ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නායයාම් අවදානම් නිසා 'වහා ම ඉවත් වන්නැයි' රතු නිවේදන නිකුත් කර ඇති දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ
- Author, බීබීසී සිංහල
ඉදිරි පැය 24 තුළදී දිස්ත්‍රික්ක 4ක ප්‍රදේශ රැසක් සඳහා 3 වන මට්ටමේ පූර්ව නායයාම් රතු නිවේදන නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දෙසැම්බර් 04 වන දා රාත්‍රී 7.30ට නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන පරිදි දිවයිනේ දිස්ත්‍රික්ක 13කට පූර්ව නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඒ අතර, 1 වන මට්ටම (කහ), 2 වන මට්ටම (ඇම්බර්) සහ 3 වන මට්ටම (රතු) ආදී වශයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
රතු නිවේදන නිකුත් කර ඇති දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ
3 වන මට්ටමේ රතු නිවේදන මගින් දැනුම් දෙන්නේ, අදාළ ප්‍රදේශවලින් වහා ම ඉවත් වන ලෙස ය.
ඒ අනුව, මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්ක 4 සඳහා රතු නිවේදන නිකුත් කර තිබේ.
මහනුවර දිස්ත්‍රික්කය (ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස)
ගඟවට කෝරළේ, දෙල්තොට, දොළුව, තුම්පනේ, මැදදුම්බර, මිණිපේ, පාතහේවාහැට, යටිනුවර, ගඟ ඉහළ කෝරළේ, අකුරණ, උඩුනුවර, පන්විල, පාතදුම්බර, කුණ්ඩසාලේ, පස්බාගෙ කෝරළේ, හතරලියද්ද, උඩුදුම්බර, පූජාපිටිය, හාරිස්පත්තුව, උඩපළාත
කෑගල්ල දිස්ත්‍රික්කය (ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස)
ගලිගමුව, අරණායක, කෑගල්ල, මාවනැල්ල, රඹුක්කන, වරකපොල, යටියන්තොට, බුලත්කොහුපිටිය
කුරුණෑගල දිස්ත්‍රික්කය (ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස)
නාරම්මල, පොල්ගහවෙල, මාවතගම, රිදීගම, මල්ලවපිටිය, අලව්ව
මාතලේ දිස්ත්‍රික්කය (ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස)
අඹන්ගඟ කෝරළේ, නාඋල, මාතලේ, පල්ලෙපොළ, උකුවෙළ, ලග්ගල පල්ලෙගම, යටවත්ත, රත්තොට, විල්ගමුව
ඇම්බර් නිවේදන නිකුත් කළ දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ
මේ අතර, තවත් දිස්ත්‍රික්ක 4කට 2 වන මට්ටමේ ඇම්බර් නිවේදන නිකුත් කර තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කය (ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස)
ඌව පරණගම, කන්දෙකැටිය, බණ්ඩාරවෙල, සොරණාතොට, හාලිඇළ, මීගහකිවුල, බදුල්ල, ඇල්ල, හපුතලේ, ලුණුගල, වැලිමඩ, පස්සර, හල්දුම්මුල්ල
කෑගල්ල දිස්ත්‍රික්කය (ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස)
රුවන්වැල්ල, දෙහිඕවිට, දැරණියගල
නුවරඑළිය දිස්ත්‍රික්කය (ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස)
නැගෙනහිර කොත්මලේ, බටහිර කොත්මලේ, හඟුරන්කෙත, මතුරට, අඹගමුව, නෝර්වුඩ්, වලපනේ, නිල්දණ්ඩාහින්න, තලවකැළේ, නුවරඑළිය
රත්නපුර දිස්ත්‍රික්කය (ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස)
ගොඩකවෙල, කහවත්ත, කොළොන්න
මීට අමතරව, රත්නපුර, මොනරාගල, මාතර, කළුතර, ගම්පහ, ගාල්ල, කොළඹ යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා 1 වන මට්ටමේ කහ නිවේදන නිකුත් කර තිබේ.