ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නාමල් රාජපක්ෂ: ‘මුහුද හත්ගව්වක් තියලා අමුඩ ගස්සන එක සාර්ථක වෙන්නේ නෑ’
2024 ජනාධිපතිවරණය සඳහා තම කඳවුර සහ රට ජයග්‍රහණය කළ හැකි, රටට ආදරය කරන අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බීබීසී සිංහල සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
අද වන විට ව්‍යාපාරිකයින්, ව්‍යවසායකයින් , පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් බොහෝ පිරිසක් ජනාධිපති අපේක්ෂකයින් බවට පත්ව ඇති බවද ඔහු සඳහන් කළේය.
ඔහු පෙන්වා දුන්නේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අරගලය මර්දනය නොකළද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අරගලය සාර්ථකව මර්දනය කළ බවයි.
යම්කිසි තැනක වැරදීම් සිදුව ඇති බවත් ඒවා හඳුනා ගෙන, නිවැරදි කරගෙන දේශපාලනයේ ඉදිරියට යෑම තම අරමුණ බවත් ඔහු පැවසීය.
"දේශපාලනයේ සහ ජීවිතයේ කකුලෙන් අදින්නෙ නැති තැන් නැහැ නේද"? යනුවෙන් ඔහු විමසා සිටියේ තරුණ අමාත්‍යවරුන්ට ඇති අභියෝග පිළිබඳ අදහස් දක්වමිනි.