ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අනතුරට ලක්වූ ඇමෙරිකා ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගැනේ: මෙතෙක් සිදුවූයේ කුමක් ද?
ඇමෙරිකාවේ වොෂිංටන්හිදී අනතුරට ලක්ව ගඟකට කඩා වැටුණු ගුවන් යානයේ දත්ත ඇතුළත් කළු පෙට්ටිය සොයාගෙන තිබේ.
ඒ අනුව, පුද්ගලයින් 67 දෙනෙකුට මරු කැඳවූ ගුවන් අනතුරට හේතුව සෙවීමේ කටයුතු විමර්ශන නිලධාරීන් ආරම්භ කර තිබේ.
ඇමෙරිකාවේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය පවසන්නේ, අනතුරට අදාළ මූලික වාර්තාවක් දින 30ක් ඇතුළත නිකුත් කරන බව ය.
අනතුර සම්බන්ධයෙන් විධිමත්ව සොයා බලා, පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව වාර්තාව නිකුත් කරන බව එම මණ්ඩලය පවසයි.
ඇමෙරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හෙලිකොප්ටරයක ගැටී සිදුවූ අනතුරින් මිය ගිය 28 දෙනකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන ඇතැයි ඇමෙරිකානු බලධාරීහු පවසති.
නමුත් අනතුරට ලක්වූවන් පිළිබඳව මෙතෙක් නිල තොරතුරක් ලැබී නොමැත.
හදිසි ප්‍රතිචාර දක්වන නිලධාරීන් 300ක් දෙනෙකු පමණ "ගලවා ගැනීමේ කටයුතුවල නිරතව" සිටින අතර, පොලිස් කිමිදුම්කරුවන් සහ බෝට්ටු සුළං සහිත, අඳුරු තත්ත්වයන් යටතේ වුව ද දිවි ගලවා ගත් අය සෙවීම සඳහා ජලයේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
බදාදා ඇමෙරිකානු වේලාවෙන් රාත්‍රී 9.00ට (ශ්‍රී ලංකා වේලාවෙන් බ්‍රහස්පතින්දා පෙරවරු 7.30) පමණ වොෂින්ටන්හි රොනල්ඩ් රේගන් ජාතික ගුවන් තොටුපළ වෙත ළඟා වන විට ඇමෙරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හෙලිකොප්ටරයක ගැටී තිබිණි.
බලධාරීන් පැවසුවේ, එය පොටෝමැක් ගඟට කඩා වැටී බවත්, පරීක්ෂා කිරීම හා ගලවා ගැනීමේ බෝට්ටු එම ප්‍රදේශයේ යොදවා ඇති බවත් ය.
78 දෙනෙකුට අසුන් ගත හැකි Bombardier CRJ700 ජෙට් යානයක් මෙලෙස අනතුර ලක්ව තිබුණු බව ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය පැවසීය.
එම ගුවන් යානය කැන්සාස් ප්‍රාන්තයේ විචිටා සිට පැමිණි 5342 දරන ඇමෙරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් බව ඒජන්සිය පවසයි.
අනතුරට ලක්වූ ඇමෙරිකානු ගුවන් යානය තුළ මගීන් 60 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු සිටි බව CBS පුවත් සේවය වාර්තා කරයි.
ඇමෙරිකානු ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, කැන්සාස් සිට පැමිණි ගුවන් යානය සම්බන්ධයෙන් වී ඇති සිදුවීමක් සම්බන්ධයෙන් වන "වාර්තා පිළිබඳව දැනුවත්" බව ය.
"හැකි වූ වහා ම අපි තොරතුරු නිකුත් කරනවා," ගුවන් සමාගම පැවසීය.
මෙම සිද්ධියට හදිසි සේවා කාර්ය මණ්ඩලයන් ප්‍රතිචාර දැක්වීම නිසා ගුවන් තොටුපළේ ගුවන්ගත කිරීම් සහ ගොඩබෑම අත්හිටුවා ඇති බව ගුවන් තොටුපළේ X ගිණුමේ සටහනක ලියා තිබේ.
ෆෙඩරල් ගුවන් පරිපාලනය පවසන්නේ, ඔවුන් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වමින් සිටින බව ය.
මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව පැවසුවේ, විවිධ ආයතනවල සහය ඇතිව පොටෝමැක් ගඟේ සෝදිසි කිරීමේ සහ මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවයි.
අනතුරට හේතු වූ හෙලිකොප්ටරය පොලිස් දෙපාර්තමේන්තුවට අයත් එකක් නොවන බව ප්‍රදේශය භාර පොලිසිය පැවසීය.