බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සාමය සඳහා වූ දින 108ක පා ගමන වොෂින්ටනයෙන් අවසන් වෙයි

With the Washington Monument in the background, Buddhist monks continue their March for Peace on February 09, 2026 in Arlington, Virginia. A group of 18 monks began a 2,300-mile march on October 26 in Fort Worth, Texas, to raise awareness of “peace, loving kindness and compassion” in the United States and the world, and will arrive in the nation's capital tomorrow.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බ්‍රැන්ඩන් ඩ්‍රෙනන්
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ඇතැම් විට පාවහන් නොමැතිව මෙන් ම හිම මතින් ටෙක්සාස් සිට වොෂින්ටන් ඩීසී දක්වා සැතපුම් 2,000ක දුරක් පා පාගමනින් වැඩි බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ "සාමයේ පා ගමන" අඟහරුවාදා (ඊයේ) අවසන් විය.

එක්සත් ජනපදයේ දේශපාලන බෙදීම් උග්‍ර වෙමින් පවතින අවස්ථාවක කළ මෙම භික්ෂු කණ්ඩායමේ දුෂ්කර "සාමයේ පා ගමන" මිලියන සංඛ්‍යාත ඇමෙරිකානුවන්ගේ අවධානය දිනා ගනිමින්, සමාජ මාධ්‍ය පුරා වේගයෙන් පැතිර ගිය එකක් විය.

Walk for Peace

ඡායාරූප මූලාශ්‍රය, Walk for Peace

පාගමනින් වඩින අතරතුර මෙම භික්ෂූන් වහන්සේලා පිරිස තම නායක ස්වාමීන් වහන්සේ වන පූජ්‍ය පඤ්ඤාකර හිමි සමග සතිමත් බව පිළිබඳ පණිවිඩයක් බෙදා ගත්හ. "මගේ බලාපොරොත්තුව නම්, මේ පාගමන අවසන් වූ විට, අපට හමු වූ අය සතිමත් බව පුහුණු කිරීම දිගට ම කරගෙන ගොස් සාමය සොයා ගනීවි යන්නයි."

උන්වහන්සේලාගේ මෙම පාගමන 2025 ඔක්තෝබර් 26 වන දින ෆෝර්ට් වර්ත්හි හුඕන්ග් ඩාඕ විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙන් ආරම්භ විය.

එක්සත් ජනපද අගනුවරට පැමිණීමෙන් පසු, මෙම භික්ෂූන් වහන්සේලා කණ්ඩායම වොෂින්ටන් ජාතික ආසන දෙව්මැදුරට ගිය අතර එහිදී උන්වහන්සේලා අන්තර් ආගමික දේව මෙහෙයකට සහභාගී වූහ. මේ සතියේ අගභාගයේදී, උන්වහන්සේලා එක්සත් ජනපද කැපිටල් භූමියේ පිහිටා ඇති ඒබ්‍රහම් ලින්කන් අනුස්මරණය සහ සාම ස්මාරකය අසල නතර වනු ඇත.

වීඩියෝව නරඹන්න
වීඩියෝ ශීර්ෂ වැකිය, සාමය වෙනුවෙන් 3,700kmක පා ගමනක් යන ‘ආලෝකා’

එමෙන් ම, බුදුන් වහන්සේගේ උපත සිදුවූ වෙසක් පොහෝ දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස නීති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටීමට ද මෙම භික්ෂූන්වහන්සේලා කණ්ඩායම සැලසුම් කර ඇති බව වාර්තා වේ. නමුත් දැන් එක් ඉල්ලීමක් වෙනුවෙන් ඇරඹි මෙම පාගමන ඉන් ඔබ්බට යමින් දැඩි අවධානයක් දිනාගෙන තිබේ.

"උන්වහන්සේලාගේ දිගු ගමන සහ සාමකාමී ක්‍රියාපිළිවෙත දයානුකම්පාව වෙනුවෙන් වන අපගේ කැපවීම තවත් ගැඹුරින් සිදු කිරීමට ආරාධනා කරනවා," අන්තර් ආගමික පිළිගැනීමේ උත්සවයේදී භික්ෂූන් වහන්සේලාට සත්කාරකත්වය සැපයීමට සහය වන වොෂින්ටන් රදගුරු බිෂොප් මේරියන් බුඩ් පැවසූ බව AP පුවත් සේවය වාර්තා කොට තිබේ.

මෙලෙස පාගමනින් වැඩි භික්ෂූන් වහන්සේලා 19 දෙනා ලොව පුරා ථේරවාදී බෞද්ධ විහාරස්ථානවලින් පැමිණි හිමිවරු වෙති.

HOUSTON, TEXAS - NOVEMBER 14: The bandaged foot of a Buddhist monk is shown during a welcome ceremony for the monks from the Huong Dao Vipassana Bhavana Center in Fort Worth, who are undertaking a 2,300 mile pilgrimage of Walk for Peace, at Hong Kong City Mall in Houston Friday, Nov. 14, 2025.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

උන්වහන්සේලාගේ ගමනේ අවසාන දිනය අඟහරුවාදා උදෑසන (ඊයේ) වර්ජිනියාවේ ආර්ලින්ටන්හිදී ආරම්භ වූ අතර එය එක්සත් ජනපද අගනුවරින් සැතපුම් පහක් (කිලෝමීටර් 9.1) පමණ දුරින් පිහිටා ඇත.

මෙම භික්ෂු කණ්ඩායම තම ෆේබුක් පිටුවේ පළ කළ සජීවී වීඩියෝවක උන්වහන්සේලා හිම මතින් ඇවිද යන ආකාරය දිස්විය. එය සිදු වූයේ නැගෙනහිර ඇමෙරිකා එක්සත් ජනපදයේ බොහෝ ප්‍රදේශවල සති ගණනාවක් පුරා පැවති අධික සීතල පහව යාමට ආරම්භ වීමත් සමග ය. මග දෙපස රැස්ව සිටි පිරිස උන්වහන්සේලාට තම කෘතඥතාව පළ කරන අයුරු ද එහි සටහන් වී තිබිණි.

"ඔබ වහන්සේලා ආරක්ෂා වේවා! ඔබ වහන්සේලාගේ මේ සාම පාගමනට ස්තූතියි. අපේ ලෝකයේ දැන් අපට මෙය අතිශයින් ම අවශ්‍යයි," එක් පරිශීලකයෙක් ඊට අදහස් දක්වා තිබුණි.

දින 108ක් (108 යනු බෞද්ධ දර්ශනයේ අධ්‍යාත්මික පරිපූර්ණත්වය නියෝජනය කරන පූජනීය සංඛ්‍යාවකි) පුරා මෙම භික්ෂු කණ්ඩායම එකිනෙකා පිසුපස පියවරෙන් පියවර වැඩියහ. නමුත් එම ගමන සැම විට ම සුන්දර එකක් නොවීය.

නොවැම්බර් මාසයේදී, ටෙක්සාස්හි හූස්ටන්හි අධිවේගී මාර්ගයක් දිගේ වඩිමින් සිටියදී උන්වහන්සේලා සමග ගමන් කළ පරිවාර රථයක් ට්‍රක් රථයක ගැටීමෙන් භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකුට තුවාල සිදු වූහ. ඉන් එක් භික්ෂුවකගේ පාදයක් කපා ඉවත් කිරීමට සිදුවිය.

එලැඹෙන සෙනසුරාදා ෆෝර්ට් වර්ත් වෙත බස් රථයකින් ආපසු යාමට අපේක්ෂා කරන බැවින් ටෙක්සාස් වෙත උන්වහන්සේලාගේ නැවත පැමිණීම ඉක්මන් හා පහසු එකක් වනු ඇත.