පළාත් පාලන මැතිවරණය 2023: ‘ඉතාම සරලයි. අප්‍රේල් 25 ඡන්දය පැවැත්වෙන්නේ නැහැ’

"ඉතාම සරලයි. ඉතාම පැහැදිලියි. අප්‍රේල් 25 ඡන්දය තියන්න බැහැ" යැයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි බීබීසී සිංහල සමග පැවසීය.

ඔහු සඳහන් කළේ පවතින වාතාවරණය තුළ මැතිවරණය පවත්වන දිනයක් සිතා ගැනිමට නොහැකි තත්ත්වයකට පත්ව සිටින බවයි.

ආණ්ඩුව විසින් පළාත් පාලන ඡන්ද විමසීම නැවැත්වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග අතර මැතිවරණයට අවශ්‍ය මුදල් ලබාදීම වැළැක්වීම ප්‍රමුඛතම ක්‍රියාමාර්ගයක් බවට පත්ව ඇතැයි ඔහු සඳහන් කළේය.

ඒ හරහා සමස්ත මැතිවරණ ක්‍රියාවලිය ම ඇනහිට ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

"මේ මොහොතේ පෙනී යන්නේ විධායකයට ඕනෑ වෙලාවේ තමා මේ රටේ මැතිවරණ තියන්නේ" යැයි ඔහු අවධාරණය කළේය.