මහ මැතිවරණය 2024: සජීවී නිල ප්‍රතිඵල මෙතැනින්

2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල සියල්ල මෙතැනින් බලන්න.

ඉදිරි වසර පහ සඳහා පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 225 දෙනෙකු තෝරා ගැනීම සඳහා වන 2024 මහ මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 17කට අධික ඡන්ද දායකයන් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා තිබිණි.

පාර්ලිමේන්තු ආසන 196ක් සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22න් අපේක්ෂකයන් 8361ක් තරග වදින අතර, ඉතිරි ජාතික ලැයිස්තු ආසන 29 එක් එක් පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් ලබා ගත් සමස්ත ලබා ගත් ඡන්ද සංඛ්‍යාවලට අනුපාතිකව බෙදී යයි.

මෙවර මහ මැතිවරණය පැවැත්වෙන්නේ, සැප්තැම්බර් මස නව ජනාධිපතිවරයෙකු පත් වී මාස දෙකකට අඩු කාලයකදී ය.

අවසන් පාර්ලිමේන්තු මැතිවරණය 2020 දී පැවැත්වූයේ, කොවිඩ් වසංගතයේ උච්ඡතම තත්ත්වයක් රට තුළ තිබියදී ය.

පසුගිය මැතිවරණ වල දී පාර්ලිමේන්තුවේ ආසන බෙදී ගිය අයුරු මෙතැනින් බලන්න.