කෝප් කමිටු සාමාජිකයින් දිගින් දිගට ම ඉල්ලා අස් වන්නේ ඇයි?

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත් වීමත් සමග එම කමිටුවේ සාමාජිකයින් බොහෝ දෙනෙක් දිගින් දිගට ම ඉල්ලා අස්වෙමින් සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, Parliament of Sri Lanka|Facebook

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත් වීමත් සමග එම කමිටුවේ සාමාජිකයින් බොහෝ දෙනෙක් දිගින් දිගට ම ඉල්ලා අස්වෙමින් සිටිති.

මාර්තු 18 වන දා සිට දින තුනක් තුළ එහි සාමාජිකයින් 10 දෙනෙකු මේ දක්වා ඉල්ලා අස්වී තිබේ.

මේ අතර, අද (මාර්තු 20) යෝජනා කරන ලද වසන්ත යාපා බණ්ඩාර එම යෝජනාව ප්‍රතික්ෂේප කළේ ය.

කෝප් කමිටුවේ) නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වැඩි ඡන්දයෙන් තේරී පත්වූයේ, නව වන පාර්ලිමේන්තුවේ පස් වන සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පැවති මාර්තු 7 වන දා ය.

ඡායාරූප මූලාශ්‍රය, Parliament of Sri Lanka|Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, කෝප් කමිටුවේ) නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වැඩි ඡන්දයෙන් තේරී පත්වූයේ, නව වන පාර්ලිමේන්තුවේ පස් වන සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පැවති මාර්තු 7 වන දා ය.

රෝහිත අබේගුණවර්ධන සභාපති වීම

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වැඩි ඡන්දයෙන් තේරී පත්වූයේ, නව වන පාර්ලිමේන්තුවේ පස් වන සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පැවති මාර්තු 7 වන දා ය.

එහිදී සභාපති ධූරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ ගාමිණී වලේබොඩ යන මහත්වරුන්ගේ නම් යෝජනා විය. රෝහිත අබේගුණවර්ධනගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ යෝජනා කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න එය ස්ථිර කළේ ය.

ගාමිණී වලේබොඩගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් යෝජනා කරන ලද අතර ඩිලාන් පෙරේරා විසින් ස්ථිර කරන ලදී.

ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී රෝහිත අබේගුණවර්ධන වැඩි ඡන්දයෙන් සභාපති ධූරය සඳහා තේරී පත්විය.

කෝප් කමිටු සාමාජිකයින්

ඡායාරූප මූලාශ්‍රය, Parliament of Sri Lanka|Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, කෝප් කමිටු සාමාජිකයින්

ඉල්ලා අස්වූ සාමාජිකයින් සහ ඊට බලපෑ හේතු

1.ඉරාන් වික්‍රමරත්න (සමගි ජන බලවේගය)

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

රෝහිත අබේගුණවර්ධන සභාපති ධූරයට පත්වීමෙන් පසු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් (COPE) ඉල්ලා අස්වූ පළමු සාමාජිකයා වූයේ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ය.

ඔහු මේ බව මාර්තු 18 වන දා කතානායකවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබූ අතර, එහි සඳහන් කර තිබුණේ, 'මේ දක්වා කෝප් කමිටුව හෙළිදරව් කළ වංචා දූෂණ චෝදනා සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක් ගෙන නොමැති බවත් කෝප් කමිටුවේ අකාර්යක්ෂමතාව පිළිබඳව ජනතාව කලකිරීමට පත් වී ඇති,' බවත් ය.

ඊට අමතරව, කෝප් කමිටුවට පත් කර ඇති සාමාජිකයන්ට එරෙහිව චෝදනා පවතින බව ද ඔහු එම ලිපියේ වැඩිදුරට ත් සඳහන් කර තිබිණි.

2. දයාසිරි ජයසේකර (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද පසුව කෝප් කමිටුවෙන් ඉල්ලා අස්විය.

සිය එක්ස් (මීට පෙර ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර තිබුණේ, චෝදනා එල්ල වී ඇති සභාපතිවරයෙකු සමග කටයුතු කිරීමට තමන්ට නොහැකි හෙයින් සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අරගලයෙන් පාඩම් ඉගෙන ගැනීමට මෙන් ම ජනතාවට ගරු කිරීමට අසමත් වීම කනගාටුවට කරුණක් බව ද ඔහු සඳහන් කර තිබිණි.

3. මහාචාර්ය චරිත හේරත් (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් ඊයේ කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වූ අතර, එම ඉල්ලා අස්වීමට නිශ්චික හේතුවක් සිය එක්ස් (මීට පෙර ට්විටර්) ගිණුමේ තබා තිබූ සටහනේ සඳහන් කර නොතිබිණි.

ඔහු කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙකි.

4. එස්.එම්. මරික්කාර් (සමගි ජන බලවේගය)

ඉල්ලා අස්වූ සිව් වැන්නා වූයේ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ය.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර තිබුණේ, 'මෙරට රාජ්‍ය ආයතනයන්හි සිදුවන දූෂණ වංචා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට අපොහොසත් වීම සහ සභාපතිත්වය සඳහා නුසුදුස්සෙකු පත්වීම නිසා' කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ය.

5. හේෂා විතානගේ (සමගි ජන බලවේගය)

කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් හේෂා විතානගේ ද ඉවත් වූයේ, නව සභාපතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙනි.

6. ශානකියන් රාජපුතිරන් රාසමාණික්කම් (දෙමළ ජාතික සන්ධානය)

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණික්කම් ඉල්ලා අස්වූ බව දැනුම් දෙමින් මාධ්‍ය හමුවකදී පැවසුවේ, "කෝප් කමිටුව තවදුරටත් පොදු ව්‍යාපාර සම්බන්ධ කාරක සභාවක් නොව පොහොට්ටු ව්‍යාපාර කාරක ස‍භාවක් බවට පත්ව ඇති," බව ය.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද කෝප් කමිටු සාමාජිකත්වයෙන් අද (මාර්තු 20) ඉල්ලා අස්විය.

ඡායාරූප මූලාශ්‍රය, Parliament of Sri Lanka|Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද කෝප් කමිටු සාමාජිකත්වයෙන් අද (මාර්තු 20) ඉල්ලා අස්විය.

7. නලීන් බණ්ඩාර (සමගි ජන බලවේගය)

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ද කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වූ අතර ඔහු ඊයේ පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව අදහස් දැක්වීය.

"කෝප් කමිටුව කියන්නේ ගෞරවණීය කමිටුවක්. විශේෂයෙන් ම කෝප් කමිටුවේ සභාපතිවරයා, විගණකාධිපතිවරයාත් එක්ක එකට ඉඳගෙන තමයි, කෝප් කමිටුව මෙහෙයවන්නෙ. දැන් අපි දන්නවා කෝප් කමිටුවේ සභාපතිවරයාට විශාල විරෝධයක් පළ වෙලා තියෙනවා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා, මේ සභාපතිවරයා ඉවත් කරලා, මේකෙ සම්ප්‍රදාය තියෙන්නේ විපක්ෂයට දෙන්න. විපක්ෂයේ කෙනෙකුට මේ සභපතිකම දෙන්න කටයුතු කරන්න. පාර්ලිමේන්තුව හෑල්ලු වීම හරහා අපට තිබුණු විරෝධය ඔබතුමාලා දැක්කා. ඒක තවදුරටත් හෑල්ලු කිරීමක් මේ පත්කරපු සභාපතිවරයා. ඒ නිසා මේක වහා ම නිවැරදි කරන්න."

මේ අතර, නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා අද (මාර්තු 20) පාර්ලිමේන්තුවේදී පැවසුවේ, සභාපතිවරයා ඉවත් කිරීමට පියවර නොගතහොත් උපවාසයක් ආරම්භ කිරීමට සිදුවන බව ය.

සභාපති ධූරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ ගාමිණී වලේබොඩ යන මහත්වරුන්ගේ නම් යෝජනා විය. රෝහිත අබේගුණවර්ධනගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ යෝජනා කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න එය ස්ථිර කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Parliament of Sri Lanka|Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, සභාපති ධූරය සදහා රෝහිත අබේගුණවර්ධනගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ යෝජනා කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න එය ස්ථිර කළේ ය.

8. ගාමිණී වලේබොඩ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)

මෙවර කෝප් කමිටුවේ සභාපති ධූරයට ද තරග කළ ගාමිණී වලේබොඩ කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය‍.

9. වසන්ත යාපාබණ්ඩාර (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර කෝප් කමිටු සාමාජිකයෙකු ලෙස යෝජනා කළ අතර, එය නිවේදනය කළ සැණින් ඔහු ඉන් ඉල්ලා අස්වන බව පැවසීය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෙකු වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර නම් කළ බව නියෝජ්‍ය කතානායකවරයා අද (මාර්තු 20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

කෙසේ වෙතත්, එම අවස්ථාවේදී නැගී සිටි වසන්ත යාපාබණ්ඩාර "තමන් එම ධූරයෙන් ඉල්ලා අස්වන බව," සඳහන් කළේ ය.

10. දුමින්ද දිසානායක (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)

කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වූ 10 වන සාමාජිකයා වූයේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ය.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර තිබුණේ, "පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව තුළ රටේ ජනතාව බලාපොරොත්තු වන විනිවිදභාවය පිළිබිඹු නොවීම හේතු කොටගෙන එම සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ," බව ය.

11. අනුර කුමාර දිසානායක (ජාතික ජන බලවේගය)

මේ අතර, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද කෝප් කමිටු සාමාජිකත්වයෙන් අද (මාර්තු 20) ඉල්ලා අස්විය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව යනු කුමක් ද?

පොදු ව්‍යාපාර කාරක සභාව යනු, රාජ්‍ය සංස්ථාවල සහ යම් ලිඛිත නීතියක් යටතේ ආණ්ඩුවට පැවරී ඇති වෙනත් ව්‍යාපාරවල ගිණුම් සහ ඒ ගිණුම් පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තා පරික්ෂා කරන කමිටුව යි.

එම කමිටුව පවත්වාගෙන යාමේ අරමුණ වන්නේ, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල මූල්‍ය විනය පවත්වාගෙන යාම සහතික කිරීම ය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 126හි සඳහන් වන පරිදි පාර්ලිමේන්තු සැසි වාරයක් ආරම්භයේදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පත් කෙරේ.

පක්ෂ සංයුතිය නියෝජනය වන ආකාරයට එහි සාමාජිකයින් පත් කිරීම සිදුවන අතර, කාරක සභාවේ ප්‍රථම සැසි වාරයේදී ම එහි සාමාජිකයින් විසින් සභාපතිවරයෙකු පත් කර ගැනීම සිදු වෙයි.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ගණ පූර්ණය සාමාජිකයින් 4 දෙනෙකි.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව 1979 වර්ෂයේදී ස්ථාපනය කරන ලදී.

කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු සභාපතිවරයා වූයේ, ජෝර්ජ් අබේගුණසේකර ය.

රෝහිත අබේගුණවර්ධනට එරෙහි චෝදනා කිහිපයක්

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට එරෙහිව අවස්ථා කිහිපයකදී දූෂණ චෝදනා කිහිපයක් එල්ල වී තිබේ.

රුපියල් මිලියන 41.1කට වැඩි ප්‍රකාශ නොකළ සහ නීති විරෝධී ලෙස උපයා ගත් වත්කම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසම අබේගුණවර්ධනට එරෙහිව 2016 වසරේදී කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ අතර ඒ පිළිබඳව ඩේලි නිව්ස් පුවත්පත ද වාර්තා කර තිබිණි.

මේ අතර, ඔහු නීති විරෝධී මූල්‍ය ගනුදෙනු 66ක් සිදු කර ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා චෝදනා කර තිබිණි.

මේ අතර, පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණික්කම් චෝදනා කළේ, රෝහිත අබේගුණවර්ධන තමන්ට තර්ජනය කළ බවට ය.

කෙසේ වෙතත්, අදාළ චෝදනා සම්බන්ධ විමර්ශන කිහිපයක් අතරමග නතර වීම නිසා ඔහු එම චෝදනාවලට වරදකරු බවට නම් කර නැත.

සභාපති වීමෙන් පසු රෝහිත අබේගුණවර්ධන කළ ප්‍රකාශය

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීමේදී සභාපති ධූරයට පත්වීමෙන් පසුව සභාව අමතමින් මාර්තු 7 වන දා රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළේ, කාරක සභාවේ කටයුතු ඉදිරියට ගෙන යාම සදහා සියලු සාමාජිකයින්ගේ සහයෝගය අපේක්ෂා කරන බව ය.

එසේ ම කිසිදු දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව එක ම කමිටුවක සාමාජිකයන් ලෙස සියලු දෙනා සමග කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු එහිදී පැවසීය.

මීට පෙර කෝප් කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් ලද අත්දැකීම් සමගින් එම කටයුතු සාර්ථක ලෙස ඉටු කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.