රනිල් වික්‍රමසිංහ : ‘ආසියාවේ සමගිය බිඳ හෙලීමට ශ්‍රී ලංකාව කිසිදු අයුරකින් අනුබල දෙන්නේ නෑ’

ආසියාවේ සමගියට බාධා වන කිසිඳු කාර්යයක් සඳහා ශ්‍රී ලංකාව අනුබල ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ඡායාරූප මූලාශ්‍රය, PMD

'ආසියාවේ සමගියට බාධා වන කිසිඳු කාර්යයක් සඳහා ශ්‍රී ලංකාව අනුබල ලබා නොදෙන බව' ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආසියාවේ ඉදිකළ ප්‍රථම සම්මන්ත්‍රණ ශාලාව වන කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදි කර වසර 50ක් සපිරීම නිමිත්තෙන් (මැයි 10 වැනිදා) පස්වරුවේ පැවති උත්සවයට සහභාගී වෙමින් අවධාරණය කොට තිබේ.

ආසියානු භූ දේශපාලනය සහ පැසිපික් කලාපයේ දේශපාලනය අතර බොහෝ වෙනස්කම් තිබෙන බවත් එම වෙනස්කම් හඳුනා ගනිමින් සාමය හා ස්ථාවරත්වය රැක ගැනීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත.

ඉදිරි දශක දෙක තුළදී ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ලෙස ඉදිරියට ගෙන යාමට නම් නොබැඳි ප්‍රතිපත්තිය, පංචශීලය හා ආසියානු ප්‍රතිපත්තිය ප්‍රයෝජනයට ගත යුතු බව ද ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

ආසියානු භූ දේශපාලනය සහ පැසිපික් කලාපයේ දේශපාලනය අතර බොහෝ වෙනස්කම් තිබෙන බවත් එම වෙනස්කම් හඳුනා ගනිමින් සාමය හා ස්ථාවරත්වය රැක ගැනීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඡායාරූප මූලාශ්‍රය, PMD

ඡායාරූප ශීර්ෂ වැකිය, ආසියානු භූ දේශපාලනය සහ පැසිපික් කලාපයේ දේශපාලනය අතර බොහෝ වෙනස්කම් තිබෙන බවත් එම වෙනස්කම් හඳුනා ගනිමින් සාමය හා ස්ථාවරත්වය රැක ගැනීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත.

අසමගියට පත් කළ නොහැකි වී ඇත්තේ ඉන්දියානු සාගරයේ රටවල් පමණයි

“නොබැඳි ප්‍රතිපත්තිය, පංචසීලය හා ආසියානු ප්‍රතිපත්තිය ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යා හැකියි. එම පොදු කරුණු අදටත් වලංගු වෙනවා. මෙම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ආසියාවේ සමගිය සම්බන්ධයෙන් පෙන්වාදිය හැකි හොඳ උදාහරණයක් බව කිවයුතුයි.” ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කොට තිබේ.

“මෙය අපට ලැබුණේ ත්‍යාගයක් ලෙසයි. ආසියාවේ පවතින සමගිය අප මෙලෙසින්ම ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවත් මම කියන්න කැමතියි. ලෝක බල අරගලයේ දී අසමගියට පත් කළ නොහැකි වී ඇත්තේ ඉන්දියානු සාගරයේ රටවල් පමණක් බවත් මෙහිදී සිහිපත් කළයුතුයි.”

“ලෝක බලවතුන් වීමේ අභිලාෂයෙන් ඇතැම් කණ්ඩායම් පැසිෆික් සාගරයේ රටවල් අතර සමගිය යටපත් කරමින් යුදමය තත්ත්වයකට ඇද දමා තිබෙනවා. එය ඉන්දියානු සාගරයට පැමිණීම වැළැක්වීමට අප එක්ව කටයුතු කළ යුතුයි. එමෙන්ම ආසියාවේ සමගිය බිඳ හෙලීමට කිසිදු අයුරකින් ශ්‍රී ලංකාව අනුබල ලබා නොදෙන බව ද මම අවධාරණය කරනවා.” යනුවෙන් මාධ්‍ය නිවේදනය ජනපතිවරයා උපුටා දක්වා ඇත.

ආසියාවේ ඉදිකළ ප්‍රථම සම්මන්ත්‍රණ ශාලාව වන කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදි කර වසර 50ක් සපිරීම නිමිත්තෙන් (මැයි 10 වැනිදා) පස්වරුවේ පැවති උත්සවය.

ඡායාරූප මූලාශ්‍රය, PMD

ඡායාරූප ශීර්ෂ වැකිය, ආසියාවේ ඉදිකළ ප්‍රථම සම්මන්ත්‍රණ ශාලාව වන කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදි කර වසර 50ක් සපිරීම නිමිත්තෙන් (මැයි 10 වැනිදා) පස්වරුවේ පැවති උත්සවය.

'බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව, ශ්‍රී ලංකා - චීන මිතුදමේ සදා සලකුණයි'

වසර 50ක් අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහ ලොව පුරා විශිෂ්ඨ සේවයක් කිරීම වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව වෙත සුබ පැතුම් එක් කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබා ඇත.

සම්මන්ත්‍රණ ශාලාව සම්බන්ධයෙන් අතීත සිදුවීමක් ද චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබිණි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

‘එවක චීන අග්‍රාමාත්‍යවරයා වන ෂෝ එන්ලායි විසින් ශ්‍රී ලංකාවේ එවක අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට මෙසේ පැවසීය’.“බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වයේ සදා සංකේතයක් වනු ඇත." යනුවෙන් එහි සටහන් වෙයි.