වතුන් ඇතුළු සමාජයේ ප්‍ර‍මුඛ පුද්ගලයින්ට පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්වය හා එක් වීමට අවස්ථාවක් උදා කර දීම’ බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

    ඒ හරහා, ‘ජනප්‍රිය දේශපාලන චරිත ලෙස පිළිගැනීමක් නැති, එහෙත්, අධ්‍යාපනය හා වෘත්තීය වශයෙන් පාර්ලිමේන්තුව තුළට අගයක් එක් කළ හැකි පුද්ගලයින්ට ඉඩ ලබා දීම’ සිදු කෙරෙනවා.

    කෙසේ වෙතත්, මහජන ඡන්දයෙන් පරාජය ලැබූවන්, දේශපාලන පක්ෂවල හිතවතුන් ආදී පුද්ගලයින් ද ජාතික ලැයිස්තු ක්‍රමවේදය හරහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර ලබා ගත් අවස්ථා බහුල ය.

    දේශපාලන පක්ෂවලට සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව ලැබෙන්නේ, දිස්ත්‍රික් පදනමින් නොව, (‘ජාතික ලැයිස්තුව‘ යන නාමයට අනුකූලව ම) සමස්ත දිවයින තුළින් ම ඔවුන් ලබාගන්නා ඡන්ද ප්‍ර‍මාණය මත පදනම් ව ය.

    දේශපාලන පක්ෂයක් සිය ජාතික ලැයිස්තු සාමාජිකයින් ඡන්දයට පෙර නම් කළ යුතු අතර පත්කිරීම් ඒ ලැයිස්තුව පදනම් ව සිදු කෙරෙතැයි අපේක්ෂා කෙරෙනවා.

    සිය ඡන්දය භාවිත කිරීමේදී ඡන්දදායකයාට දිස්ත්‍රික් පදනමින් තමන් කැමති ම අපේක්ෂකයින් තිදෙනා සඳහන් කළ හැකි වුවත් ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ට මනාප පළ කළ හැකි අවස්ථාවක් නැහැ. එම අපේක්ෂකයින් පක්ෂයේ කැමැත්ත මත පදනම්ව, වක්‍ර‍ව තේරී පත්වන බව පිළිගැනෙන්නේ ඒ නිසායි.

  10. 'ලේසියෙන් සමුගන්නේ නෑ'

    මාධ්‍යවේදියා : "සටන අත්හරිනවා ද?"

    මහින්ද රාජපක්ෂ : "පිස්සු ද?"

    මාධ්‍යවේදියා : "දේශපාලනයෙන් සමුගන්නවා ද ?"

    මහින්ද රාජපක්ෂ : "ලේසියෙන් සමුගන්නේ නෑ"

  11. මෙවර මහ මැතිවරණයේදී වැඩි ම මනාප ලබා ගත් අපේක්ෂකයින් 5 දෙනා කවුදැයි ඔබ දන්නවා ද?

    2024 මහ මැතිවරණ කටයුතු මේ වන විට අවසන් වී තිබුණ ද බොහෝ දෙනෙකුගේ අවධානය දැන් අපේක්ෂකයින් ලබා ගත් මනාප ගණන කෙරෙහි යොමු වී තිබේ.

    මේ, මෙවර මහ මැතිවරණයේදී වැඩි ම මනාප ලබා ගත් අපේක්ෂකයින් 5 දෙනා පිළිබඳව කෙරෙන විමසා බැලීමකි.

    1.විජිත හේරත් - මහා මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාව හිමිකර ගැනීමට විජිත හේරත් සමත්විය. ඔහු ලබා ගත් මනාප ඡන්ද සංඛ්‍යාව 716,715කි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ය. ඔහු ලබා ගෙන තිබූ මනාප සංඛ්‍යාව 527,364කි.

    2. හරිනි අමරසූරිය - 2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩි ම මනාප ගණනක් ලබා ගත් අපේක්ෂිකාව බවට පත්වූවා ය.

    මෙරට දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් ඉකුත් සැප්තැම්බර් මස 21 වන දින පැවති ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නා ය.

    ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය දශකයක කාලය තුළ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කළා ය.

    ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පත් වීමට පෙර ජාතික ජන බලවේගයේ දේශපාලන ක්‍රියාකාරීත්වයේ සිටි අතර, 2020 මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය හිමි කරගත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත් වූවා ය.

    3. වෛද්‍ය නලින් ද ජයතිස්ස තුන් වැනි ස්ථානයට වැඩිම මනාප සංඛ්‍යාවක් හිමිකර ගත් මහා මැතිවරණ අපෙක්ෂකයා බවට පත්විය. ඒ, ඡන්ද 371,640 ලබා ගනිමිනි. ඔහු මැතිවරණයට තරග කරනු ලැබුවේ කළුතර දිස්ත්‍රික්කයෙනි.

    4. නාමල් කරුණාරත්න - මනාප ඡන්ද 356,969 ලබා ගත්තේ කරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කරමිනි.

    5. කේ. ඩී. ලාල්කාන්ත මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට තරග කරමින් මනාප ඡන්ද 316951 ක් ලබා ගත්තේ ය.

  12. ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය, විජිත හේරත්ට ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාව

    ජාතික ජන බලවේගය

    විජිත හේරත් - 716715

    අනිල් ජයන්ත ප්‍රනාන්දු - 162433

    මහින්දවංශ ජයසිංහ - 137315

    ක්‍රිශාන්ත සිල්වා අබේසේන - 121 825

    මෙහොමඩ් මුනීර් -109815

    අශෝක සපුමල් රන්වල - 109332

    එන්.ඩී විජේසිංහ - 83061

    රුවන් නිශාන්ත මාපලගම -78673

    ලසිත් භාෂණ - 74058

    ප්‍රගීත් මධුරංග - 70887

    සුදර්ශ චම්පික හෙට්ටිආරච්චි - 70373

    ජයකොඩි ආරච්චිලාගේ රුවන්තිලක - 68210

    හේමාලි සුජීවා - 66737

    උපාලි ප්‍රියන්ත අබේවික්‍රම - 60595

    ප්‍රියාන් ස්ටෙෆනි ප්‍රනාන්දු - 57634

    චමින්ද ලලිත් කුමාර - 53,451

    සමගි ජනබලවේගය

    හර්ෂණ රාජකරුණා - 67004

    කාවින් ද ජයවර්ධන - 37597

    අමිල ප්‍රසාද් - 23699

  13. දිගාමඬුල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල

    ජාතික ජන බලවේගය

    වසන්ත පියතිස්ස - 71120

    මංජුල සුගත් රත්නායක - 50838

    ප්‍රියන්ත කුමාර් විජේරත්න - 41313

    මුතුමැණිකේ රත්වත්තේ 32145

    අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය

    මුහම්මදු තාහීර් - 14511

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස්

    මීරාසාහිඹු උදුමාලෙබ්බේ - 13016

    ඉලංගෙයි තමිල් අරුසු කච්චි

    කවීන්ද්‍රන් කෝඩීස්වරන් - 11962

  14. කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය

    ජාතික ජන බලවේගය

    හරිනි අමරසුරිය - 655,289

    චතුරංග අබේසිංහ - 127,166

    සුනිල් වටගල - 125,700

    ලක්ෂ්මන් නිපුන ආරච්චි - 96,273

    අරුණ පනාගොඩගේ - 91,081

    එරන්ග ගුණසේකර - 85,180

    හර්ෂණ නානායක්කාර - 82,275

    කෞශල්‍යා ආරියරත්න -80,814

    අසිත නිරෝෂන එගොඩවිතානගේ - 78,990

    මොහොමඩ් රිස්වි සාලි - 73,018

    සුසන්ත දොඩාවත්ත - 65,391

    චන්දන සුරියආරච්චි - 63,387

    සමන්මලී ගුණසිංහ - 59,657

    දේවානන්ද සුරවීර - 54,680

    සමගි ජන බලවේගය

    සජිත් ප්‍රේමදාස -145,611

    හර්ෂ ද සිල්වා - 81,47

    මුජිබර් රහුමාන් - 43,737

    ⁠එස්.එම්. මරික්කාර් - 41,482

  15. කුරුණෑගල මනාප ප්‍රතිඵලය

    ජාතික ජනබල වේගය

    නාමල් කරුණාරත්න - 356,969

    ආනන්ද විජේපාල - 133,142

    සුජීව ඉන්දික දිසානායක - 109,979

    බී.එම්. විජේසිරි - 86,218

    කුමාරී හේරත් - 84,414

    නාමල් සුදර්ශන ලක්ෂ්මන් - 83,418

    ජගත් කුමාර ගුණවර්ධන - 81,864

    අශෝක ගුණසේන - 72,216

    ජී.ඩී. සුරියබණ්ඩාර - 72,198

    චන්දන මිහිර බණ්ඩාර තෙන්නකෝන් - 70,038

    ධර්මප්‍රිය දිසානායක - 68,580

    මහම්මදු අස්ලම් - 67,346

    සමගි ජනබල වේගය

    නලීන් බණ්ඩාර - 58,971

    දයාසිරි ජයසේකර - 51,402

    අලවතුවල ජයදේව චන්ද්‍රවංශ - 46,915

  16. රත්නපුර දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල

    ජාතික ජනබල වේගය

    ශාන්ත පද්මකුමාර - 137,965

    ⁠සුන්දරලිංගම් ප්‍රදීප් - 112,711

    හිනිදුම සුනිල් සෙනවි - 76,505

    ජනක සේනාරත්න - 74,068

    සුනිල් රාජපක්ෂ - 58,138

    වසන්ත පුෂ්පකුමාර - 52,814

    නිලුෂා ලක්මාලි - 48,791

    සමගි ජනබල වේගය

    හේෂා විතානගේ -54,850

    ⁠වරුණ ප්‍රියන්ත ලියනගේ - 44,705

    බාසුරියගේ ආරියවංශ - 26,760

  17. කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල

    ජාතික ජන බලවේගය

    ධම්මික පටබැඳි - 186,409

    කෝසල ජයවීර - 61,713

    සාගරිකා අතාවුද - 59,019

    මනෝජ් රාජපක්ෂ - 54,173

    නන්දන මිල්ලගල - 49,635

    කංචන වැලිපිටිය - 45,723

    නන්ද බණ්ඩාර - 45,115

    සමගි ජන බලවේගය

    කබීර් හෂීම් - 36,034

    සුජිත් සංජය පෙරේරා - 26,164

  18. පුත්තලම දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල

    ජාතික ජන බලවේගය

    චන්දන අබේරත්න - 113,334

    අජිත් ගිහාන් - 58,183

    ගයාන් ජානක - 51,233

    හිරුණි විජේසිංහ - 44,057

    ඇන්ටන් ජයකොඩි - 43,907

    මොහොමඩ් ෆයිසාල් - 42,939

    සමගි ජන බලවේගය

    හෙක්ටර් අප්පුහාමි - 25,755

    ජනත් චිත්‍රාල් - 18,916

  19. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල

    ජාතික ජන බලවේගය

    අරුන් හේමචන්ද්‍ර 38,368

    ඒ.ජී.ආර් ප්‍රියසංජන 25,814

    සමගි ජන බලවේගය

    ඉම්රාන් මහරුෆ් 22,779

    ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය

    කේ.එස් කුගදාසන් 18,470

  20. කළුතර දිස්ත්‍රික් මනාප ප්‍රතිඵලය

    ජාතික ජන බලවේගය

    නලින්ද ජයතිස්ස - 371,640

    නිලන්ති කොට්ටහච්චි – 131,375

    නිහාල් අබේසිංහ – 96,721

    සංජීව රණසිංහ – 78,832

    ධනුෂ්ක රංගනාත් – 74,502

    ඔෂානි උමංගා – 69,232

    චන්දිම හෙට්ටිආරච්චි – 50,509

    නන්දන පද්මකුමාර – 50,452

    සමගි ජන බලවේගය

    අජිත් පී පෙරේරා – 43,975

    ජගත් විතාන – 43,867

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

    රෝහිත අබේගුණවර්ධන – 10,204