ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
''අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය පොලීසිය තේරුම්ගත යුතුයි.'' - ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
සාමකාමී විරෝධතා විසුරුවා හැරීමට ක්‍රියා නොකර, අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දීම දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක ඉතා වැදගත් ලක්ෂණයක් බව පොලීසිය තේරුම් ගත යුතුව ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.
කොළඹ, ගාලු මුවදොර වැනි ප්‍රසිද්ධ ස්ථානයක විරෝධතාවක් සිදු කිරීමට නීතිමය අවහිරයක් නොමැති අතර ඒ සඳහා සහභාගීවන පුද්ගලයන් රැගෙන යන්නේ කවුරුන්ද යන්න බලධාරීන්ට තීරණය කළ නොහැකි බව ද ඔහු අවධාරණය කරයි.
මූලික අයිතිවාසිකම්, නීතිය සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් BBCය සමග පැවැත්වූ සංවාදයකදී අදහස් පළ කළේය.