මැයි දිනය : ජනපති සටනට ශක්තිය පෙන්වමින් මැයි ප්‍රධාන මැයි රැලි කොළඹ දී
මැයි දිනය : ජනපති සටනට ශක්තිය පෙන්වමින් මැයි ප්‍රධාන මැයි රැලි කොළඹ දී
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ජන බලය ප්‍රදර්ශනය කරමින් මෙවර මැයි දින රැලි සහ පෙළපාලි සංවිධානය කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කටයුතු කරමින් සිටී.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය කොළඹ, මාළිගාවත්ත පොලීසිය ඉදිරිපිට දී පැවැත්වීමට නියමිතව ඇත.
ජාතික ජන බලවේගය කොළඹ, යාපනය, මාතර සහ අනුරාධපුරයේ දී මැයි රැලි හතරක් සංවිධානය කරනු ලැබේ.
කොළඹ චැතම් වීදියේ සහ වතුකරයේ මැයි රැලි දෙකක් පැවැත්වීමට සමගි ජන බලවේගය සුදානම් වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බොරැල්ල, කැම්බල් පිටියේ දී මැයි රැලිය පැවැත්වීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවය ගම්පහ දී මැයි රැලිය පවත්වන බවට පවසා තිබේ.






