ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එම් කරුණානිධි: ඉන්දීය ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයා මියයයි
ජ්‍යෙෂ්ඨ ඉන්දීය දේශපාලනඥයකුවූ මුතුවේල් කරුණානිධි අභාවප්‍රාප්ත විය.
94 වෙනි වියේ පසුවූ ඔහු රෝගී වීම නිසා තමිල්නාඩුවේ චෙන්නායි හි ප්‍රතිකාර ලබමින් පසුවිය.
1969 සහ 2011 අතර කාලයේදී පස් වරක් තමිල්නාඩු මහ ඇමතිවරයා වූ කරුණානිධි, ඉන්දීය මධ්‍ය දේශපාලනයේ ප්‍රධාන චරිතයක් විණි. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණ 13ක් සඳහා ඉදිරිපත්ව ඇති ඔහු ඒ සැමෙකින් ම ජයගත්තේය.
නිසි පාසල් අධ්‍යාපනයක් නොලැබුව ද පසු කාලයේදී ඔහු දෙමළ සිනමාව තුළ සාර්ථක තිරපිටපත් රචකයෙකු විය.
කරුණානිධිගේ අභාවය හමුවේ ශෝකයට පත්ව විශාල වශයෙන් වීථි බැස සිටින ඔහුගේ අධාරකරුවන් හේතුවෙන් නොසන්සුන් තත්වයක් හටගනු ඇතැයි බිය පළ කළ පොලිසිය චෙන්නායි නුවර ආරක්ෂාව තර කර තිබේ.
චෙන්නායි හි කෞවෙරි රෝහල පැවසුවේ එරට වේලාවෙන් සවස 6.10ට කරුණානිධි අභාවප්‍රාප්ත වූ බවය.
සිය අවසානය තෙක් ක්‍රියාකාරී දේශපාලනයේ රැඳී සිටි ඔහු මෑතදී ප්‍රාන්ත සභාව සඳහා තරග වැදුනේ 2016 වසරේදීය. එවර ද කරුණානිධි තරග කළේ සිය දීර්ඝ කාලීන විරුද්ධවාදියා වූ පසුගිය වසරේ මියගිය ජයරාම් ජයලලිතා ට එරෙහිවය.
අනාගමිකයෙකු මෙන්ම හේතුවාදියෙකු ලෙස තමන්ව ම හඳුන්වාගන්නා ලද කරුණානිධි, 1940 ගණන්වල බ්‍රාහ්මීය කුලවාදයට එරෙහිව නැගුනු ද්‍රාවිඩ ව්‍යාපාරය මෙන්ම හින්දි භාෂා විරෝධයට දැක්වූ සිය දායකත්වය හරහා දේශපාලනික වශයෙන් ඉහළට නැගිණි.
ලේඛකයකු මෙන්ම විදග්ධ කථිකයකු ලෙස ප්‍රකට වූ ඔහු සිය ආධාරකරුවන් අතර දේවත්වයට සම සැලකුම් ලැබීය.
අගමැති නරේන්ද්‍ර මෝදි, මේ ජ්‍යෙෂ්ඨ නායකයා වෙත සිය උපහාරය යොමු කළේය.
මේ අතර #RIPKalignar යන හෑෂ්ටැගය යටතේ ට්විටර් පණිවිඩ එක්රැස්වෙමින් පවතී. කලෛඥර් යනු දෙමළ බසින් කලාකරු වන අතර සිනමාව හා සාහිත්‍යය වෙනුවෙන් කරුණානිධි දැක්වූ දායකත්වය අගයනු වස් එනමින් ඔහුව හැඳින්විණි.
කවුද මේ මුතුවේල් කරුණානිධි?
- 1924 ජුනි 03 - තමිල්නාඩුවේ නාගපට්ටිනම් දිස්ත්‍රික්කයේ තිරුකුවලයි ගම්මානයේ දී උපත ලැබීම.
- 1938 - සාධාරණය සඳහා පක්ෂයේ නායකයන්ගෙන් ආභාෂය ලබමින් ඉතා තරුණ වියේදීම දේශපාලනයට උනන්දුවක් දැක්වීම.
- 1941 - තමිල්නාඩුවේ දෙමළ ශිෂ්‍ය සමාජය නමින් ශිෂ්‍ය කණ්ඩායමක් ආරම්භ කිරීම.
- 1944 සැප්තැම්බර් - පද්මාවතී සමග විවාහවීම. ඔවුන්ගේ පුතා එම් කේ මුතු නම් වෙයි.
- 1948 සැප්තැම්බර් - පළමු බිරිඳගේ අභාවයෙන් පසු දයාලු අම්මල් සමග විවාහවීම. එම් කේ ස්ටාලින්, එම් කේ තමිලරසි, එම් කේ අසගිරි සහ සෙල්වි ඔවුන්ගේ දරුවන් සිව් දෙනාය.
- 1950 - 'මන්ත්‍රීකුමාරි' චිත්‍රපටය එළිදැක්වීම. එහි පිටපත් රචකයා කරුණානිධිය.
- 1952 - කරුණානිධි විසින් පිටපත ලියන ලද 'පරශක්ති' චිත්‍රපටය එළිදැක්වීම. පසුව දෙමළ සිනමාවේ තාරුකාව බවට පත් සිවාජි ගනේෂන් මුලින්ම රඟපෑවේ එම චිත්‍රපටයේය.
- 1957 - පළමු වරට තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්වීම.
- 1962 - තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ විපක්ෂයේ නියෝජ්‍ය නායකයා වශයෙන් තේරී පත්වීම.
- 1963 - ඉන්දීය ව්‍යවස්ථාවේ පිටපතක් ගිනි තැබීමේ වරදට හය මසක සිරදඬුවමක් නියමවීම.
- 1967 - DMK පක්ෂය ප්‍රාන්තයේ බලයට පත්වීමත් සමග ප්‍රාන්තයේ ඇමති පදවියකට පත්වීම.
- 1969 පෙබරවාරි 10 - පක්ෂයේ නායක සී එන් අන්නාදුරෙයිගේ අභාවයෙන් පසුව ප්‍රාන්තයේ මහ ඇමති පදවියට පත්වීම.
- 1969 ජුලි - DMK පක්ෂයේ නායකත්වයට පත්වීම.
- 1972 ඔක්තෝබර් - DMK පක්ෂයෙන් ඉවත් වූ එම් ජී රාමචන්ද්‍රන් AIADMK නමින් වෙනම පක්ෂයක් පිහිටුවීම
- 1986 - ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලුව සම්බන්ධයෙන් TESO සම්මන්ත්‍රණය පැවැත්වීම.
- 1989 - එම් ජී රාමචන්ද්‍රන්ගේ අභාවයෙන් පසු කරුණානිධි තුන්වෙනි වරටත් තමිල්නාඩුවේ මහ ඇමති පදවියට පත්වීම.
- 2001 - මැතිවරණයෙන් පරාජයවීමෙන් පසු ජයලලිතා පාලනය විසින් කරුණානිධි අත්අඩංගුවට ගැනීම.
- 2006 - පස් වෙනි වතාවටත් ප්‍රාන්තයේ බලයට පත්වීම.
- 2013 - සිය පුත් ස්ටාලින් සිය දේශපාලන අනුප්‍රාප්තිකයා වශයෙන් නම් කිරීම.
- 2014 -2016: 2014 පාර්ලිමේන්තු මැතිවරණය සහ 2016 ප්‍රාන්ත මැතිවරණය පරාජය වීම.