Budget 2025: අයවැය යෝජනා මොනවාද?
රාජ්‍ය අංශයේ අවම මාසික මූලික වැටුප රු. 24,250 සිට රු 40,000 දක්වා රු. 15,750කින් වැඩි කිරීමට යෝජනා කර තිබේ. මුළු ශුද්ධ වැටුප් වැඩිවීමෙන් රු. 5,000ක් සහ ඉතිරි මුදලින් 30%ක් 2025 වසරේ අප්‍රේල් මස සිට ගෙවනු ලබන අතර, ඉතිරි 70% 2026 වසරේ ජනවාරි සහ 2027 වසරේ ජනවාරි මාසවලදී කොටස් වශයෙන් ගෙවනු ඇත.
සාරාංශය
- මන්ත්‍රීවරුන්ට මේ වසරේ වාහන හෝ වාහන බලපත්‍ර නැහැ. - ජනපති
- රජය සතු සියලු සුඛෝපභෝගී වාහන මාර්තු මාසයේ වෙන්දේසී කිරීමට පියවර.
- නවෝත්පාදන හා නව නිපැයුම් අරමුදලක් පිහිටුවීමට රු. මිලියන 1000ක්.
- කටුනායක ගුවන් තොටුපලේ දෙවැනි පර්යන්තය ජපන් ආධාර යටතේ කඩිනමින් ආරම්භ කිරීමට පියවර.
- අස්වැසුම ඇතුළු සාමාජ ආරක්ෂණයට රුපියල් බිලියන 232.5ක් වෙන් කෙරේ.
- මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000 සිට 7500 දක්වා ඉහළට
- ඩිජිටල් ආර්ථික අධිකාරියක් ස්ථාපනයට යෝජනා
- රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට යෝජනා
- ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා 3%ක අමතර පොලියක්
- 'ශ්‍රී ලාංකික දිනයක්' පැවැත්වීමට යෝජනා
සජීවී වාර්තාකරණය
ඉෂාරා ධනසේකර, ප්‍රවෘත්ති සංස්කාරක, බීබීසී සිංහල/ සම්පත් දිසානායක, ජ්‍යෙෂ්ඨ ඩිජිටල් වාර්තාකරු, බීබීසී සිංහල
වීඩියෝ ශීර්ෂ වැකිය, අයවැය 2025: ආචාර්ය අමාලි වෙදගෙදර සමග සංවාදය වැඩි ම වියදම් සහිත අමාත්‍යංශ මොනවා ද?

2025 වසර සඳහා වැය ශීර්ෂය රුපියල් බිලියන 400ට වඩා වැඩි අමාත්‍යංශ 5ක් තිබේ.
ඒ අතරින්, වැඩි ම මුදලක් වෙන් කිරීමට යෝජනා කර ඇත්තේ, ජනාධිපතිවරයා යටතේ ඇති මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සඳහා ය.
වැඩි ම මුදලක් වෙන් කර ඇති අමාත්‍යංශ සහ වැය ශීර්ෂ මෙසේ ය.
- මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය - රු.බි. 714.1
- සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය - රු.බි. 508.5
- රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය - රු.බි. 496.5
- ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය - රු.බි. 473.4
- ආරක්ෂක අමාත්‍යංශය - රු.බි. 442



පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම මාසික වැටුප
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම මාසික වැටුප රු. 21,000 සිට 2025 වසරේ අප්‍රේල් මස රු. 27,000ක් ලෙස සහ 2026 වසරේ සිට රු. 30,000ක් ලෙස ඉහළ නැවීමට යෝජනා කර තිබෙනවා.
වතු කම්කරුවන්ගේ යෝජිත රු. 1,700ක වැටුප ලබා දීමට රජය මැදිහත් වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.
රාජ්‍ය සේවක වැටුප් ඉහළට
රාජ්‍ය අංශයේ අවම මාසික මූලික වැටුප රු. 24,250 සිට රු 40,000 දක්වා රු. 15,750කින් වැඩි කිරීමට යෝජනා කෙරේ.
- දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කිරීම
- වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම 80%කින් ඉහළ නැංවීම.
- රාජ්‍ය අංශයේ සියලු ම සේවකයින්ගේ වාර්ෂික වැටුප් වර්ධකය එම ප්‍රතිශතයට ගැළපීම
- මෙම වැටුප් වැඩිවීමේ සමස්ත ඇස්තමේන්තුගත වියදම රු. බි. 325ක්
- පවතින රාජ්‍ය මූල්‍ය බාධා සැලකිල්ලට ගෙන මෙම වැටුප් වැඩිවීම අදියර කිහිපයකින් ක්‍රියාත්මක කිරීම
- මුළු ශුද්ධ වැටුප් වැඩිවීමෙන් රු. 5,000ක් සහ ඉතිරි මුදලින් 30%ක් 2025 වසරේ අප්‍රේල් මස සිට ගෙවනු ලබන අතර, ඉතිරි 70% 2026 වසරේ ජනවාරි සහ 2027 වසරේ ජනවාරි මාසවලදී කොටස් වශයෙන් ගෙවීම
- 2025 ජනවාරි මස 1 වන දා හෝ ඉන් පසුව විශ්‍රාම යන නිලධාරීන්ගේ විශ්‍රාම ප්‍රතිලාභ නව වැටුප් ව්‍යුහය මත ගණනය කිරීම
- රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය සීමාව රු. 250,000 සිට රු. 400,000 දක්වා ඉහළ දැමීම
'ශ්‍රී ලාංකික දිනය'
‘ශ්‍රී ලාංකික දිනය’ නමින් ජාතික උත්සවයක් පැවැත්වීමට ජනාධිපතිවරයා යෝජනා කර තිබෙනවා.
මෙම උත්සවය පෞද්ගලික අංශයේද සහභාගීත්වයෙන් සංවිධාන කෙරෙනු ඇත.
මේ සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා.
“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්ති රාමුව, ප්‍රජාවන් අතර පරතරයන් පියවීමට කැපවීම, සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් සඳහා දැක්මක් ඉදිරිපත් තිබේ.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා 3%ක අමතර පොලියක්, ආර්ථික පරිවර්තන පනත සංශෝධනය කිරීමටත් යෝජනා
වීඩියෝ ශීර්ෂ වැකිය, Budget 2025: ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සම්පූර්ණ කතාව ද්විත්ව බදුකරණ ගිවිසුම පුළුල් කෙරෙනු ඇත.
ආර්ථික පරිවර්තන පනත සංශෝධනය කිරීමට යෝජනා කෙරේ.
භාවිත නොකළ රජය සතු ඉඩම් ඵලදායි ආර්ථික කටයුතු සඳහා බදු දෙනු ඇත.
ආර්ථික ක්‍රියාවලිය සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් යොදා ගැනීමට යෝජනා කෙරේ.
එක් ස්ථානයකින් සියලු සේවා යන සංකල්පය ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට නීති සම්පාදනය කෙරෙනු ඇත.
ඉපැයීම් සහ ලාභාංශ නැවත මෙරටට ගෙන්වා ගැනීමට නිරීක්ෂණය කිරීමට සුදුසු ආරක්ෂණ ක්‍රමවේදයක් ස්ථාපනය කිරීම දේශීය සමාගම් හට විදේශයන්හි ආයෝජනය කිරීමට ඇති බාධක සමාලෝචනය කර ඒවා ක්‍රමයෙන් අඩු කිරීමට කටයුතු කිරීම
බිම්සවිය වැඩසටහන කඩිනම් කෙරේ.
බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කෙරෙනු ඇත.
රට තුළ ජාතික තත්ත්ව කළමනාකරණ පද්ධතිය අපේක්ෂිත ප්‍රතිඵල සපුරාලීමට 2025 වසර සඳහා රු. මි. 750ක් වෙන් කිරීමට යෝජනා කිරීම
මසක් ඇතුළත යෝජිත කොළඹ බටහිර 2 පර්යන්තය සහ කොළඹ උතුරු වරාය ව්‍යාපෘති සඳහා අභිලාෂයන් කැඳවීමට අපේක්ෂා කෙරෙයි.
කෙරවළපිටිය රේගු පරීක්ෂණ අංගනයේ සහ බ්ලූමැන්ඩල් භාණ්ඩ සේවා සැපයුම් උද්‍යානයේ මූලික සූදානම් කිරීම කටයුතු සඳහා සහය වීමට රු. මි. 500ක් වෙන් කර තිබෙනවා.
කොළඹ වරාය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා උසස් ස්කෑන් පද්ධතිවල මූලික සංවර්ධනය සහ ස්ථාපනය කිරීම සඳහා සහය වීමට රු.මි. 1000ක් වෙන් කර තිබෙනවා.
වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා 3%ක අමතර පොලියක් ලබා දීමට ද ජනාධිපතිවරයා යෝජනා කර සිටියා.
2025 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට, 5%ක ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට අපෙක්ෂා

මේ වසරේදී 5%ක ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට අපෙක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසනායක පවසනවා.
අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ, මන්ත්‍රීවරුන්ට මේ වසරේ වාහන හෝ වාහන බලපත්‍ර ලබා නොදෙන බවය.
රජය සතු සියලු සුඛෝපභෝගී වාහන මාර්තු මාසයේ වෙන්දේසී කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
නොවෝත්පාදන හා නව නිපැයුම් අරමුදලක් පිහිටුවීමට රු. මිලියන 1000ක් වෙන්කර තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපලේ දෙවැනි පර්යන්තය ජපන් ආධාර යටතේ කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා පැවසුවා.
2025- 2029 සඳහා ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.
සරල, විනිද පෙනෙන සහ පුරෝකථනය කළ හැකි තීරු බදු රාමුවක් නිර්මාණය කිරීම සඳහා ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් මත පදනම්ව නව තීරු බදු නිර්ණය කෙරෙනු ඇත.
ශ්‍රී ලංකාවේ නිදහස් වෙළෙඳ ගිවිසුම් ජාලය පුළුල් කිරීමට කටයුතු කරනවා.
ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා
විදේශ වෙළෙඳාමට සම්බන්ධ ප්‍රධාන ආයතන සහ අපනයනකරුවන් ලියාපදිංචිය ස්වයංක්‍රිය සහ ඩිජිටල්කරණය කිරීම තුළින් ජාතික තනි වෙළෙඳ කවුළුවක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර
නව රේගු පනතක් ද හඳුන්වා දීමදීමට නියමිතය.
රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය සම්බන්ධව නව පනතක් හඳුන්වා දීමටද අපේක්ෂ කෙරේ.
2025 වසරේදී භාණ්ඩ හා සේවා අපනයන ඩොලර් බිලියන 19කට ආසන්න වාර්තාගත ඉහළ මට්ටමක් අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකාව 2028 වසරේ සිට ක්‍රමානුකූලව වැඩිවන ණය සේවාකරණ ගෙවීම සඳහා ඉතා හොඳ සූදානමක සිටින බව තහවුරු කරනවා
2028 ණය සාර්ථකව ගෙවන රාජ්‍යයක් බවට පරිවර්තනය කරන බවත් දිළිඳු බව වර්ධනයට තිත තබා එය අවගමනය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් 2025 වසරේ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
අයවැය ඉදිරිපත් කිරීමට සියල්ල සූදානම්, 2025 අයවැය ලේඛනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය
ජාතික ජන බලවේගය බලයට පත්වීමෙන් පසු ඉදිරිපත් කෙරෙන පළමු අයවැය අද දින (පෙබරවාරි 17) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.
සම්ප්‍රදායානුකූලව අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මුදල් අමාත්‍යවරයා යි. ඒ අනුව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.
විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ජනවාරි 09 වන දා පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණා. 2025 අයවැය ලේඛනය සඳහා අද (17) උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබෙනවා.
අයවැය යෝජනා සම්බන්ධයෙන් වැඩිදුර දැන ගැනීම සදහා බීබීසී සිංහල සමග රැඳී සිටින්න.


