ගොඩ බැස්සවීමට ගිය ගුවන් යානයක් ලොරි රථයක ගැටෙන අයුරු

වීඩියෝ ශීර්ෂ වැකිය, ගොඩ බැස්සවීමට ගිය ගුවන් යානයක් ලොරි රථයක ගැටෙන අයුරු
ගොඩ බැස්සවීමට ගිය ගුවන් යානයක් ලොරි රථයක ගැටෙන අයුරු

නිව් යෝර්ක් නගරයෙන් පිටත පිහිටි නියුවෙක් ලිබර්ටි ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබෑම සඳහා පැමිණි යුනයිටඩ් එයාර්ලයින්ස් යානයක් ලොරි රථයක ගැටෙන ආකාරය එම ලොරි රථයේ තිබූ ඩෑෂ්කැම් (dashcam) කැමරාවක සටහන් වී ඇත. ඉතාලියේ වැනිස් නුවර සිට පැමිණි මෙම යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 231 දෙනාට කිසිදු හානියක් නොවී ආරක්ෂිතව ගොඩබස්වා ඇති අතර, ලොරි රථයේ රියදුරා සුළු තුවාල ලබා ඇත. ජාතික ප්‍රවාහන සුරක්ෂිතතා මණ්ඩලය (NTSB) මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන අතර යානයේ නියමු කුටියේ ශබ්ද පටිගත කිරීමේ යන්ත්‍රය සහ පියාසර දත්ත පටිගත කිරීමේ යන්ත්‍රය ලබාදෙන ලෙස යුනයිටඩ් එයාර්ලයින්ස් සමාගමට නියෝග කර ඇත.