'IMF එක සතුටු කරන්න, ඒ කොන්දේසි අනුව විදුලි බිල වැඩි කිරීම අසාධාරණයි'
'IMF එක සතුටු කරන්න, ඒ කොන්දේසි අනුව විදුලි බිල වැඩි කිරීම අසාධාරණයි'
2024 අප්‍රේල් 01 දා යළි විදුලිය ගාස්තු සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
වසරකට දෙවරක් විදුලිය ගාස්තු වැඩි කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වුව ද මේ වසරේ දී අවස්ථා තුනක දී එම ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරන ලදී.
මේ අතර වසරකට සිව් වරක් විදුලිය ගාස්තු සංශෝධනය කිරීමට ඔක්තෝම්බර් 30 පැවති කැබිනට් රැස්වීමේ දී අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව ජනවාරි, අප්‍රේල්, ජූලි සහ ඔක්තෝබර් මාසවල 01 දින විදුලිය ගාස්තු සංශෝධනය කිරීමට නියමිතව තිබේ. ඒ යටතේ පළමු සංශෝධය ලබන අප්‍රේල් මස සිදු කෙරේ.
විදුලිය ගාස්තු යළි වැඩි කිරීම නිසා දෛනික කටයුතු වලදී ජනතාව මුහුණ දෙන ගැටලු ගැන ඔවුහු BBC සිංහල සේවයට විස්තර කළහ.






