පසුගිය වසරේ LGBT අයිතිවාසිකම්වල ප්‍රගතියක් පෙන්වූ රටවල් මොනවා ද?

rainbow flag and barbed wire

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, ඔනුර් එරම්
    • Role, බීබීසී ලෝක සේවය

රටවල් 100කට වැඩි ගණනක LGBT ප්‍රජාව විසින් සංවිධානය කරනු ලබන සමලිංගික භීතිකාව, සංක්‍රාන්ති භීතිකාව සහ ද්විලිංගික භීතිකාවට (Homophobia, Transphobia and Biphobia) එරෙහි ජාත්‍යන්තර දිනය 2004 වසරේ සිට මැයි 17 වන දාට යෙදී තිබේ.

ලොව පුරා LGBT පුද්ගලයින් අත්විඳින ප්‍රචණ්ඩත්වය සහ වෙනස්කොට සැලකීම කෙරෙහි ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ, මහජනතාවගේ සහ මාධ්‍යවල අවධානය යොමු කිරීම මෙහි අරමුණයි.

1990 මැයි 17 වන දින සමලිංගිකත්වය මානසික ආබාධයක් ලෙස වර්ගීකරණය නොකිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ගත් තීරණයේ සංවත්සරය සනිටුහන් කරන බැවින් එදින මෙම දිනය සඳහා තෝරා ගන්නා ගැනිණි.

සමලිංගිකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර රෝග වර්ගීකරණයට ඇතුළත් කර තිබුණේ 1948 වසරේදී ය.

නමුත් 1970 ගණන්වල සිට ලොව පුරා සෞඛ්‍ය සංවිධාන මෙම මතයට අභියෝග කිරීමට පටන් ගත් අතර ඇමෙරිකානු මනෝචිකිත්සක සංගමය 1973 වසරේදී සමලිංගිකත්වය එහි රෝග විනිශ්චය අත්පොතෙන් ඉවත් කළේ ය.

Activists march in at Gay Pride in 1977

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මානසික ආබාධ ලැයිස්තුවෙන් සමලිංගිකත්වය ඉවත් කිරීමට "LGBTQI+ ක්‍රියාකාරීන්ගේ නොනැවතී හඬ නැගීම" පිළිබඳව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් ස්තුතිය පුද කළේ ය.

ස්ත්‍රී පුරුෂභාවය සහ ලිංගිකත්වය යන ක්ෂේත්‍රවල කළ සේවය වෙනුවෙන් සම්මාන දිනූ වෛද්‍ය ජැක් ඩ්‍රෙෂර් මෙය විස්තර කරන්නේ, "සමලිංගිකත්වය සමාජ අපකීර්තියට පත් කරන්න වෛද්‍ය විද්‍යාවේ සංවිධානාත්මක නිල දායකත්වයේ අවසානයෙහි ආරම්භය" ලෙස ය.

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයට එවැනි ආකාරයේ පියවරක් ගැනීමට තවත් දශක දෙකකට ආසන්න කාලයක් ගත විය.

අද ලෝකයේ තත්ත්වය කොහොම ද?

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, තත්ත්වයක් හෝ රෝගයක් වර්ගීකරණය කරන ආකාරය, සෞඛ්‍ය පද්ධති සහ ප්‍රජාවන් ඒ පිළිබඳව අවබෝධ කර ගන්නා ආකාරය හා ඊට ප්‍රතිචාර දක්වන ආකාරය කෙරෙහි සැලකිය යුතු වෙනසක් ඇති කළ හැකි අතර, සංක්‍රාන්ති ලිංගික සහ විවිධ ලිංගික අනන්‍යතා පෙර වර්ගීකරණය කර තිබුණු ආකාරයට අනුව, ඔවුන්ට අපකීර්තියක් සහ සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශ වීමට බාධාවක් ඇති කළා විය හැකි ය.

"උදාහරණයක් ලෙස, පුද්ගලයින්ට, සෞඛ්‍ය රක්‍ෂණ ආවරණයක් හිමිවන, තම ලිංගිකත්වය වෙනස් කර ගැනීමට සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශ වීමට තමා මානසික රෝගියෙක් යැයි වෛද්‍ය නිර්දේශය ලබා ගැනීමට සිදු විය," ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ ය.

සමලිංගිකත්වය සම්බන්ධයෙන් බොහෝ සෞඛ්‍ය ආයතනවල ආකල්ප වෙනස් වුව ද, සමලිංගික භීතිකාව, ද්විලිංගික භීතිකාව සහ සංක්‍රාන්ති භීතිකාව නීති මගින් සහ නිල ප්‍රතිපත්ති මගින් ස්ථාපනය කර ඇති බොහෝ රටවල් තවමත් තිබේ.

සමලිංගිකත්වය සම්බන්ධයෙන් බොහෝ සෞඛ්‍ය ආයතනවල ආකල්ප වෙනස් වුව ද, සමලිංගික භීතිකාව, ද්විලිංගික භීතිකාව සහ සංක්‍රාන්ති භීතිකාව නීති මගින් සහ නිල ප්‍රතිපත්ති මගින් ස්ථාපනය කර ඇති බොහෝ රටවල් තවමත් තිබේ.

ජාත්‍යන්තර සමලිංගික කාන්තා, සමලිංගික පිරිමි, ද්වීලිංගික, සංක්‍රාන්ති සහ අන්තර්ලිංගික සංගමය (ILGA) නිරන්තරයෙන් ලෝකයේ තත්ත්වය නිරීක්ෂණය කරන අතර ඔවුන් සඳහන් කරන්නේ සෞදි අරාබිය, ඉරානය සහ නයිජීරියාව ඇතුළු ලොව පුරා බොහෝ රටවල සමලිංගිකත්වයට මරණය දණ්ඩනය පවා නියම විය හැකි බව ය.

එම සංගමයට අනුව, එය රටවල් 62ක අපරාධයක් ලෙස හෝ පැහැදිලිව නිර්වචනය නොකළ අපරාධයක් ලෙස එය සලකනු ලබයි.

අනෙක් අතට, ලොව පුරා සමලිංගික විවාහ පිළිගැනීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන The Human Rights Campaign Foundation සංවිධානයට අනුව, විවාහ සමානාත්මතාව ඇත්තේ, රටවල් 36ක පමණි.

අනෙක් අතට, ලොව පුරා සමලිංගික විවාහ පිළිගැනීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන The Human Rights Campaign Foundation සංවිධානයට අනුව, විවාහ සමානාත්මතාව ඇත්තේ, රටවල් 36ක පමණි.

ලෝකයේ තත්ත්වය අධීක්‍ෂණය කරන හියුමන් රයිට් වොච් (HRW) සහ ILGA වෙතින්, අපි LGBT අයිතිවාසිකම්වල සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කර ඇති සහ එම තත්ත්වය පසුගිය මාස දොළහ තුළ වඩා ත් නරක අතට හැරී ඇති රටවල් පිළිබඳව විමසුවෙමු.

LGBT අයිතිවාසිකම්වල තත්ත්වය නරක අතට හැරීම

උගන්ඩාව: 2023 වසරේදී නීතිගත කරන ලද එරට සමලිංගික විරෝධී පනත මගින් ස්ව කැමැත්තෙන් සිදුවන සමලිංගික ලිංගික ක්‍රියා සඳහා මරණ දඬුවම හඳුන්වා දෙන ලදී. මෙම නීතිය මගින් LGBT ගැටලු වෙනුවෙන් පෙනී සිටීම සහ ඒ පිළිබඳව හඬ නැගීමේ නිදහස දැඩි ලෙස සීමා කරයි.

A Ugandan MP wears a gown with anti-homosexual slogans on it

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, උගන්ඩාවේ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු විවාදය සඳහා සමලිංගික විරෝධී සටන් පාඨ සහිත ගවුමකින් සැරසී පැමිණ සිටි අයුරු
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අත්අඩංගුවට ගැනීම්, නඩු පැවරීම් සහ නෙරපා හැරීම් සඳහා තුඩු දෙමින් එවැනි හැසිරීම් අපරාධයක් ලෙස අර්ථ දැක්වෙන විධිවිධාන අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති බවට සැලකිය යුතු සාක්ෂි සමූහයක් ඇති බව ILGA පවසයි.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ, එය LGBTQ+ ප්‍රජාවට සහ සියලු ම උගන්ඩා වැසියන්ට "ඉතා අඳුරු සහ දුක්බර දවසක්" වූ බව උගන්ඩාවේ අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනියක වන ක්ලෙයාර් බ්‍යාරුගාබා පැවසූ බව ය.

"උගන්ඩාවේ ජනාධිපතිවරයා අද රාජ්‍ය අනුග්‍රහය ලබන සමලිංගික භීතිකාව සහ ට්‍රාන්ස්ෆෝබියාව නීතිගත කළා," එම ක්‍රියාකාරිනිය වැඩිදුරටත් පැවසීය.

මෙම නව නීතිය හේතුවෙන් ලෝක බැංකුව උගන්ඩාව වෙත අලුතින් ණය ලබා දීම නතර කළේ ය.

බීබීසී නිව්ස්බීට් වෙත අදහස් දක්වමින් උගන්ඩාවේ LGBT කාන්තාවක පැවසුවේ, ඇයට රටින් පළා යාමට සිදු වූ බව ය.

වයස 20 ගණන්වල පසුවන ඩයෑන් (ඇයගේ සැබෑ නම නොවේ) පැවසුවේ, ඇය සහ තම පෙම්වතිය පහර කෑමට ලක් වූ බව ත්, අනතුරුව ට්‍රාන්ස් රෙස්කියු (ලෝකයේ අනතුරුදායක ස්ථානවලින් මිනිසුන්ට පළා යාමට උපකාර කරන රාජ්‍ය නොවන සංවිධානයක්) සංවිධානයේ ආධාරයෙන් කෙන්යාවට පළා ගිය බව ත් ය.

"දන්න කියන හැම කෙනෙක් ම දාලා, කිසි දෙයක් නැතුව යන්න වෙන එක සහ මුල ඉඳලා පටන් ගන්න උත්සහ ගන්න එක භයානක දෙයක්," ඇය පැවසුවා ය. "අපේ සමාජයට මොකක් හරි නරක දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ. අපි පහර කෑමට ලක්වෙන්න පුළුවන්, අපිට ආරක්ෂාවක් නැති වෙන්න පුළුවන්, උගන්ඩාව ආරක්‍ෂිත තැනක් නෙවෙයි."

Rainbow flag at a march in Kuala Lumpur

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය වසරේ මැලේසියාවේ අගනුවර වන ක්වාලාලම්පූර්හි පැවති කාන්තා දින පාගමනේදී LGBT අයිතිවාසිකම් වෙනුවෙන් ඉල්ලීම් කෙරිණි.

මැලේසියාව: ILGA සංවිධානයට අනුව, සමලිංගිකත්වය නීතිවිරෝධී වන, ඒ හේතුවෙන් කස පහර හෝ වසර තුනක් දක්වා සිර දඬුවම් නියම විය හැකි මැලේසියාවේ, LGBT පුද්ගලයන් "විෂමලිංගික පුද්ගලයන් බවට හැරවීමේ" රාජ්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

අග්නිදිග ආසියාතික LGBT සංවිධාන 2024 මාර්තු මාසයේදී ඔවුන්ගේ පොදු ප්‍රකාශය මගින් මෙම ක්‍රියාව විවේචනය කළ අතර, ඒ වෙනුවෙන් සිදු කරනු ලබන චිකිත්සා සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් තහනම් කරන ලෙස ආසියාන් (ASEAN) සාමාජික රටවලින් ඉල්ලා සිටියේ ය.

"[මැලේසියාවේ] ෆෙඩරල් මට්ටමේ අපරාධකරණ විධිවිධානවලට අමතරව, රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක ෂරියා නීති, ස්ව කැමැත්තෙන් සිදුවන සමලිංගික ලිංගික ක්‍රියා සහ විවිධ ලිංගික භාවයන් අපරාධකරණය කරනවා. අත්අඩංගුවට ගැනීම් සහ නඩු පැවරීම් පිළිබඳ විශ්වසනීය ලේඛනගත සාක්ෂි තියෙනවා," ILGA පවසයි.

බ්‍රිතාන්‍ය ගායක මැටී හීලි එරට LGBT විරෝධී නීතිවලට විරෝධය පෑමත් සමග මැලේසියානු රජය මෑතකදී පැවති සංගීත සංදර්ශනයක් අවලංගු කිරීටම පියවර ගත්තේ ය.

Oleg Nefedov, a judge of Russia's Supreme Court, reads from a folder

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අධිකරණ අමාත්‍යංශයේ ඉල්ලීම මත රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු වන ඔලෙග් නෙෆිඩොෆ් "ජාත්‍යන්තර LGBT ව්‍යාපාරය" අන්තවාදී සංවිධානයක් ලෙස නම් කරන සහ එහි ක්‍රියාකාරකම් තහනම් කරන තීන්දුවක් කියවන අයුරු

රුසියාව ස්ව කැමැත්තෙන් සිදුවන සමලිංගික ලිංගික ක්‍රියා බැලූ බැල්මට සාපරාධී ක්‍රියා ලෙස නොසලකන නමුත් ILGA සංවිධානයට අනුව LGBT පුද්ගලයින්ට එරෙහිව එරට රජය වඩා ත් පීඩාකාරී නීතිමය රාමුවක් ස්ථාපනය කර තිබේ.

රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණය, ඔවුන් පවසන පරිදි "ජාත්‍යන්තර LGBT මහජන ව්‍යාපාරය," අන්තවාදී සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර 2023 නොවැම්බර් මාසයේදී රට පුරා එහි ක්‍රියාකාරකම් තහනම් කර ඇත.

දේදුනු ධජය (rainbow flag) ද අධිකරණය විසින් තහනම් කරනු ලැබීය.

"රුසියාවේ LGBT ප්‍රජාව බයකින් ඉන්නේ. මිනිස්සු කලබලෙන් විදේශගත වෙනවා. ඒකට අපි පාවිච්චි කරන හරි වචනය තමයි, [ඔවුන්] ඉවත් වෙනවා. අපිට අපේ රටින් ම ඉවත් වෙන්න සිද්ධ වෙලා. ඒක හරි ම භයානකයි," සාන්ත පීටර්ස්බර්ග්හි සමලිංගික දේශපාලනඥයෙකු වන සර්ජෙයි ත්‍රෝෂන් බීබීසීයේ රුසියානු සංස්කාරක ස්ටීව් රෝසන්බර්ග් වෙත පැවසීය.

හියුමන් රයිට් වොච් සංවිධානයට අනුව, මෙම නීතිය හේතුවෙන් පුද්ගලයින් දැනටමත් අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් වරදකරුවන් වී තිබේ.

LGBT අයිතිවාසිකම්වල ප්‍රගතියක් අත්කර ගැනීම

ඇතැම් රටවල විශාල පසුබෑම් තිබුණ ද අනෙක් රටවල් පසුගිය වසරේ LGBT අයිතිවාසිකම් සම්බන්ධයෙන් විශාල පියවර කිහිපයක් ඉදිරියට තැබීය.

ජපානය: සමලිංගික යුවළ සඳහා ආරක්ෂාව ඉහළ ගොස් ඇති රටක් බව ILGA පවසයි.

Japanese marriage equality campaigners in front of a court in 2022

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සමලිංගික සම්බන්ධකම් පිළිබඳ ජාතික නීතියක් නොමැති වුව ද එරට ප්‍රාදේශීය පරිපාලන ආයතන සිය ගණනක් "සහකරු සහතික" (partnership certificates) නිකුත් කරමින් සමලිංගික යුවළ ලියාපදිංචි කර ඇත.

මෙම වසරේ ජපානයේ දිස්ත්‍රික් අධිකරණ ලබා දී ඇති තීන්දු දෙකක් මගින් සමලිංගික විවාහ නීතිගත කිරීමේ උත්සහයට යම් බරක් ලබා දී තිබේ.

සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගත් කළ, තම ලිංගික අනන්‍යතාව නිල වශයෙන් පිළිගැනීමට අවශ්‍ය නම් සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් අනිවාර්යයෙන් වන්ධ්‍යාකරණ සැත්කමකට භාජනය විය යුතු යි යන නීතියක් ව්‍යවස්ථාවට පටහැනි බව ජපාන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.

ඩොමිනිකා: තම අසල්වැසි කැරිබියානු රටවල් වන ඇන්ටිගුවා සහ බාබුඩා, සාන්ත කිට්ස් සහ නෙවිස්, සහ බාබඩෝස් මග යමින් 2024 අප්‍රේල් මාසයේදී ස්ව කැමැත්තෙන් ඇති කර ගන්නා සමලිංගික සම්බන්ධතා සාපරාධී ලෙස නොසලකා හැරි ඩොමිනිකා රාජ්‍ය ද හියුමන් රයිට් වොච් සංවිධානය හුවා දක්වයි.

නමුත් එම සංවිධානය පෙන්වා දෙන්නේ, කැරිබියන් කලාපයේ තවමත් "ගුද මාර්ග සංසර්ගය" හෝ "අශෝභන" ලිංගික ක්‍රියා සම්බන්ධ විවිධ නෛතික අර්ථදැක්වීම් ඇති රටවල් පහක් පවතින බව ය.

තායිලන්තය: සමලිංගික විවාහ සඳහා නීතිමය පිළිගැනීමක් ලබා දෙන පනත් කෙටුම්පතක් පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කරනු ලැබීමත් සමග තායිලන්තය මෙම වසරේ විවාහ සමානාත්මතාව වෙත තවදුරටත් සමීප වීමට ඓතිහාසික පියවරක් තැබීය.

LGBTQ activists speaking to a Thai senator

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, LGBT ක්‍රියාකාරීන් ඡන්ද විමසීමට පෙර තායි පාර්ලිමේන්තුවේ සෙනෙට් සභිකයෙකු අමතමින්

එය නීතියක් බවට පත්වීම සඳහා සෙනෙට් සභාවේ අනුමැතිය සහ රාජකීය අනුමැතිය අවශ්‍ය වන නමුත්, 2024 අවසානය වන විට එය සිදුවනු ඇතැයි පුළුල් ලෙස අපේක්ෂා කෙරේ. ඒත් සමග සමලිංගික විවාහ පිළිගන්නා එක ම අග්නිදිග ආසියානු රට බවට තායිලන්තය පත් වනු ඇත.

"මට දැනෙන්නේ සමානාත්මතාව අද ඇති වෙලා වගේ. LGBTQI+ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන තායි පාර්ලිමේන්තුවට මේක ඓතිහාසික දිනයක්," Move Forward පක්ෂයේ සමලිංගික මන්ත්‍රීවරයෙකු වන තුන්යාවාජ් කමෝල්වොන්ග්වාට් පැවසීය.

හොං කොංහි: චීනයේ විශේෂ පරිපාලන කලාපයක් වන හොං කොංහි ද සමලිංගික විවාහ සම්බන්ධයෙන් නීතිමය ප්‍රගතියක් දක්නට ලැබිණි.

A man holds a Hong Kong flag in a crowd at the Gay Games

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජාත්‍යන්තර LGBT ක්‍රීඩා උළෙලක් වන 'Gay Games' උළෙල පැවත් වූ ආසියාවේ පළමු ස්ථානය බවට පසුගිය වසරේ හොං කොං පත්විය.

සැප්තැම්බරයේදී හොං කොංහි ශ්‍රේෂ්ඨාධිකරණය වසර දෙකක් ඇතුළත සමලිංගික විවාහ සඳහා නීතිමය රාමුවක් සම්පාදනය කරන ලෙස නගර බලධාරීන් වෙත නියෝග කළේ ය.

එය තම ස්වාමිපුරුෂයා සමග සිදු වූ විවාහයට නිල පිළිගැනීමක් ඉල්ලා අභියාචනා කළ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬ නගන ක්‍රියාකාරිකයෙකු වන ජිමී ෂාම් ලද අර්ධ ජයග්‍රහණයකි.

එහි අවසාන අභියාචනාධිකරණය මෙය ප්‍රතික්ෂේප කළ නමුත්, විකල්ප සැපයීමට නගර බලධාරීන් අපොහොසත් වී ඇති බව ද පැවසීය.

ග්‍රීසිය: පෙබරවාරි මාසයේදී, ග්‍රීසියේ පාර්ලිමේන්තුව සමලිංගික විවාහ නීතිගත කිරීමට ඡන්දය ප්‍රකාශ කළ අතර (එවැනි පියවරක් ගත් පළමු ඕතඩොක්ස් ක්‍රිස්තියානි බහුතරයක් වෙසෙන රට බවට ග්‍රීසිය පත් වීම), සමලිංගික යුවළ සඳහා දරුවෙකු කුලවද්දා ගැනීම ද නීතිගත කළේ ය.

2023 ජූනි මාසයේදී, එස්තෝනියාවේ පාර්ලිමේන්තුව විවාහ සමානාත්මතාවට පක්ෂව ඡන්දය දුන් අතර, එම නීතිය 2024 ජනවාරි 1 දින සිට බලාත්මක විය.

එස්තෝනියාව: සමලිංගික විවාහ නීතිගත කළ පශ්චාත්-සෝවියට් සංගමයට අයත් පළමු රට බවට පත් කළේ ය.