ලෝක කුසලාන අවසන් පුර්ව වටයට පිවිසෙන්න ශ්‍රී ලංකාවට තවමත් අවස්ථාවක් තිබේද ?

ඉන්දියාව හමුවේ ලද අන්ත පරාජය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් පුර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමිව ඇත්දැයි බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඉන්දියාව හමුවේ ලද අන්ත පරාජය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් පුර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමිව ඇත්දැයි බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත.

මෙවර ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලද පළමු කණ්ඩායම වන්නේ ඉන්දියාවයි.

මීට අමතරව දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම් ලෝක කුසලාන එක්දින තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටියි.

එම කණ්ඩායම් වලට හැර අනෙක් කණ්ඩායම් වලට මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉඩක් තිබේද ? මේ ඒ සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමයි.

ශ්‍රී ලංකාව පරාජය කිරීමෙන් පසු ඉන්දියාවට අවසන් පූර්ව ස්ථානය සහතික වී ඇති අතර දැන් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ හැකියි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාව පරාජය කිරීමෙන් පසු ඉන්දියාවට අවසන් පූර්ව ස්ථානය සහතික වී ඇති අතර දැන් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ හැකියි.

ඉන්දියාව

වත්මන් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව : 14

ලබා ගත හැකි උපරිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව : 18

ශ්‍රී ලංකාව පරාජය කිරීමෙන් පසු ඉන්දියාවට අවසන් පූර්ව ස්ථානය සහතික වී ඇති අතර දැන් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ හැකියි.

දකුණු අප්‍රිකාව

මෙතැන් සිට පිළිමළුන් පිටුදැකීමේ අදියරට පැමිණීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අපොහොසත් වුවහොත් එය විශාල පුදුමයක් වනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙතැන් සිට පිළිමළුන් පිටුදැකීමේ අදියරට පැමිණීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අපොහොසත් වුවහොත් එය විශාල පුදුමයක් වනු ඇත.

වත්මන් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව : 12

ලබා ගත හැකි උපරිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව : 16

දකුණු අප්‍රිකාව අර්ධ අවසන් පූර්ව වටයට පැමිණීමට දැනටමත් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් ලබා ඇත.

ඉතිරි තරඟ දෙකෙන් ලබන එක් ජයග්‍රහණයක් තරගාවලියේ අවසන් පුර්ව වටයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමිවන ස්ථානය තහවුරු කරනු ඇත.

විනිශ්චය : මෙතැන් සිට පිළිමළුන් පිටුදැකීමේ අදියරට පැමිණීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අපොහොසත් වුවහොත් එය විශාල පුදුමයක් වනු ඇත.

ඕස්ට්‍රේලියාව

වත්මන් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව : 8

ලබා ගත හැකි උපරිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව : 14

ඔස්ට්‍රේලියාවට අවසන් කණ්ඩායම් හතරට ඇතුළත් වීමට නම් ඔවුන්ගේ ඉතිරි කණ්ඩායම් තරග තුනම ජය ගැනීමට අවශ්‍ය වේ.

අනෙක් කණ්ඩායම් ලබන ප්‍රතිඵල මත ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඉදිරියේදී ක්‍රීඩා කිරීමට නියමිත තරග වලින් එකක් හෝ දෙකක් ජයග්‍රහණ කිරීම හරහා අවසන් පුර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු තබා ගත හැක.

විනිශ්චය : තරගාවලියේ ආරම්භයේ දී ලැබූ පසුගාමීත්වය අභිබවා අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබන සිව්දෙනා අතරට පැමිණීමේ හැකියාව ඔස්ට්‍රේලියාවට ඇත.

නවසීලන්තය

නවසීලන්ත කණ්ඩායමට අවසන් පුර්ව වටයේ ඔවුන්ගේ ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණය කිරීම අවශ්‍ය වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නවසීලන්ත කණ්ඩායමට අවසන් පුර්ව වටයේ ඔවුන්ගේ ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණය කිරීම අවශ්‍ය වේ.

වත්මන් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව : 8

ලබා ගත හැකි උපරිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව : 12

නවසීලන්තය තවමත් අවසන් පූර්ව වටයට පිවිසිමට සුදුසුකම් ලබා නොමැත. පිට පිට ලැබූ පරාජයන් තුනක් හේතුවෙන් නවසීලන්ත කණ්ඩායමට යම් අවිනිශ්චිත භාවයක් නිර්මාණය කරගෙන තිබේ.

ඔවුන් පකිස්තානය සමග පැවැත්වෙන තරගය පරාජය වුවහොත් ප්‍රතිවාදී කණ්ඩායම්වලට එය අවසන් පුර්ව වටය සඳහා මග විවර කිරීමක් වනු ඇත.

නවසීලන්ත කණ්ඩායමට අවසන් පුර්ව වටයේ ඔවුන්ගේ ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණය කිරීම අවශ්‍ය වේ.

තවද ඔවුන්ගේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය ඉහලින් තබාගත යුතුය.

විනිශ්චය : පකිස්තානය සමග හෙට ( නොවැම්බර් 04 වෙනිදා) පැවැත්වෙන තරගය උණුසුම් එකක් වනු ඇත.

පකිස්ථානය

යථාර්ථවාදීව පකිස්තානයට ඔවුන්ගේ ඉතිරි තරග දෙකම ජයග්‍රහණය කිරීමට හැකි වුවද යම් හෙයකින් එය ප්‍රමාණවත් නොවිය හැක.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යථාර්ථවාදීව පකිස්තානයට ඔවුන්ගේ ඉතිරි තරග දෙකම ජයග්‍රහණය කිරීමට හැකි වුවද යම් හෙයකින් එය ප්‍රමාණවත් නොවිය හැක.

වත්මන් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව : 6

ලබා ගත හැකි උපරිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව : 10

පකිස්ථානයට ඉදිරියේදී ක්‍රීඩා කිරීමට ඇති අවසන් තරඟ දෙකෙන් අවම වශයෙන් එක් තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වේ.

එමෙන්ම පකිස්ථානයට අවසන් පුර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට නම් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඔවුන්ගේ ඉතිරි තරඟ සියල්ල පරාජය විය යුතුවේ.

එමෙන්ම පකිස්ථාන කණ්ඩායමේ දළ ලකුණු ලබා ගැනීමේ අනුපාතය වැඩි දියුණු කිරීමට අවශ්‍ය වේ.

යථාර්ථවාදීව පකිස්තානයට ඔවුන්ගේ ඉතිරි තරග දෙකම ජයග්‍රහණය කිරීමට හැකි වුවද යම් හෙයකින් එය ප්‍රමාණවත් නොවිය හැක.

විනිශ්චය : ඉදිරියේදී ලබන තරග ප්‍රතිඵල අනුව පකිස්ථානයට ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් පුර්ව වටයට පිවිසීමට ඇති හැකියාව ඇත්තේ අතරමැදි තැනකය.

ඇෆ්ගනිස්ථානය

වත්මන් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව :6

ලබා ගත හැකි උපරිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව : 12

අවසන් පුර්ව වටය දක්වා යාමේ අවස්ථාව පවතින බැවින් ඔවුන්ට අවම වශයෙන් අවසන් තරඟ තුනෙන් එකක් හෝ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වනු ඇත.

නමුත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට යථාර්ථවාදීව ජයග්‍රහණ දෙකක් හෝ තුනක් අවශ්‍ය විය හැක.

විනිශ්චය : ලද විශාල තරග ජයග්‍රහණ තුනක් සමඟින් ඔවුන්ට අවසන් පුර්ව වටයට අවස්ථාවක් ලබා දී ඇත.

නමුත් ඔස්ට්‍රේලියාවට සහ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග සමඟ සුදුසුකම් ලැබීම පහසු කර්තව්‍යයක් නොවනු ඇත.

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ ලද දරුණු පරාජය හමුවේ අවසන් පුර්ව වටය සඳහා සුදුසුකම් ලැබීම අතිශයින් දුෂ්කර තත්ත්වයකට පත් කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ ලද දරුණු පරාජය හමුවේ අවසන් පුර්ව වටය සඳහා සුදුසුකම් ලැබීම අතිශයින් දුෂ්කර තත්ත්වයකට පත් කර ඇත.

වත්මන් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව : 4

ලබා ගත හැකි උපරිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව : 8

අවසන් පූර්ව වටයට පැමිණීමට නම් ශ්‍රී ලංකාවට ඔවුන්ගේ අවසන් තරග දෙකම ජයග්‍රහණය කිරීම අවශ්‍ය වේ.

නමුත් ඒ සඳහා ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඔවුන්ගේ ඉතිරි තරග පරාජය වීම සහ ශ්‍රී ලංකාවට ඔවුන්ගේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීම අවශ්‍ය වේ.

විනිශ්චය : ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ ලද දරුණු පරාජය හමුවේ අවසන් පුර්ව වටය සඳහා සුදුසුකම් ලැබීම අතිශයින් දුෂ්කර තත්ත්වයකට පත් කර ඇත.

නෙදර්ලන්තය

වත්මන් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව : 4

ලබා ගත හැකි උපරිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව : 10

අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමට නම් නෙදර්ලන්තයට ඔවුන්ගේ ඉතිරි තරඟ තුනෙන් අවම වශයෙන් ජයග්‍රහණ දෙකක් අවශ්‍ය වේ.

නමුත් ඒ සඳහා ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයට ඔවුන්ගේ ඉතිරි තරඟ සියල්ල පරාජය විය යුතුය.

එමෙන්ම නෙදර්ලන්තය ඔවුන්ගේ දළ ලකුණු ලබා ගැනීමේ අනුපාතය වැඩි දියුණු කිරීමට අවශ්‍ය වේ.

වත්මන් ලෝක කුසලාන හිමිකරුවන්ට ඔවුන්ට ඉදිරියේදී ක්‍රීඩා කිරීමට ඉතිරි ඇති තරග තුනෙන් ජයග්‍රහණ තුනක් අවශ්‍ය වන අතර අවසන් පූර්ව වටයට පැමිණීමට ඔවුන්ගේ දල ලකුණු ලබා ගැනීමේ වේගය සහ වෙනත් කණ්ඩායම්වල තරග ප්‍රතිඵල අසාමාන්‍ය ලෙස වෙනස් විය යුතුය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වත්මන් ලෝක කුසලාන හිමිකරුවන්ට ඔවුන්ට ඉදිරියේදී ක්‍රීඩා කිරීමට ඉතිරි ඇති තරග තුනෙන් ජයග්‍රහණ තුනක් අවශ්‍ය වන අතර අවසන් පූර්ව වටයට පැමිණීමට ඔවුන්ගේ දල ලකුණු ලබා ගැනීමේ වේගය සහ වෙනත් කණ්ඩායම්වල තරග ප්‍රතිඵල අසාමාන්‍ය ලෙස වෙනස් විය යුතුය.

එංගලන්තය

වත්මන් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව : 2

ලබා ගත හැකි උපරිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව : 8

වත්මන් ලෝක කුසලාන හිමිකරුවන්ට ඔවුන්ට ඉදිරියේදී ක්‍රීඩා කිරීමට ඉතිරි ඇති තරග තුනෙන් ජයග්‍රහණ තුනක් අවශ්‍ය වන අතර අවසන් පූර්ව වටයට පැමිණීමට ඔවුන්ගේ දල ලකුණු ලබා ගැනීමේ වේගය සහ වෙනත් කණ්ඩායම්වල තරග ප්‍රතිඵල අසාමාන්‍ය ලෙස වෙනස් විය යුතුය.

බංග්ලාදේශය

වත්මන් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව : 2

ලබා හැකි උපරිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව : 6

පකිස්ථානය හමුවේ ලද පරාජයත් සමග බංග්ලාදේශයට ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටය වෙනුවෙන් බලාපොරොත්තු තබා ගත නොහැක.

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථා (CricViz ට අනුව සහ නොවැම්බර් 1 දක්වා)

දකුණු අප්‍රිකාව 100%, ඉන්දියාව 100%, ඕස්ට්‍රේලියාව 91%, නවසීලන්තය 67%, පකිස්ථානය 19%, ඇෆ්ගනිස්ථානය 15%, ශ්‍රී ලංකාව 8 %, එංගලන්තය 0.2%, බංග්ලාදේශය 0% සහ නෙදර්ලන්තය 0%.

ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහන මෙතරම් වැදගත් වන්නේ ඇයි ?

ලෝක කුසලාන එක්දින තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු හත් දෙනා සත්කාරක පාකිස්තානය සමඟ 2025 චැම්පියන්ස් කුසලානයට ද සුදුසුකම් ලබනු ඇත.

නමුත් පාකිස්තානය පළමු හත් දෙනාගේ ස්ථානයට පත් වුවහොත් මෙවර ප්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් 08 චැම්පියන් කුසලානයට තරග කිරීමට අවස්ථාව උදාවනු ඇත.