2024 මහ මැතිවරණයේ අවසන් ප්‍රචාරණ රැලිවල පක්ෂ නායකයින් පළ කළ අදහස්
දේශපාලන සංස්කෘතිය වෙනස් කර ආදර්ශවත් පාර්ලිමේන්තුවක් ගොඩ නැගීම සඳහා ජනතාව නොවැම්බර් 14 වැනි දින ඡන්දය භාවිත කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
සඳුදා (නොවැම්බර් 11) පිළියන්දල පැවති අවසන් ප්‍රචාරක රැස්වීමේ දී ඔහු මේ අදහස් පළ කළේය.
''පාර්ලිමේන්තුව ක්ලීන් කරන්න ඕනා. ඇයි? අපරාධකාරයෝ ඉන්න පාර්ලිමේන්තුවක්, දුශිතයෝ ඉන්න පාර්ලිමේන්තුවක්, මිරිස්කුඩු ගේන පාර්ලිමේන්තුවක්? දරුවන්ට කාලයක් බලන්න තහනම් කළා පාර්ලිමේන්තුව. මම අහලා නෑ කවදාවත් දරුවන්ට සත්තු වත්ත තහනම් කළා කියලා. '' යනුවෙන් ඔහු පැවසුවේය.
මේ අතර ''L බෝර්ඩ් ආණ්ඩුවයි, L බෝර්ඩ් පාර්ලිමේන්තුවයි එක්ක රටක් දුවන්න පුළුවන් ද?'' යනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය අවසන් රැලියේ දී ප්‍රශ්න කළේය.
ජනාධිපතිවරයා, රනිල් වික්‍රමසිංහ මෙන්ම සජිත් ප්‍රේමදාස, රංජන් රාමනායක සහ දිලිත් ජයවීර පළ කළ අදහස් මේ වීඩියෝවේ අන්තර්ගත වේ.







