හිරුණිකා ප්‍රේමචන්ද්‍ර: 'කුමන පක්ෂයකට ඡන්දය දුන්නත් කාන්තාවන් වෙනුවෙන් එක් මනාපයක් දෙන්න'
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර: 'කුමන පක්ෂයකට ඡන්දය දුන්නත් කාන්තාවන් වෙනුවෙන් එක් මනාපයක් දෙන්න'
තමන් කුමන පක්ෂයකට ඡන්දය භාවිත කළ ද එම අපේක්ෂක ලැයිස්තුවේ සිටින කාන්තාවක් වෙනුවෙන් එක් මනාපයක් පළ කරන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසන්නීය.
රටේ ජනගහනයෙන් බහුතරය කාන්තාවන් වුව ද කාන්තාවන් පිළිබඳ වැදගත් තීන්දු තීරණ ගන්නා ස්ථානවල කාන්තාවන් නියෝජනය නොවීම රටක් ලෙස ඉතා කණගාටුදායක තත්ත්වයක් බවත්, අරගලයේ වාසිය ලබා ගැනීමට පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය අපොහොසත් වූ බවත් BBC සිංහල සේවය සමග කළ සාකච්ඡාවක දී ඇය සඳහන් කළා ය.
බුද්ධි අංශවලට නොදැනෙන පරිදි ගෝඨාභය රාජපක්ෂ ගේ නිවස ඉදිරිපිටට ගොස් විරෝධය පළ කිරීම, සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දීම ඇතුළු කරුණු ගැන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙම සංවාදයේ දී අදහස් පළ කළා ය.







