ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී චීනයේ හැසිරීම කෙබඳු ද?
ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව චීනය සමග පසුගිය වසරේ එළඹි ගිවිසුම මෙරට ණය ප්‍රතිව්‍යුගතකරණ ක්‍රියාවලියේ තීරණාත්මක සන්ධිස්ථානයකි.
ද්විපාර්ශ්වික ණය දෙන්නන් අතර, ශ්‍රී ලංකාව චීනයට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.7ක් ණය වී ඇති අතර ඉන්දියාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.74ක් ණය ගෙවීමට ඇත.
රට මුහුණ දුන් දරුණුතම මූල්‍ය අර්බුදය මධ්‍යයේ 2022 මැයි මාසයේදී ශ්‍රී ලංකාව සිය විදේශ ණය ගෙවීම් පැහැර හැරියේ ය.
පසුව ආර්ථික අර්බුදයෙන් ගොඩඒම උදෙසා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක විස්තීරණ ණය අරමුදල් පහසුකම ලබා ගැනීමට මෙන් ම එහි ණය වාරික ලබා ගනිමින් ණය වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙන යාම උදෙසා සෙසු ණය හිමියන් මෙන් ම චීනය ඉටු කරන ලද කාර්යභාරය ශ්‍රී ලංකාවේ අනාගතයට අතිශය වැදගත් විය.
ශ්‍රී ලංකාව නැවත යථාතත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය වැඩසටහන පිළිබඳ සාකච්ඡා කිරීමේදී ණය තිරසර නොවන රටවලට ණය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොහැකි බැවින් ශ්‍රී ලංකාවට සිය රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මීට සමගාමීව කිරීමට සිදුවිය.
ඒ අනුව, IMF වෙතින් ණය පහසුකම ලබා ගැනීම උදෙසා ණය තිරසරභාවය යථාතත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදු විය.
විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම
නිල ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව නිල ණයකරුවන්ගේ කමිටුවේ සාමාජිකයින් 17 දෙනා (OCC - ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය සම-සභාපතීත්වය දරයි) සහ චීනයේ එක්සිම් බැංකුව සමග සාකච්ඡා කළේ ය.
වසරක සාකච්ඡාවලින් පසුව, ශ්‍රී ලංකාව 2024 ජූනි 24 වන දා නිල ණයකරුවන්ගේ කමිටුව සමග අවබෝධතා ගිවිසුමකට සහ චීනයේ එක්සිම් බැංකුව සමග ණය ගෙවීමේ ගිවිසුමක් අත්සන් කළේ ය.
ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශයට අනුව චීන සංවර්ධන බැංකුවේ (CDB) ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ අවශ්‍ය පියවීම් ශ්‍රී ලංකාව විසින් 2024 දෙසැම්බර් 24 වන දා අවසන් කරන ලදී.
ප්‍රමාද වී ලැබුණු සහය
2023 මුල් භාගය දක්වා ශ්‍රී ලංකාවට IMF අරමුදල් පහසුකම ලබා ගැනීම සඳහා අවශ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය දිග්ගැස්සුණේ, දිගින් දිගටම චීනය අතුළු ජාත්‍යන්තර ණය හිමියන් සමග ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම හේතුවෙනි.
පැවති මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකම ලබා ගැනීම විසඳුමක් ලෙස එවක රජයේ දේශපාලනඥයින් හා ඇතැම් ආර්ථික විශ්ලේෂකයින් දිගින් දිගට ම හුවා දැක්වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට ශ්‍රී ලංකාව 2023 වසරේ මුල් භාගය දක්වා ම අපොහොසත් විය.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා තම සහය ලබා දෙන බව ඉන්දීය විදේශ අමාත්‍යවරිය ප්‍රකාශ කිරීමෙන් පසු ( 2023 ජනවාරි 24) චීනය ද ශ්‍රී ලංකාවට ණය සහනයක් දෙන බවට පසුව නිවේදනයක් නිකුත් කළේ ය.
ශ්‍රී ලංකාවට ණය ගෙවීම සඳහා සහනයක් ලබා දෙන බවට චීන අපනයන-ආනයන බැංකුව (Exim Bank of China) එහිදී ලිපියකින් මෙරටට දැනුම් දී තිබිණි.
ඒ අනුව, වසර දෙකක කාලයක් ණය නොගෙවා සිටීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි විය.
ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ශ්‍රී ලංකාව චීනයේ එක්සිම් බැංකුව සමග අවසන් එකඟත්වයකට පසුගිය වසරේදී අත්සන් තැබුණේ, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ය.
චීනයේ එවක ශ්‍රී ලංකා තානාපතිවරයා එම අවබෝධතා ගිවිසුමට අත්සන් කළ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ චීන තානාපති කී. සෙන්හොංග් සහ මහාභාණ්ඩාගරයේ නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනවිරත්න එම අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගත්හ.
ශ්‍රී ලංකාවේ ණය
ව්‍යාපෘති ණය - ඇමෙරිකානු ඩොලර් බිලියන 22
වාණිජ ණය - ඇමෙරිකානු ඩොලර් බිලියන 15
ව්‍යාපෘති ණය සඳහා ලබා ගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 22කින් ඇමෙරිකානු ඩොලර් 10.6ක් ද්විපාර්ශවික ණය අන්තර්ගත වේ.
ශ්‍රී ලංකාව චීනයට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.7ක් ණය වී ඇති අතර ඉන්දියාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.74ක් ණය ගෙවිය යුතු ය. පැරිස් ක්ලබ් සමූහයේ පාර්ශවයක් වන ජපානයට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.68ක් ණය ගෙවීමට තිබේ. ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා වන චීනය නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ කමිටුවේ (OCC) නිල සාමාජිකයෙකු නොවේ.
ස්වෛරීත්ව බැඳුම්කර සහ අනෙකුත් ණයවලින් සමන්විත වාණිජ ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 14.73 ක් පමණ වේ.
මෑතකාලීනව ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව විදේශ විනිමය සංචිත හිඟයකට මුහුණ දුන් අතර, ඒ හේතුවෙන් විදේශ ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකට මුහුණ පා තිබිණි.
ශ්‍රී ලංකාව නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය වැඩසටහන පිළිබඳ සාකච්ඡා කිරීමේදී ණය තිරසර නොවන රටවලට ණය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොහැකි බැවින් ශ්‍රී ලංකාවට සිය රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මීට සමගාමීව කිරීමට සිදුවිය.
ණය ශ්‍රේණිගත කිරීම් ඉහළට
IMF වැඩපිළිවෙළ අනුව යමින් ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුගතකරණ වැඩසටහන අදියරින් අදියර සාර්ථක කර ගැනීමත් සමග ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධාන ආයතන දෙකක් විසින්, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමනු ලැබීය.
ශ්‍රී ලංකාව එම මට්ටමට ළඟා වූයේ චීනය සහ පැරිස් සමාජය නියෝජනය කරන රටවල් ඇතුළුව ණය හිමියන් සමග ඇති කර ගත් ණය ප්‍රතිව්‍යුහකරණ වැඩසටහන අනුව ය.
යම් ලෙසකින් චීනය එම වැඩසටහන එකඟ නොවීම හෝ කල්මැරීමේ ක්‍රියාවක නිරත වූයේ නම් ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යූගතකරණය සාර්ථක කර ගැනීමට නොහැකි වීමට ඉඩ තිබිණි.
චීනය ලබා දෙන සහය ණය උගුලක් බවට බටහර රටවල් චෝදනා කළත්, කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, හම්බන්තොට ගුවන් තොටුපළ, අධිවේගී මාර්ග ඇතුළු ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති ගණනාවක් භූමියේ යථාර්ථයක් බවට පත්ව ඇත්තේ චීනයේ මුල්‍ය පහසුකම් හේතුවෙනි.
ජනාධිපති අනුර කුමාර දිසානයක සිය දෙවන විදෙස් සංචාරය ලෙස චීනයේ නිල සංචාරයක නිරත වන්නේ,එම පසුබිම තුළ ය.