'ස්වර්ගයට යවන' බවට දේශනා කරමින් 429 දෙනෙකු මරු තුරුළට යැවූ ‘දේවගැතිවරයෙකුට’ ත්‍රස්ත ක්‍රියා චෝදනා

දේවගැතිවරයෙකු ලෙස තමන්ව ම හදුන්වා ගන්නා පෝල් මැකන්සි අප්‍රේල් මාසයේ සිට අත්අඩංගුවේ පසුවෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දේවගැතිවරයෙකු ලෙස තමන්ව ම හදුන්වා ගන්නා පෝල් මැකන්සි අප්‍රේල් මාසයේ සිට අත්අඩංගුවේ පසුවෙයි.

සමූහ මිනීවළවල්වලින් සොයා ගත් මෘතදේහ 400කට වැඩි පිරිසකගේ මරණවලට අදාළ ඝාතන සහ ත්‍රස්ත ක්‍රියා සිදු කළ බවට සැකපිට කෙන්යානු ආගමික සභාවක නායකයෙකුට චෝදනා භාර දීමට නියමිත බව නිතීඥයෝ පැවසුහ.

මෘත දේහ සිය ගණනක් සොයා ගැනීමෙන් පසු, පෝල් මැකෙන්සි පසුගිය අප්‍රේල් මාසයේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඇතැමෙකු ආහාර නොමැතිකමින් මරණයට පත්වූ බව පිළිගැනේ.

කෙන්යානු නීතිඥයින් පැවසුවේ, බදාදා (ඊයේ) දිනයේදී මලින්ඩි අධිකරණයේදී ඔහුට සහ තවත් 94 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කරණ බවයි.

නමුත් බදාදා, (ඊයේ) ඔවුන් මැකෙන්සි සහ තවත් සැකකරුවන් 30 දෙනෙකු නඩු විභාගයට පෙනී සිටීමට මානසිකව සුදුසු දැයි තීරණය කිරීම සඳහා වෙරළබඩ නගරයක් වන මලින්දි හි උසාවියකින් වැඩි කාලයක් ඉල්ලා සිටියහ.

විනිසුරු මුගුරේ තාන්ඩේ එම ඉල්ලීමට අවසර ලබාදෙමින් පැමිණිල්ලට ඇගයීම් සිදුකිරීමට දින 14 ක කාලයක් ලබා දුන්නේය.

දේවගැතිවරයෙකු බවට පෙනී සිටි ඔහු මරණවල වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

මලින්ඩි සිට පැය දෙකක පමණ කාලයක දුරක් සහිත බටහිර දෙසින් පිහිටි ෂකහෝලා නමැති හුදකලා වනාන්තරයක භූමිය හාරා ළමුන් ඇතුළු 429 දෙනෙකුගේ මළ සිරුරු ගොඩගන්නා ලදී. බොහෝ පිරිසක් ආහාරයක් නොලැබුණු බවට සලකුණු පෙන්නුම් කළ නමුත්, ඔවුන් අතර සිටි දරුවන්ට පහර දී ඇති බවට සැකකෙරේ.

මැකෙන්සි සිය Good News International Church නමැති සභාවේ සාමාජිකයින්ට ලෝකාවසානයට සූදානම් වල ලෙසට බලපෑම් කර ඇතැයි චෝදනා එල්ල වී තිබේ.

එක් සාක්ෂිකරුවෙකු බීබීසී පුවත් සේවයට පැවසුවේ, "ස්වර්ගයට ඇතුළු වීම සදහා" නිරාහාරව සිටීම ආරම්භ කරන ලෙස ඔවුන්ට ජනවාරි මාසයේදී උපදෙස් ලැබුණු බව ය.

කෙසේ වෙතත්, සිය සභාව 2019 වසරේදී වසා දැමූ හෙයින් එම මරණ සම්බන්ධ වගකීම තමාට භාර ගත නොහැකි බව මැකෙන්සි පවසා තිබේ.

ෂකහෝලා වනාන්තරයෙන් සමූහ මිනීවළවල් කිහිපයක් සොයා ගැනිණි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ෂකහෝලා වනාන්තරයෙන් සමූහ මිනීවළවල් කිහිපයක් සොයා ගැනිණි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

විමර්ශන කටයුතු කරගෙන යන බැවින් ඔහු අත්අඩංගුවේ තබා ගන්නා කාලය දීර්ඝ කරන ලෙස විමර්ශකයෝ කිහිප වරක් ම ඉල්ලා සිටියහ.

මිනීමැරුම්, පහරදීම් සහ "ත්‍රස්තවාදී ක්‍රියාවක් කිරීමට පහසුකම් සැලසීම" ඇතුළු වැරදි සම්බන්ධයෙන් ඔහුට සහ අනෙක් සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල කිරීමට ප්‍රමාණවත් සාක්ෂි මේ වන විට තම පරීක්ෂණ තුළින් රැස් කරගෙන ඇති බව විමර්ශන නිලධාරීහු පැවසූහ.

රජයේ නීතිපතිවරයාගේ ප්‍රකාශයක් අනුව, "ළමයෙකු වධහිංසාවට ලක් කිරීම" යන චෝදනාවකට ද ඔවුහු මුහුණ දී සිටිති.

චෝදනා ලැයිස්තුගත කර ඇත්තේ ඒවා ප්‍රසිද්ධියට පත් කිරීමට හෝ සැකකරුවන් නිදහස් කිරීමට අධිකරණය නීතිඥයින්ට ලබා දී තිබූ දෙසතියක කාලසීමාව අවසන් වී සතියකට පසුව ය.

සැකකරුවන් 95 දෙනා අතරින් 64 දෙනෙකු ෂකහෝලා ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, මූලිකව ඔවුන් සැකකාර දේවගැතිවරයාගේ ඉගැන්වීම්වලට ගොදුරු වූවන් ලෙස සලකා, පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ.

කෙසේ වෙතත්, ඔවුන් බොහෝ දෙනෙකු වනාන්තරයේදී මරණයට පත්වූ දරුවන්ගේ දෙමාපියන් බව විමර්ශකයෝ පසුව සොයා ගත්හ.

ඔවුන්ගෙන් ඇතැමෙකු ව්‍යාජ නම් සහ හැදුනුම්පත් ලබා දී තිබූ අතර, ඔවුන්ගේ දරුවන් සම්බන්ධයෙන් වගකීමක් ගැනීමට අපොහොසත් වී තිබිණි.

වලංගු රූගත කිරීමේ බලපත්‍රයක් නොමැතිව ඔහුගේ දේශනා පැවැත්වීම හා වීඩියෝ දර්ශන බෙදා හැරීමට සම්බන්ධ රූගත කිරීමේ මැදිරියක් නීති විරෝධී ලෙස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මැකෙන්සි පසුගිය නොවැම්බරයේදී වරදකරු විය.