ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: මල්වතු මහ නාහිමිගෙන් ජනපතිට ලිපියක්
රටේ පවතින දේශපාලනික අර්බුදය නිරාකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුව රැස් කර කඩිනම් තීරණයක් ගන්නා ලෙස මල්වතු පාර්ශවයේ මහ නාහිමි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර තිබේ.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඒ හිමියන් පෙන්වා දී ඇත්තේ, පාර්ලිමේන්තුව රැස් කර තීරණයක් ගැනීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව දේශපාලනික සදාචාරාත්මකභාවය ආරක්ෂා කර ගනිමින් නිසි පියවරක් ගත හැකි වනු ඇති බවය.
"රටේ ආර්ථිකමය, සමාජමය, දේශපාලනමය මෙන් ම ආගමික වශයෙන් මෙලෙස දිනෙන් දින පිරිහීම තුළින් රටේ පැවැත්ම ඉතා ඉක්මනින් බිඳ වැටෙන බව පැහැදිලි සත්‍යයක්" බව එම ලිපියෙහි සඳහන් කර තිබේ.
එම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.
මේ අතර, කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් සිකුරාදා පෙරවරුවේ පැවැත්විණි.
එහිදී එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බව වාර්තා වේ.