සාමාන්‍ය පෙළ ප්‍රතිඵල විශ්ලේෂණයෙන් හෙළිවන කරුණු 5ක්
- Author, බීබීසී සිංහල
2024 (2025) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026ක් උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි පැවසුවාය.
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (ජුලි 11 වැනිදා) අළුයම නිකුත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළාය.
මෙවර විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා ඇති ප්‍රතිශතය 73.45%කි.
මේ අතර එක් එක් පළාත් අනුව වැඩිම සිසුන් පිරිසක් සමත් වී ඇත්තේ දකුණු පළාතෙන් වන අතර, එය 75.64%කි.
සියලුම විෂයන් අසමත් සිසුන්
සියලුම විෂයන් සඳහා A සාමාර්ථ 9ම ගත් සිසුන් 13,392ක් සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය. එය සමස්ත සමත් ප්‍රතිශතයෙන් 4.15%කි.
සියලුම විෂයන් අසමත් සිසුන්ගේ ප්‍රතිශතය 2.34%ක වන බවද ඇය පැවසුවාය.
එක් එක් පළාත් අනුව සමත් ප්‍රතිශත
දිවයිනේ පළාත් අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් ප්‍රතිශතයන් මෙසේය.
දකුණු - 75.64%
බස්නාහිර - 74.47%
මධ්‍යම - 73.91%
උතුරු - 69.86%
නැගෙනහිර - 74.26%
වයඹ - 71.47%
උතුරු මැද - 70.24%
ඌව - 73.14
සබරගමුව - 73.44%
විෂයන් අනුව සමත් ප්‍රතිශතය
බුද්ධ ධර්මය 83.21%
ශෛවනෙරි 82.96%
කතෝලික 90.22%
ක්‍රිස්තියානි 91.49%
ඉස්ලාම් 85.45%
ඉංග්‍රීසි 73.82%
සිංහල භාෂාව හා සාහිත්‍ය 87.73%
දෙමළ භාෂාව හා සාහිත්‍ය 87.03%
ඉතිහාසය 82.17%
ගණිතය සහ විද්‍යාව සමත් ප්‍රතිශතය
2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය විෂය 69.07%ක පිරිසක් සමත් වී ඇති අතර, විද්‍යාව විෂය 71.06%ක ප්‍රතිශතයක් සමත් වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සිසුන්ගේ භාෂා කුසලතාව ඉහළට
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2024 (2025) විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් භාෂා කුසලතාවේ වර්ධනයක් ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවාය.
ඇය කියා සිටියේ, සිංහල ,දෙමළ සහ ඉංග්‍රීසි භාෂාව සමත් සිසුන්ගේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බවය.
ඉංග්‍රීසි විෂය සමත් ප්‍රතිශතය 73.82% කි. පසුගිය වසරට සාපේක්ෂව බැලීමේදී කැපී පෙනන වැඩි වීමක් බව විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.
භාෂා විෂයන් සමත් වීමේ ප්‍රතිතශය ඉහළ යෑම හොඳ ප්‍රවණතාක් බවද ඇය පැවසීය.
"භාෂා කුසලතාවය දරුවන්ට අත්‍යාවශ්‍ය දෙයක්." යැයි විභාග කොමසාරිස් ජානරාල්වරිය සඳහන් කළාය.
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා සිසුන්ට අවස්ථාව ලබා දී ඇති අතර, ජුලි 14 වැනිදා සිට ජුලි 28 වැනිදා දක්වා මාර්ග ගත ක්‍රමයට ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම් කළ හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවාය.















