ජපානයේ බොහෝ කාන්තාවන් වයස අවුරුදු 100 ඉක්මවා ජීවත්වන රහස

100 years old beauty consultant Tomoko Horino doing make up at her house before heading to the office in Fukushima city. අවුරුදු 100 ක් වයසැති රූපලාවන්‍ය උපදේශක ටොමෝකෝ හොරිනෝ ෆුකුෂිමා නගරයේ පිහිටි සිය කාර්යාලයට යාමට පෙර ඇගේ නිවසේ වේශ නිරූපණය කරමින්.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2023 දී, ටොමෝකෝ හොරිනෝ වයස අවුරුදු 100 දී ලොව වයස්ගතම රූපලාවන්‍ය උපදේශකවරිය බවට පත්විය
    • Author, ජෙසිකා රවුන්ස්ලි
    • Role, බීබීසී පුවත්
    • Author, ස්ටෙෆනි හෙගාර්ටි
    • Role, ජනගහන වාර්තාකරු

ජපානයේ වෙසෙන වයස අවුරුදු 100 හෝ ඊට වැඩි පුද්ගලයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස 100,000 කට ආසන්න මට්ටමක් දක්වා වැඩි වී ඇති බව ජපාන රජය නිවේදනය කර තිබේ.

අඛණ්ඩව 55 වසරටත් නව වාර්තාවක් තබමින්, සැප්තැම්බර් මාසය වන විට ජපානයේ වයස අවුරුදු 100 සම්පූර්ණ වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 99,763 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සිකුරාදා පවසා තිබිණි. එම මුළු සංඛ්‍යාවෙන් 88%ක්ම කාන්තාවන් විය.

සෞඛ්‍ය අමාත්‍ය ටකමරෝ ෆුකෝකා ශතව‍ර්ෂයක් දිවි ගෙවූ කාන්තාවන් 87,784 දෙනෙකුට සහ පිරිමි පුද්ගලයින් 11,979 දෙනෙකු සඳහා ඔවුන්ගේ දීර්ඝ ආයු කාලය වෙනුවෙන් සුබ පැතූ අතර "සමාජයේ සංවර්ධනය උදෙසා වසර ගණනාවක් පුරා ඔවුන් ලබාදුන් දායකත්වයට ස්තූතිය පළ කළේය.''

ජපානය ලෝකයේ දීර්ඝතම ආයු අපේක්ෂාව ඇති රට වන අතර බොහෝ විට ලොව දිවිගෙවන වයස්ගතම පුද්ගලයින් වෙසෙන රට ලෙස ප්‍රකටය. කෙසේවෙතත් ඇතැම් අධ්‍යයන මගින් ලොව පුරා සිටින වයස අවුරුදු 100 සම්පූර්ණ වූ පුද්ගලයින්ගේ සැබෑ සංඛ්‍යාව පිළිබඳ තර්ක ඉදිරිපත් කරයි.

ජපාන වැසියන් බොහෝවිට සෞඛ්‍ය සම්පන්න ආහාරවේලක් භුක්තිවිඳින නමුත් උපත් අනුපාතය අඩු මට්ටමක පවතින බැවින් එය ලොව වේගයෙන්ම වයස්ගත වන පුද්ගලයින් සිටින රටකි.

යමටෝකොරියාමාහි උප නගරයක් වන නාරා නගරයේ වෙසෙන 114 හැවිරිදි වියෙහි පසුවන කාන්තාවක් වන ශිගේකෝ කගාව ජපානයේ වෙසෙන වයස්ගතම පුද්ගලයා වේ. මේ අතර වෙරළාශ්‍රිත නගරයක් වන ඉවාටා හි වෙසෙන 111 හැවිරිදි කියොටකා මිසූනෝ එරට වෙසෙන වයස්ගත ම පිරිමි පුද්ගලයා වෙයි.

සැප්තැම්බර් 15 වන දිනට යෙදී තිබෙන ජපානයේ වැඩිහිටි දිනයට පූර්ව කටයුත්තක් ලෙස මෙම සංඛ්‍යා ලේඛන නිකුත් කර තිබේ. එදින ජපානයේ ජාතික නිවාඩු දිනයක් වන අතර වයස අවුරුදු 100 සම්පූර්ණ වූ පුද්ගලයින්ට අග්‍රාමාත්‍යවරයාගෙන් සුබ පැතුම් එක් කළ ලිපියක් සහ රිදී කුසලානයක් හිමිවේ. මෙම වසරේදී ඒ සඳහා පුද්ගලයින් 52,310 දෙනෙකු සුදුසුකම් ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

Elderly people perform health physical exercise in a park on Elderly Day වැඩිහිටි දිනයේදී උද්‍යානයක වැඩිහිටි පුද්ගලයින් සෞඛ්‍ය සම්පන්න ශාරීරික ව්‍යායාම සිදු කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජපානයේ ජනතාව සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කරන අතර, පොදු රෝගාබාධ වලට ලක්වීම අවමය. බොහෝ විට ඔවුන්ගේ සංස්කෘතියේ කොටසක් ලෙස එකට ව්‍යායාම කරති

1960 දශකයේදී G7 කණ්ඩායමේ සාමාජිකත්වය දරණ ඕනෑම රටකට සාපේක්ෂව වයස අවුරුදු 100 ට වැඩි පුද්ගලයින්ගේ අඩුම අනුපාතය ජපානයේ ජනගහනය තුළ විය. නමුත් එතැන් සිට දශක ගණනාවක් තුළ එම තත්වය කැපීපෙනෙන ලෙස වෙනස් වී ඇත.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ජපාන රජය 1963 දී වයස අවුරුදු සියය සම්පූර්ණවූවන් පිළිබඳ සමීක්ෂණය ආරම්භ කරන විට, වයස අවුරුදු 100 හෝ ඊට වැඩි පුද්ගලයින් 153 දෙනෙකු එරට සිටියහ.

එම අගය 1981 දී 1,000 දක්වා ඉහළ ගිය අතර 1998 වන විට 10,000 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

ඉහළ ආයු අපේක්ෂාවක් හිමිවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ හෘද රෝගවලින් සහ පියයුරු සහ පුරස්ථි පිළිකා වැනි පිළිකා තත්ත්ව මගින් සිදුවන මරණ සංඛ්‍යාව අඩුවීමයි.

රතු පැහැති මස්වර්ග අඩු සහ මාළු සහ එළවළුවලින් වැඩි ආහාරවේලකට පිංසිදුවන්නට එම රෝගවර්ග දෙක සඳහාම ප්‍රධාන වශයෙන් සාධක වන තරබාරු බව සහිත පුද්ගලයින්ගේ අනුපාතය ජපානයේ අඩු මට්ටමක පවති.

කාන්තාවන් අතර තරබාරුකමේ අනුපාතය විශේෂයෙන් අඩු මට්ටමක පවතින අතර ඔවුන්ගේ සහකරුවන්ට සාපේක්ෂව ජපාන කාන්තාවන්ට වඩා වැඩි ආයු අපේක්ෂාවක් ඇත්තේ ඇයිදැයි පැහැදිළි කිරීමට එය මාර්ගයක් විය හැකියි.

ලෝකයේ සෙසු රටවල ආහාර වේල් සඳහා අඩංගු වන සීනි සහ ලුණු ප්‍රමාණය ඉහළ යන විට ජපානය විරුද්ධ දිශාවට ගමන් කළේය - මහජන සෞඛ්‍ය පණිවිඩ සමග ලුණු අඩුවෙන් පරිභෝජනය කිරීම ජනතාවට සාර්ථකව ඒත්තු ගන්වා ඇත.

නමුත් එය ආහාර වේල මගින් පමණක්ම සිදුවූවක් නොවේ. එක්සත් ජනපදයේ සහ යුරෝපයේ වැඩිහිටි පුද්ගලයින්ට වඩා ජපානයේ වැසියෝ ඔවුන්ගේ ජීවිතයේ සැඳෑ සමයේදී ක්‍රියාශීලීව සිටීම සඳහා ඇවිදීමට සහ පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට නැඹුරු වෙති.

ප්‍රජාව මෙන්ම මහජන සෞඛ්‍යය පිළිබඳ හැඟීම දිරිගැන්වීම සඳහා හඳුන්වා දෙන ලද දෙනික කණ්ඩායම් ව්‍යායාමයක් වන Radio Taiso 1928 සිට ජපාන සංස්කෘතියේ කොටසක් ලෙස පවතී. මිනිත්තු තුනක ශාරීරික අභ්‍යාසයයක් වන එය රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන කුඩා ප්‍රජා කණ්ඩායම් රට පුරා පුහුණුවීම් කරයි.

කෙසේ වෙතත්, අධ්‍යයන කිහිපයක් මගින් ගෝලීය වශයෙන් වයස අවුරුදු 100 සම්පූර්ණ කළ පුද්ගලයින්ගේ සංඛ්‍යා දත්තවල වලංගුභාවය පිළිබඳව සැක පළ කර ඇති අතර දත්තවල පවතින දෝෂ, විශ්වාස කළ නොහැකි වාර්තා සහ අස්ථානගත වූ උප්පැන්න සහතික එම සංඛ්‍යාව ඉහළ යාම සඳහා හේතු විය හැකි බව පවසයි.

2010 වසරේදී ජපානයේ සිදු කළ පවුල් ලේඛන පිළිබඳ රජයේ විගණනයකදී මීට පෙර ගණනය නොකළ වයස අවුරුදු 100 හෝ ඊට වැඩි පුද්ගලයින් ලෙස ලැයිස්තුගත කර ඇති 230,000 කට වැඩි පිරිසක් පිළිබඳ අනාවරණය කර ගෙන තිබේ. ඇතැම් පුද්ගලයින් මීට දශක ගණනාවකට පෙර මිය ගොස් ඇත.

වැරදි ගණනය කිරීම්වලට හේතු වී තිබුණේ වාර්තා තබාගැනීම නිසා සිදුව තිබූ අඩුපාඩු සහ ඇතැම් පවුල් විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා ඔවුන්ගේ වැඩිහිටි ඥාතීන්ගේ මරණ සැඟවීමට උත්සාහ කරන්නට ඇතැයි සැක කෙරේ.

වයස අවුරුදු 111 දී ටෝකියෝවේ දිවි ගෙවූ වූ වයස්ගතම පුද්ගලයා ලෙස සැලකුනු සොගෙන් කොටෝගේ දේහය ඔහුගේ මරණයෙන් වසර 32කට පසු පවුලට අයත් නිවසේ තිබී සොයා ගැනීමෙන් අනතුරුව පරීක්ෂණය ආරම්භ කර තිබේ.